Close Menu
Lanka Focus News
    What's Hot

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»යෝෂිතගේ ඩේසි ආච්චි ගැන මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට නියෝගයක්
    Featured

    යෝෂිතගේ ඩේසි ආච්චි ගැන මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට නියෝගයක්

    By LFNNovember 27, 2025No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නඩුවකට පෙනී සිටීම සඳහා යෝෂිත රාජපක්ෂ මහතාගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් සුදුසු මානසික තත්ත්වයකින් පසු වන්නේදැයි පරික්ෂා කර බලා මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

    රුපියල් මිලියන 73 කට ආසන්න වත්කම් හා දේපළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණියට එරෙහිව නඩුවක් ගොනු කර තිබුණි.

    නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවු අතර එහිදි ඇප මත මුදාහැර සිටින යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන අය අධිකරණය හමුවේ පෙනී සිටියාය.

    නඩුව මීට පෙර කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ඩේසි ෆොර්ස්ට් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් සිය සේවාදායිකාව 98 හැවිරිදි තැනැත්තියක් බවත් ඇය ඩිමෙන්ෂියා සහ ඇල්සයිම රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බවත් නඩුවේ විත්ති වාචකය ඉදිරිපත් කිරීමට තරම් ඇයට යහපත් මානසික තත්ත්වයක් නොමැති බවට 2017 වසරේ ගංගොඩවිල දිසා අධිකරණයට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර ඇති බව සඳහන් කළේය.

    ඒ අනුව විත්තිකාරියට එරෙහි නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවත් ඇය ඉන් ඉවත් කිරීම සුදුසු බවත් ජනාධිපති නීතිඥවරයා මීට පෙර අධිකරණයෙන් ඉල්ලීම් කර තිබුණි.

    අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම්දීම සඳහා නඩුව ඊයේ (26) කැඳවු අතර එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, විත්තිය ඉදිරිපත් කළ ඉල්ලීම සලකා බැලීම සදහා විත්තිකාරිය නඩු විභාගයකට පෙනී සිටීමට සුදුසු මානසික තත්වයක පසු වන්නේදැයි කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා මාර්ගයෙන් විශේෂඥ මානසික වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට අවශ්‍ය බව පෙන්වාදුන්නේය.

    ඉදිරිපත් වූ කරුණ සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා, නඩුවකට පෙනී සිටීම සඳහා ඩේසි ෆොරස්ට් යන අය සුදුසු මානසික තත්ත්වයකින් පසු වන්නේදැයි පරික්ෂා කර බලා මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට නියෝග කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 202604 Views

    මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවන රන්දෝලි පෙරහර අද (25) වීථි සංචාරය කිරීමට…

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.