Author: LFN

පසුගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය නිල්වලා ගඟ ආශ්‍රිතව අකුරැස්ස ප්‍රදේශයට ඇදහැලී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමණාකරණ) ඉන්ජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා පැවසීය. අද (5) පෙරවරුවේ නිවේදනයක් නිකුත්කරමින් ඔහු පවසා සිටියේ, මී.මී. 125කට ආසන්න වැස්සක් එම ප්‍රදේශයට ඇදහැලී ඇති බවය. කෙසේ නමුත් අනෙකුත් බොහෝ ප්‍රදේශවලට සාමාන්‍ය වර්ෂාපතනයක් ඇදහැළුණු බවත්, ගංගාවල ජල මට්ටමේද ලොකු වැඩිවීමක් නොපෙන්වන බවත් හෙතෙම පැවසීය. එමෙන්ම ඒ අනුව අනෙක් ප්‍රදේශවලට වර්ෂාව නොමැතිවීම තුළ ගංගාවල ජල මට්ටම් වැඩිවීමක් නොමැති බවත් පෙන්වා දුන්නේය. මේ අතර වැව් පද්ධතියේ අනතුරුදායක වාන් දමන තත්ත්වයක් නොමැති බවත්, බොහෝ වැව් වාන් මට්ටමේ හෝ සාමාන්‍ය ප්‍රමාණයකින් වාන් දමමින් තිබෙව බව…

Read More

ව්‍යාජ හැඳුනුම්පත් ඇතුළු ව්‍යාජ ලේඛන සකස් කළ පානදුර ප්‍රදේශයේ පුද්ගලයෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකට අදාළව මෙම පුද්ගලයාව 2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනතේ 124 වගන්තිය උල්ලංඝනය කරමින් කටයුතු කිරීම හේතුවෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත්ව ඇත්තේ පානදුර, ගොරකපොළ ප්‍රදේශයේ පුද්ගලයෙකි. අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් දුම්රිය මාසිකවාර ප්‍රවේශ පත්‍රයෙන් මෙලෙස ලංගම බස් රථවල ගමන්කිරීමට අවස්ථාව සලසා දුන් බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පැවසීය. ඒ අනුව ශ්‍රී ලංකා ගමනාගමණ්ඩලයේ අධි සුඛෝපභෝගී බස්රථ හැර අනෙකුත් සාමාන්‍ය බස්රථවල දුම්රිය මාසික ප්‍රවේශ පත්‍රය භාවිතයෙන් ප්‍රවාහන පහසුකම් ලබාගත හැකිය. මේ සම්බන්ධයෙන් බස්රථ සේවකයින් සහ කණ්ඩායම් දැනුවත් කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

පලස්තීනයේ ඛාන් යුනිස් ප්‍රදේශයට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අවතැන් වූ පුද්ගලයින් රැදී සිටි ප්‍රදේශයක් වන අල් නජාත් වෙත මෙම ගුවන් ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් අතර ළමුන් දෙදෙනෙකු ද වන බව සඳහන් වේ. එමෙන්ම මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 32ක් තුවාල ලබා රෝහල් ගත කර ඇත.

Read More

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු රජයේ අමාත්‍යාංශ සෘජුව වගකීම දරන්නේ රජය විසින් හඳුන්වා දුන් එම ගිණුම් සඳහා යොමු කරන මූල්‍යමය පරිත්‍යාග සඳහා පමණක් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත. මූල්‍යමය ආධාර භාර ගන්නා වෙනත් සංගමයක හෝ පුද්ගලයකුගේ ගිණුම් අංක සඳහා තම අමාත්‍යාංශය එකඟතාවක් හෝ අනුමැතියක් ලබා දී නොමැති අතර එම මූල්‍යමය පරිත්‍යාගවල වගකීම අදාළ සංගම් හෝ පුද්ගලයන් විසින් දරනු ඇති බව ද එහි වැඩිදුරටත් සඳහන්. අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ අසීරු අවස්ථාවේ ජනතාව විසින් සිදු කරන දායකත්වය අගය කරන අතර සිසුන් වෙනුවෙන් සිදු කරන මූල්‍යමය පරිත්‍යාගවලදී එහි වගකීම් සහගත බව පිළිබඳ සැලකිලිමත් වන ලෙසය. රටේ පැවැති අයහපත් කාලගුණ…

