Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලුණුවිල දී ගිංඔයට කඩා වැටුනු හෙලිකොප්ටර් යානයේ සහයක නියමුවාගෙන් අධිකරණයට ප්‍රකාශයක්
    Featured

    ලුණුවිල දී ගිංඔයට කඩා වැටුනු හෙලිකොප්ටර් යානයේ සහයක නියමුවාගෙන් අධිකරණයට ප්‍රකාශයක්

    By LFNDecember 10, 2025No Comments2 Mins Read132 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයේදී ගිං ඔයට කඩා වැටුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 ගුවන් යානයේ කාර්මික දෝශයක් පැවති බවට තමන්ට සහ ප්‍රධාන ගුවන් නියමුවාට වැටහුණු බව අදාළ යානයේ සහාය ගුවන් නියමු ලෙෆ්ටිනන් එරංග චාමර ඒකනායක අධිකරණය හමුවේ සඳහන් කළේය.

    ඒ එම ගුවන් යානය කඩාවැටී එහි ප්‍රධාන ගුවන් නියමුවා මරුමුවට පත්වීම සම්බන්ධයෙන් වූ නීති කෘත්‍ය මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේදීය.

    විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයකින් මෙහෙයුම් සිදුකරමින් සිටින අතරතුර එය වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයේදී අවාසනාවන්ත ලෙස ගිංඔයට කඩාවැටුණේ ඉකුත් නොවැම්බර් 30 වැනිදාය.

    අනතුරෙන් ප්‍රධාන ගුවන් නියමු වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය නමැති 41 හැවිරිදි නිලධාරියාට දිවි අහිමි වුණි.

    යානය කඩාවැටීමට අදාළ නීති කෘත්‍ය මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ විභාගයට ගැනුණි.

    එහිදී අධිකරණය ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් අනතුරට පත් හෙලිකොප්ටර් යානයේ සහායක ගුවන් නියමු ලෙෆ්ටිනන් එරංග චාමර ඒකනායක මෙලෙස ප්‍රකාශ කළේය.

    ”ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ලද නියෝගයකට අනුව විපතට පත්වූවන්ට වියළි ආහාර ලබාදීමට පසුගිය 30 වැනිදා හවස 5ට විතර අපි කටුනායක ගුවන් හමුදා කඳවුරෙන් බෙල් 212 හෙලිකොප්ටර් යානයෙන් ගුවන්ගත වුණා. වෙන්නප්පුවට ඉහළ අහසේ සිට යානය තරමක් පහත් කරනවාත් සමඟම ගිං ඔය පාලම මත සහ ඒ අවට සිටි පිරිස් දෑත් වනමින් අධාර ඉල්ලා සිටියා. පාලම මතට හෝ මාර්ගය මතට යානය ගොඩබැස්සවීමට හැකියාව තිබුණේ නැහැ. ඊට හේතුව පාලම මත විශාල පිරිසක් සිටීම සහ ඒ අසළින් අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් පැවතීමයි. කෙසේවෙතත් අපි එහිදී අත වනමින් සිටි ජනතාවට වියළි ආහාර සහිත පැකට් පාර්සලයක් මුදාහැරියා. සුදුසු ස්ථානයක යානය ගොඩබැස්වීමට උත්සාහ කළ අවස්ථාවේදී එහි කාර්මික දෝශයක් පවතින බවට ප්‍රධාන ගුවන් නියමු නිර්මාල් සියඹලාපිටියට සහ මට හැඟීගියා. ආපදාවක් නොමැතිව සුදුසු ස්ථානයකට ගොඩබැස්වීමට උත්සාහ කරමින් ප්‍රධාන ගුවන් නියමුවා යානය හරවනවාත් සමගම එය එක්වරම ගිං ඔයට කඩාවැටුණා. මහත් පරිශ්‍රමයකින් ඉන් පිටතට පැමිණි මමත් සෙසු ගුවන් හමුදා සාමාජිකයින් තිදෙනාත්, සිරවී සිටි ප්‍රධාන ගුවන් නියමුවාගේ බඳ පටි ඉවත් කර කඩිනමින් ඔහු මාරවිල මූලික රෝහලට පිටත්කර යැව්වා”

    ඉදිරිපත් වූ සාක්ෂි සළකා බැලූ මාරවිල මහේස්ත්‍රාත් දිනිඳු සමරසිංහ මහතා විමර්ශන තවදුරටත් විධිමත් කරන ලෙසට උපදෙස් ලබාදුන් අතර විමර්ශනවල ප්‍රගතිය විමසීම සඳහා නඩුව නැවත කැඳවීමටද නියෝග කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,478 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202607 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.