Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තලාවේ මාරක බස් අනතුර රියදුරුගේ වරදින් සිදුවු බව පොලීසිය අධිකරණයට කියයි
    Featured

    තලාවේ මාරක බස් අනතුර රියදුරුගේ වරදින් සිදුවු බව පොලීසිය අධිකරණයට කියයි

    By LFNNovember 12, 2025No Comments2 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාසල් සිසුවෙකුට දිවි අහිමි කරමින් තවත් මගීන් 40ට ආසන්න පිරිසකට බරපතළ සහ සුළු තුවාල ගෙන දෙමින් තලාව ජයගඟ දී සිදුවූ බස් රථ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බස් රථයේ රියදුරු මේ මස 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    තඹුත්තේගම මහෙස්ත්‍රාත් ගයාත්‍රී හෙට්ටිආරච්චි මෙනවිය විසින් මෙම නියෝග ලබාදුන් බව වාර්තාවේ.

    අනතුර සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවා එහි ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය තඹුත්තේගම පොලීසියේ රථවාහන අංශයට නියෝග කර තිබේ.

    මේ අතර, අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බස් රථයේ රිය සහායකවරයා රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය.

    සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් තඹුත්තේගම පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් ප්‍රකාශ කළේ, මෙම අනතුර පළමු සැකකාර බස් රථ රියදුරුගේ අපරික්ෂාකාරී සහ නොසැලකිලිමත් රිය ධාවනය නිසා සිදුවී ඇති බව අනතුර සම්බන්ධයෙන් දැනට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවය.

    මාර්ගයේ ගමන් ගත් යතුරුපැදිකරුවෙකු බස් රථයේ ගැටීමට යාමේදී රියදුරු ඔහු බේරා ගැනීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේය.

    ජයගඟට සමාන්තරව දිවෙන මාර්ගයේ ගමන් කළ මෙම බස් රථය ජලාශය පිරී ඉතිරී තිබූ ජය ගඟ දෙසට පෙරළීමට ඉඩ නොදී මේ අයුරින් හෝ ආරක්ෂා කර ගැනීමට හැකිවූයේ සැකකාර රියදුරුගේ දක්ෂතාවය නිසා බවද සඳහන් කර තිබේ.

    පළමු සැකකාර රියදුරු බීමත්ව සිට නොමැති බැවින් සහ ඔහු රියදුරු බලපත්‍රයක් හිමි පලපුරුදු රියදුරකු බැවින් සැකකරුවන් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස‍ නීතිඥවරුන් ඉල්ලා සිටියේය.

    දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම සැලකිල්ලට ගත් තඹුත්තේගම මහෙස්ත්‍රාත් ගයාත්‍රී හෙට්ටිආරච්චි මෙනවිය පළමු සැකකාර රියදුරා ඇප මත මුදා හරින ලෙස නීතිඥවරුන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් රියදුරා මේ මස දහ අට දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් රිය සහායක ශරීර ඇප මත මුදා හැරීමටත් නියෝග කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202609 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.