Author: LFN
ගෙලිඔය නගරය ආසන්නයේ කරමඩ ප්‍රදේශයේ දී බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ. තුවාලකරුවන් දෙදෙනෙකු මේ වනවිට පේරාදෙණිය රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය පැවසීය.
මාතර දිස්ත්‍රික්කය තුළ ශීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින පොල් ගස් නරක් වීමේ රෝගය හේතුවෙන් පොල් ගස් 5,000ක් පමණ කපා විනාශ කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය තීරණය කර තිබේ. “වැලිගම වින්ට්” නමින් හැඳින්වෙන මෙම රෝගය “රේන්ද මකුණා” යන නාමයෙන්ද හඳුන්වනු ලබන ආක්‍රමණික කෘමියෙකු බව මේ වනවිට හඳුනාගෙන ඇති බව සඳහන්ය. දැනට මාතර දිස්ත්‍රික්කයේ පමණක් පොල් ගස් 6,200ක් මෙම රෝගයට ගොදුරු වී ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා සඳහන් කළේය.
ගොඩබිමට ප්‍රවාහනය කරමින් තිබූ විෂ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට අද (12) අලුයම හැකිවිය. ඒ, කිරින්ද අඳගලවැල්ල වෙරළ තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදීය. තිස්සමහාරාම ප්‍රදේශයට මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය රැගෙන එන බවට බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාට තොරතුරක් ලැබී තිබුණි. ඒ අනුව මෙම තොරතුර දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාට දැනුම් දී දකුණු පළාතේ පොලිස් කණ්ඩායමක්ද සමගින් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය අද අලුයම කිරින්ද අඳගලවැල්ල වෙරළ තීරය ආශ්‍රිතව විශේෂ මෙහෙයුමක් දියත් කරනු ලැබීය. ඒ අනුව පොලීසියට දැනගැනීමට ලැබී ඇත්තේ ගැඹුරු…
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණතුංග මහතාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අද (12) පෙරවරුවේ ඔහු අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය.
වැලිගම ප්‍රාදේශීය සභාවේ පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ සභික ධුරය සඳහා සමීර ධනුෂ්ක ද සිල්වා මහතාගේ නම ගැසට් කර තිබේ. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසේකර මහතාව පසුගියදා වෙඩිතබා ඝාතනය කර තිබුණි.
හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (12) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබේ. ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍යවරයා මෙලෙස පැමිනි ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
වෛද්‍යවරුන්ගේ ගැටලුවලට අයවැයෙන් විසඳුම් ලබා නොදීම හේතුවෙන් නොවැම්බර් 17 වැනිදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (11) නිවේදනය කළේය. ඒ ඊයේ රැස්වූ එහි මධ්‍යම කාරක සභාවේදී ගනු ලැබූ තීරණයකට අනුවය. ඒ අනුව සෞඛ්‍ය සායනවලදී රෝහල්වලට පිටතිත් ඖෂධ ගැනීම සඳහා ඖෂධ වට්ටෝරු නිකුත් නොකිරීමටද තීරණය කර තිබේ. මේ අතර මෙවර අයවැයෙන් බලාපොරොත්තු වූ පරිදි සිය ගැටලුවලට ස්ථිර විසඳුම් නොලැබීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා සියලුම විශේෂඥ වෛද්‍යවරුන් කොළඹට කැඳවා ඇති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
රජය මීළඟ කන්නයේ සිට ගොවීන්ගෙන් අල කිලෝවක් රුපියල් 220 ට හා ලොකු ලූනු කිලෝවක් රුපියල් 150ට මිලදී ගැනීමට අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ඊයේ (11) පාර්ලිමේන්තුවේදී අනාවරණ කළේය. අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ එවිට වෙළෙඳපොළේ ලූනු කිලෝවක මිල රුපියල් 200 දක්වා සහ අල කිලෝවක මිල රුපියල් 300 දක්වා ඉහළ යනු ඇති බවය. අල – ලූනු ගොවි ගැටලු සඳහා විසඳුම් යෝජනා කරමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.
කිරින්ද ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ ලද තොරතුරකට අනුව බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය සහ තවත් දකුණු පළාත් පොලිස් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇති බවය. එහිදී අයිස් ඇතුළු තවත් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 300 කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිව ඇති බව වාර්තා වෙයි.
ඉන්දියාවේදී සහ පාකිස්ථානයේදී සිදුවූ පිපීරීම්වලින් ලංකාවට කිසිදු අවදානමක් නොමැති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. ඔහු පවසන්නේ මෙරට බුද්ධි අංශ සක්‍රීයව පැවතීම හේතුවෙන් මෙරට ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් නොමැති බවය. “දැනට එහෙම තර්ජනයක් ගැන තොරතුරක් අනාවරණය වෙන්නේ නෑ. ලංකාවේ බුද්ධි අංශය සක්‍රීයව පවතිනවා. අපේ ආරක්ෂක අංශය විශේෂයෙන් ත්‍රිවිධ හමුදාව හා පොලීසිය ජාතික ආරක්ෂාව ගැන සුවිශේෂි අවධානයකින් පසුවෙනවා. ඒ නිසා ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් නෑ.” විදේශ ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙලෙස අදහස් පල කළේය. ප්‍රශ්නය – පාතාල පිරිසක් ලංකාවට එන්න කැමැත්තෙන් ඉන්නවා කියලා කිව්වා නේද? “නෑ එහෙම කිව්වේ නෑ. මත්ද්‍රව්‍ය ජාවාරම් කරන සමහර…