Close Menu
Lanka Focus News
    What's Hot

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආපදාවට පත් හලාවත රෝහල නැවත දැනුම්දෙනතුරු තාවකාලිකව වසා දමයි
    Featured

    ආපදාවට පත් හලාවත රෝහල නැවත දැනුම්දෙනතුරු තාවකාලිකව වසා දමයි

    By LFNDecember 1, 2025No Comments1 Min Read146 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඇද හැලුණු මහ වැසි සමග ආපදාවට පත් හලාවත මහ රෝහල නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දැමීමට පියවර ගන්නා බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා පවසයි.

    රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියේ රෝහල මේ වන විටත් ජලයෙන් යටවී ඇති බවත් මේ වන විටත් රෝහල අඩි පහකට වඩා ජලයෙන් පිරී ඇති බවත්ය.

    මේ හේතුවෙන් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගනිමින් සිටි අසාධ්‍ය රෝගීන් ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා මගින් කොළඹ හා පුත්තලම රෝහල් වෙත පිටත් කර යැවූ බවත් ඒ සමග අනෙක් රෝගීන් ගංවතුර මට්ටම් යම් තරමින් පහව යාමත් සමග නාවික හමුදාව හා යුධ හමුදාව මැදිහත්ව වාරියපොල හා කුරුණෑගල රෝහල් වෙත යැවීමටද කටයුතු කළ බවත් රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසීය.

    එමෙන්ම ජලයෙන් යටවීමත් සමග රෝහලේ සීටී ස්කෑන් යන්ත්‍රයට පවා හානි සිදුව ඇති බවත් වාට්ටු ජලයෙන් පිරී යාමත් සමග බරපතල ගැටළු රැසකට මුහුණ දෙන්නටද සිදුවූ බවත් රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.

    ඒ අනුව රෝහල නැවත යථා තත්ත්වයට පත් කිරීමෙන් පසුව යළි විවෘත කිරීමේ හැකියාව ඇති බවත් ඒ සඳහා ගතවන දින වකවානුවක් පැවසිය නොහැකි බැවින් යළි දැනුම්දෙන තුරු කිසිදු රෝගියෙකු හලාවත මහ රෝහලට රැගෙන ඒමෙන් වළකින ලෙසත් රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 202603 Views

    මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවන රන්දෝලි පෙරහර අද (25) වීථි සංචාරය කිරීමට…

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.