Read More

බස්නාහිර පළාත් කසළ කළමනාකරණ කමිටු රැස්වීම අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ (04) අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී ආපදා තත්ත්වය හේතුවෙන් ගොඩගැසුණු කසළ ක්‍රමවත්ව ඉවත් කර පිරිසිදු කිරීම් සති තුනකින් අවසන් කළ යුතු බව අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය. මෙම වැඩපිළිවෙළේදී ගොඩගැසෙන කසළ ඉක්මනින් ඉවත් කර ගැනීමට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු කෙරවලපිටිය පිහිටි භූමියෙන් අක්කර පහක ඉඩම ලබා දී ඇති බැවින්, ඒ අනුව දැනට ගොඩගැසෙන කසළ ගැටලුවකින් තොරව ඉවත් කර ගැනීමට හැකි බව කමිටුව තීරණය කරන ලදී. එම ඉඩමේ ගබඩා වන කසළ ක්‍රමවත්ව ඉවත් කිරීමටද එහිදී අදාළ ආයතන එකඟ වී ඇත.

Read More

සමස්ත දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ආපදා මරණ සංඛ්‍යාව 486ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (4) පස්වරුවේ පැවසීය. පසුගිය නොවැම්බර් 16වනදා සිට අද ප.ව. 7.00 දක්වා කාලය තුළ දත්ත මත මෙම නිවේදනය නිකුත්කර ඇත. එම නිවේදනයට අනුව පුද්ගලයින් 341ක් තවමත් අතුරුදන්ව සිටියි. එමෙන්ම පවුල් 51,023ක පුද්ගලයින් 171,778ක් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථානයන්හි රැඳී සිටින බවත් එම නිවේදනයේ දැක්වේ.

Read More

රට පුරා ජීවිත බිලිගෙන, දහස් ගණනක් අවතැන් කළ විනාශකාරී සුළි කුණාටුව සහ ගංවතුර තත්ත්වයෙන් මෙරට ආර්ථිකයට වූ හානිය අවම කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සූදානමින් පසුවේ. මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් IMFහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් මේ බව පැවසීය. ව්‍යසනයේ මානුෂීය, සමාජීය සහ ආර්ථික බලපෑම ඇගයීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන්, සංවර්ධන හවුල්කරුවන් සහ අනෙකුත් සගයන් සමග සමීපව කටයුතු කරන බවත් ඇය මෙහිදී ප්‍රකාශ කළාය. “සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ පීඩාවට පත්ව තිබේ. එම පදනම මත මිනිස් ජීවිත හානිවලට අමතරව ආර්ථික ක්‍රියාකාරකම්වලටත් අහිතකර ලෙස බලපානු ඇතැයි අපි අපේක්ෂා කරනවා” ලෙසින් එහිදී ඇය සඳහන් කළාය. ශ්‍රී ලංකාව දැනට එහි හවුල්කරුවන් සමග…

Read More

‘Rebuilding Sri Lanka’අරමුදලට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් රුපියල් මිලියන 635කට ආසන්න මුදලක් මේ වනවිට ලැබී ඇති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු පවසා සිටියේ, ලංකා බැංකුව යටතේ ක්‍රියාත්මක ගිණුම හරහා තැන්පතු (transaction) 30,470කට අධික ප්‍රමාණයක් මේ වනවිට සිදුව ඇති බවය. එමෙන්න ශ්‍රී ලංකා මහ බැංකුව තුළ ක්‍රියාත්මක විදෙස් මුදලින් තැන්පත් කළ හැකි ගිණුම් හරහා මෙම අරමුදලට රුපියල් මිලියන 61කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බවත් ඔහු පැවසීය. රටවල් 33කින් අදාළ ගිණුම්වලට මෙම මුදල් ලැබී තිබේ. ඒ අනුව ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 700කට ආසන්න බව ලැබී ඇති බව…

Read More

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (05) දින පස්වරු 6ට සිදුකිරීමට නියමිතය. අද දිනයේ පාර්ලිමේන්තුවේ කටයුතු පෙරවරු 9ට ආරම්භ වන අතර, විවාදයෙන් අනතුරුව මෙලෙස පස්වරු 6.00ට ඡන්ද විමසිම පැවැත්වීමට නියමිතය. 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව පසුගිය නොවැම්බර් 7 වනදා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඉකුත් නොවැම්බර් 14 වනදා 2026 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැති අතර එය වැඩි ඡන්දයෙන් සම්මත වුණි. එහිදී අයවැය ට පක්ෂව ඡන්ද 160ක් සහ විරුද්ධව ඡන්ද 42ක් හිමිවූ අතර 8 දෙනෙකු ඡන්දය ලබාදීමෙන් වැළකී…

Read More