Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»උතුරුමැද පළාතේ රෝහල්වල ප්‍රගතිය සමාලෝචනය කෙරේ
    Featured

    උතුරුමැද පළාතේ රෝහල්වල ප්‍රගතිය සමාලෝචනය කෙරේ

    By LFNNovember 14, 2025No Comments2 Mins Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උතුරු මැද පළාතේ අනුරාධපුර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල රෝහල් ප්‍රගති සමාලෝචන රැස්වීමක් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුර ශික්ෂණ රෝහල ඇතුළු තඹුත්තේගම, කැඹිතිගොල්ලෑව, කහටගස්දිගිලිය, කැකිරාව, මැචවච්චිය සහ පදවිය යන මුලික රෝහල්වල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොළොන්නරුව ශික්ෂණ රෝහල ඇතුළු පොළොන්නරුව ජාතික වෘක්තවේද විශේෂිත රෝහල, මැදිරිගිරිය, හිඟුරක්ගොඩ සහ වැලිකන්ද යන මුලික රෝහල්වල ප්‍රගති සමාලෝචන කටයුතු මෙහිදී සිදුවිය.

    මෙහිදී එක් එක් රෝහල්වල පාලනාධිකාරිය විසින් එම රෝහල්වල වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳවත්, දැනට ක්‍රියාත්මක සහ අතරමඟ නවතා දමා ඇති සංවර්ධන ව්‍යාපෘති හා යෝජිත නව ව්‍යාපෘති හා ඖෂධ ඇතුළු රෝහල්වල මුලික අවශ්‍යතා පිළිබඳව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ව දැනුවත් කරන ලදි.

    එමෙන්ම විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු මානව සම්පත් අවශ්‍යතාවයන් පිළිබඳවත්, භෞතික සම්පත් අවශ්‍යතාවයන් මෙන්ම උපකරණ නඩත්තු කටයුතු ගැටලු පිළිබඳවත්, රසායනාගාර සේවා ශක්තිමත් කිරීම පිළිබඳව ද මෙහිදී අදහස් දැක්විණි.

    රජයේ නව වැඩපිළිවෙළට අනුව රෝහල් පද්ධතීන් ඩිජිටල්කරණයට ලක් කිරීමේ ව්‍යාපෘතියට අදාළව රෝහල්වල වත්මන් ඩිජිටල්කරණ ක්‍රියාවලිය මෙන්ම ඉදිරියේ දී එම වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සහ ඊට අදාළ අදහස් හා යෝජනා ලබාගැනීම ද මෙහිදී සිදු විය.

    සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විඡේමුණි මහතා මෙහිදී පෙන්වා දුන්නේ රෝහල් සංවර්ධන කටයුතු සඳහා වන ප්‍රතිපාදන ගැටලුවකින් තොරව ලබාදීමට පියවර ගන්නා බවය.

    රෝහල්වල විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු මානව සම්පත ශක්තිමත් කිරීම සඳහා ද සැලසුම් සහගත වැඩපිළිවෙළක් තුළ අමාත්‍යාංශය කටයුතු සිදු කරන බවත්, ඒ අනුව ඉදිරියේ දී දැනට රෝහල්වල පවතින ගැටලු රැසක් නිරාකරණය කිරීමට ද හැකියාව ලැබෙන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

    රෝහල් සංවර්ධනයේ දී රෝහල් සංවර්ධන ප්‍රධාන සැලසුම් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යොමු කර සැලසුම් සහගතව සිදු කිරීම පියවර ගන්නා ලෙසත්, ඉදිරි රෝහල් සංවර්ධන ව්‍යාපෘති අව්‍යතාවයන්ට ගැලපෙන පරිදි මනා සැලසුමක් යටතේ සිදු කිරීම මගින් සහ මෙතෙක් ක්‍රියාත්මක කළ අවිධිමත් ක්‍රමවේදයන් විධිමත් කිරීමට පියවර ගන්නා බවද එහිදී ඔහු පැවසීය.

    ඒ හරහා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක උපරිම ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට හැකියාවක් ලැබෙන බව ද ආකර්ශණීය මෙන්ම මානසික සුවතාවයකින් යුතු ස්ථානයක් බවට රෝහල් පත් කළ හැකි වනු ඇති බව ද අවධාරණය කෙරිණි.

    රජයේ නව වැඩපිළිවෙළට අනුව රෝහල් පද්ධතීන් ඩිජිටල්කරණයට ලක් කිරීමේ ඉදිරි සැලසුම් පිළිබඳව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය බලධාරීන් සහ සෞඛ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමට ද පියවර ගත්තේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202609 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.