Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ පුරප්පාඩුව පැවති දුම්රිය රියදුරු සහ නියාමක යන තනතුරු වෙනුවෙන් විවෘත තරග විභාගයන්ගෙන් සුදුසුකම් ලත් පිරිසක් වෙනුවෙන් පත්වීම් ලිපි ලබාදීම ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අතින් සිදු කෙරිණි. දුම්රිය දෙපාර්තමේන්තුවේ කලක පටන් පුරප්පාඩුව පැවති රියදුරු තනතුර වෙනුවෙන් නවක රියදුරන් 85ක් සහ නියාමකවරුන් 06ක් වෙනුවෙන් මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පත්වීම් ලිපි ලබාදෙන ලදී. එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ සහතිකවලට සීමාවූ උගත්කම්වලින් රටට හා ජනතාවට ප්‍රයෝජනයක් නොමැති බවය. එමෙන්ම වර්තමානයේ දෛනිකව අවලංගු වන දුම්රිය ගමන්වාර ගණන වැඩි වී ඇති බවත් දුම්රියක් අවලංගු කිරීම සමාජයට වගේම පුද්ගලිකව ජනතාව විශාල පාඩුවක් වන බවත් එහිදී ඔහු…
ලොරි රථයක් සොරකම් කර පලා යමින් සිටි සැකකරුවෙකු අතින් සිදුවූ අනතුරු දෙකකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ. මෙම සිදුවීම ඊයේ (15) රාත්‍රියේ කඳාන පොලිස් වසමේ මාරියා මාවත ප්‍රදේශයේදී සිදුව ඇති බව පොලීසිය පැවසීය. ව්‍යාපාරිකයෙකු සිය නිවසේ නවතා තිබූ ලොරි රථයක් සොරකම් කර යම් අයෙකු පලා ගොස් ඇති අතර පසුව එම ලොරි රථය පසුපස රථයේ හිමිකරු හා ඔහුගේ සේවකයින් විසින් ලුහුබැඳ තිබේ. එහිදී සැකකරු ලොරි රථය නොනවත්වා පලා යමින් සිටියදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක්ද අනතුරට ලක් කර පලා යමින් සිටියදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි තවත් යතුරුපැදියකද ගැටී අනතුරුව ලොරි රථය අසල පිහිටි තාප්පයක ගැටී මාර්ගයේ පෙරළි…
දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. රෝගී තත්වයක් හේතුවන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අද (16) අලුයම මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත. මිය යන විට ඒ මහතා 62 වියේ පසුවූ අතර මිය යන විට ඒ මහතා ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු ලෙසද කටයුතු කර ඇත. බන්දුල හරිස්චන්ද්‍ර මහතා රාජ්‍ය දෙපාර්තමේන්තු කිහිපයක ප්‍රධානියෙකු, දිස්ත්‍රික් ලේකම්වරයෙකු මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරයෙකු ලෙසද කටයුතු කර ඇත.
මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට සැකකෙරෙන වියළි මිරිස් තොගයක් ගබඩා කර තිබු වත්තල ප්‍රදේශයේ ගබඩාවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මුද්‍රා තබා තිබේ. විදේශයක සිට ආනයනය කෙරුණු මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට සැකකෙරෙන වියළි මිරිස් තොගයක් ගබඩාවක ඇති බවට පාරිභෝගික අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව එම අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් වැටලීම් අංශය විසින් මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්ය. වත්තල, ඇලකන්ද ප්‍රදේශයේ පිහිටි අදාළ ගබඩාව පරික්ෂාවට යන විටත් එය වසා දමා පැවති අතර උපාය දූතයෙකු යොදවා ගබඩාව විවෘත කර ගැනීමෙන් අනතුරුව පරික්ෂා කළ බව පාරිභෝගික අධිකාරිය සඳහන් කළේය. එම ගබඩාව තුළ කිලෝග්‍රෑම් 25 බැගින් වූ මළු 30ක් තුළ මිරිස් තොගය ගබඩා කර තිබූ අතර…
2025 වසරේ මුල් මාස 10 සඳහා සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 2,659ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2025 ඔක්තෝම්බර් මාසයේ දී වාර්තා ඇති සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 186.1කි. මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ 2024 මුල් මාස 10හි සංචාරක ඉපැයීම් ප්‍රමාණය වූ ඩොලර් මිලියන 2,533.7 හා සැසඳීමේ දී මෙය 4.9%ක වර්ධනයක් බවයි. සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛනවලට අනුව 2025 ජනවාරි සිට නොවැම්බර් 12 දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,972,957කි. ඒ අතරින් සංචාරකයින් 443,622ක් ඉන්දියාවෙන්, 180,59ක් එක්සත් රාජධානියෙන්, 144,308ක් රුසියාවෙන්, 123,053ක් ජර්මනියෙන් සහ 115,400ක් චීනයෙන් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය. නොවැම්බර් මාසයේ…
උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට අද (16) දිනයේ මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවය. එමෙන්ම දිවයිනට නැගෙනහිර දෙසින් වන පහළ වායුගෝලයේ කැලඹිලි තත්ත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතී. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.…
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාද වීම සම්බන්ධයෙන් සහ සමස්ත ව්‍යාපෘතිය ප්‍රමාද වීම හේතුවෙන් ඇති වූ තත්ත්වයන් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අවධානය යොමුව තිබේ. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 2022, 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට එම කාරක සභාව රැස් වූ අවස්ථාවේ මේ පිළිබඳ සාකච්ඡා කර ඇත. ශ්‍රී ලංකා වරාය අධිකාරිය පසුගිය සැප්තැම්බර් 10 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට කැඳවා 2022, 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සිදු වූ අතර එදින සාකච්ඡා කිරීමට නොහැකි වූ කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම මෙදින කාරක සභාවේදී සිදු විය. කොළඹ වරායේ…
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම නිවේදනය අද (15) රාත්‍රී 11.00 දක්වා වලංගු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දකුණු සහ ඌව පළාත්වලත් කළුතර, රත්නපුර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ටින් මාළු සඳහා පැවති උපරිම සිල්ලර මිල ගණන් සංශෝධනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 2024 වසරේ දෙසැම්බර් මස 27 වනදා නිකුත් කළ ගැසට් නිවේදනය සංශෝධනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා විසින් අද (15) දිනයේ සිට ක්‍රියාත්මකවන පරිදි මෙම නව ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව ටූනා, ශුද්ධ බර ග්‍රෑම් 155ක ටින් මාළු උපරිම සිල්ලර මිල රුපියල් 165ක් විය යුතු අතර, ශුද්ධ බර ග්‍රෑම් 425ක ටින් මාළු උපරිම සිල්ලර මිල රුපියල් 380ක් විය යුතු බව එහි සඳහන්ය. ශුද්ධ බර ග්‍රෑම් 155ක මැකරල් ටින්මාළු මිල රුපියල් 210ක් සහ ශුද්ධ බර ග්‍රෑම් 425ක මැකරල් ටින් මාළු…
ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී ඊයේ (14) රාත්‍රියේ ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 16 ක් වූ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බව ගම්පොල පොලීසිය පවසයි. ඒ සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ, ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවටය. සැකකරු හදුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.