Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආපදාවෙන් සිදුවූ වගා හානි සම්බන්ධව හෙළිදරව්වක්
    Featured

    ආපදාවෙන් සිදුවූ වගා හානි සම්බන්ධව හෙළිදරව්වක්

    By LFNDecember 8, 2025No Comments2 Mins Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පසුගියදා සිදුවූ අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මෙරට සිදුවූ වගා හානි සම්බන්ධව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා අද විශේෂ දැනුවත් කිරීමක් සිදුකරනු ලැබීය.

    එහිදී ලේකම්වරයා පැවසුවේ ආපදා තත්ත්වය හේතුවෙන් කුඹුරු හෙක්ටයාර 108,000ක ප්‍රමාණයක් ද, බඩඉරිඟු හෙක්ටයාර 6,600 ක්, උඩරට සහ පහතරට එළවළු වගා අතුරින් හෙක්ටයාර 6,143ක් මෙන්ම අනෙකුත් භෝග 11,000ක ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවය.

    මෙම විනාශ වූ සමස්ත වගා හානි සඳහා කඩිනමින් වන්දි ලබා දීමේ ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර ඇතැයිද කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා,

    “මෙරට කුඹුරු වගාවන් හෙක්ටයාර් 615,000ක් වගා කර තිබූණා එයින් හෙක්ටයාර් 108,000ක ප්‍රමාණයක් පූර්ණ වශයෙන් හානියට ලක්වෙලා තියෙනවා. බඩඉරිඟු හෙක්ටයාර් 87,474ක් වගා කරලා තිබුණා ඒකෙන් හෙක්ටයාර් 6,600 ක ප්‍රමාණයක් විනාශයට පත්වෙලා තියෙනවා. අනෙකුත් ක්ෂේත්‍ර භෝග ගත්තාම හෙක්ටයාර් 27,600ක ප්‍රමාණයක් අපි වගා කරලා තියෙනවා ඒකෙන් 11,000 ක ප්‍රමාණයක් පූර්ණ වශයෙන් විනාශට ලක්වෙලා තියෙනවා.

    එළවළු ගත්තාම උඩරට හෙක්ටයාර් 5,893කින් 2,613ක් සම්පූර්ණ වශයෙන් හානියට පත්වෙලා තියෙනවා. පහතරට එළවළු ගත්තාම හෙක්ටයාර් 8,990කින් හෙක්ටයාර් 3, 530ක් සම්පූර්ණ වශයෙන් විනාශයට පත්වෙලා තියෙනවා. මේ ගොවිබිම්වල වගා කරලා තියෙන දරන ලද වියදමත්, එ් ගොවිබිම් නැවත වගාබිම් බවට පරිවර්ථනය කිරීම සඳහාත් තමයි මුදල් අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛණයක් මගින් මුදල් වෙන් කිරීමේ ක්‍රමවේදයක් ලබා දීලා තියෙන්නේ.

    ඒ අනුව කුඹුරු හෙක්ටයාර් 1ක් සඳහා රුපියල් එක්ලක්ෂ පනස්දහසක වන්දි මුදලක් සහ බඩඉරිඟු සහ අනෙකුත් භෝග සඳහාත් හෙක්ටයාරයකට රුපියල් එක්ලක්ෂ පනස්දහසක මුදලකුත් එළවළු සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ දෙකකුත් ලබා දීමට කටයුතු කරමින් පවතිනවා.

    මේ සඳහා මූලික කටයුතු මේ වන විට කරමින් පවතිනවා. ඇතැම් ගොවි මහතුන් මේ වන විටත් වගා බිම් කටයුතු නැවත ආරම්භ කරලා තියෙනවා මේ සියලු දෙනාම සැලකිල්ලට ගනිමින් මේ අනුමත මුදල් කඩිනමින් ලබා දීමට අපි කටයුතු කරමින් පවතිනවා. මේකෙදි යම්කිසි ගොවි මහතෙකුට යම් ප්‍රමාදයක් වගේ පේනවානම් ඔවුන්ට කෙලින්ම පුළුවන් අපගේ 1918 ක්ෂණික දුරකථන අංකයට කතා කරලා තොරතුරු කියන්න. ”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202607 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.