Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලයක් ස්ථාපිත කිරීමට ජනපතිගෙන් උපදෙස්
    Featured

    අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලයක් ස්ථාපිත කිරීමට ජනපතිගෙන් උපදෙස්

    By LFNNovember 30, 2025No Comments1 Min Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු වෙනුවෙන් අත්‍යවශ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍ය කාර්යාලය කේන්ද්‍ර කර ගනිමින් ‘අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලයක්’ ස්ථාපිත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දී තිබේ.

    රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය, නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය යන කේන්ද්‍රීය අමාත්‍යාංශ සහ ඒ යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය, විදුලිබල මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන මණ්ඩලය යන ආයතන මෙන්ම ත්‍රිවිධ හමුදාව නියෝජනය කරන නිලධාරීන් කණ්ඩායමක් එම මධ්‍යස්ථානයේ රාජකාරි කටයුතු සඳහා අනුයුක්ත කිරීමට නියමිත අතර එම ආයතනවල සියලුම විෂයන් සඳහා සම්බන්ධීකරණ හා පහසුකම් සපයන ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස එහි කටයුතු ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ ආපදා තත්ත්වය පහව යාමත් සමග ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමට අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202608 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.