Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මියගිය හෝ අතුරුදන් වූ පුද්ගලයින්ගේ මරණ ලියාපදිංචි කිරීමට පියවර
    Featured

    මියගිය හෝ අතුරුදන් වූ පුද්ගලයින්ගේ මරණ ලියාපදිංචි කිරීමට පියවර

    By LFNDecember 9, 2025No Comments2 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    “දිට්වා” සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් සිදුවූ නායයෑම් සහ ගංවතුර නිසා මරණයට පත්වූ හෝ අතුරුදන් වූ පුද්ගලයින්ගේ මරණ ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය වන නීතිමය ප්‍රතිපාදන මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බව රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මෙම ව්‍යවසනයෙන් යම් පුද්ගලයෙකුගේ, ඥාතියෙකු හෝ හිත මිතුරන් අතුරුදහන්ව ඇති බවට වාර්තා වී ඇතිනම් එම අතුරුදන් වූ තැනැත්තන්ගේ මරණ ලියාපදිංචිය සඳහා අවශ්‍යමය නීතිමය ප්‍රතිපාදන සකසා ඇති බවය.

    ජාතික ව්‍යවසන පාත්‍ර ප්‍රදේශ, පරිපාලන දිස්ත්‍රික්ක වශයෙන් මරණ ලියාපදිංචි කිරීමේ තාවකාලික විධිවිධාන පනතට අනුව දෙසැම්බර් මස 2වන දින අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර ඇති බව රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අනුව මෙම ව්‍යසනය යටතේ අතුරුදන් වූ තැනැත්තෙකුගේ මරණය ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලා සිටින්නේ යම් තැනැත්තෙකුගේ ද ඒ තැනැත්තා පුරුද්දක් ලෙස වාසය කළ ප්‍රදේශයේ ග්‍රමනිළධාරී වෙත තොරුතුරු සහිත ඉල්ලුම් පත්‍රයක් සහ එම කරුණු තහවුරු කරනු ලබන දිවුරුම් ප්‍රකාශයක් සමග ඉදිරිපත් කරළ යුතු වේ.

    ග්‍රාම නිළධාරීවරයා විසින් ප්‍රාදේශීය ලේකම්වරයා වෙත මෙම ඉල්ලීම ඉදිරිපත් කරන අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ ආදාළ ග්‍රාමනිළධාරී කාර්යාලයේ සති දෙකක් කාලයක් විරෝධතා සඳහා එය ප්‍රදර්ශනය කළ යුතු බව රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    විරෝධතා නොමැතිනම් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් අනුමැතිය සඳහා රෙජිස්ටාර් ජනරාල් විසින් බලය පවරන ලද කලාප භාර නියෝජ්‍ය හෝ සහකාර රෙජිස්ටාර් ජනරාල් වෙත ඉදිරිපත් කළ යුතු වේ.

    විරෝධතා ඉදිරිපත් වුවහොත් ඒ සඳහා පරීක්ෂණයක් සිදුකර සුදුසු කටයුතු සිදුකිරීමට උපදෙස් ලබා දී ඇති බව රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි.

    මේ යටතේ යම් පුද්ගලයෙකු දක්නට නොමැති බවට වූ සහතිකයක් ඉල්ලීම් කර ඇති විට ඉහත පරිදි අයදුම්පත් බාරගෙන නිසි පරීක්ෂණ කටයුතු සිදුකර ප්‍රාදේශීය ලේකම්වරයා විසින් දක්නට නොමැති බවට වූ සහතිකයක් නිකුත් කිරීමට ද උපදෙස් ලබා දී ඇති බව රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

    මේ අතර පසුගියදා පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ලේඛන රැසක් ජල හානියට පත්ව ඇති බව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

    එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නදීරා රූපසිංහ මහත්මිය සදහන් කළේ එහිදී වැඩිම හානියක් සිදුව ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයට බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.