Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දිල්ලියේ සිදුවූ පිපිරීම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
    Featured

    දිල්ලියේ සිදුවූ පිපිරීම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

    By LFNNovember 11, 2025No Comments3 Mins Read133 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සුප්‍රකට රතු බලකොටුව ආසන්නයේ මෝටර් රථයක් තුළ සිදුවූ ප්‍රබල පිපිරීම ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස හඳුනාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    මරාගෙන මැරෙන බෝම්බකරු ලෙස සැකකරන පුද්ගලයා වෛද්‍ය උමාර් මොහොමඩ්ගේ බවත් ඔහුගේ ඡායාරූපයද අනාවරණය වී තිබේ.

    ඔහු 1989 පෙබරවාරි 24 වන දින උපත ලබා ඇති බවත් ජම්මු – කාශ්මීරයේ පුල්වාමා හි අල් ෆලා වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කර ඇති බවත් සඳහන් වේ.

    මෙම ප්‍රහාරය සිදු වීමට පෙර ත්‍රස්ත ප්‍රහාරයක් සිදු වන බවට ලැබුනු තොරතුරු මත ජම්මු – කාශ්මීරයේ සහ හර්යානා පොලිස් කණ්ඩායම් විසින් ඊයේ (10) ත්‍රස්ත කණ්ඩායමක සගයන් වූ වෛද්‍යවරුන් දෙදෙනෙකු වන වෛද්‍ය ආදිල් අහමඩ් රාදර් සහ වෛද්‍ය මුජමිල් ෂකීල් අත්අඩංගුවට ගෙන ඇත.

    ඒ ජයිෂ් ඊ මොහොමද් නම් ත්‍රස්තවාදී කල්ලියට සහාය පළකරන පෝස්ටර් ප්‍රචාරය කිරීමේ චෝදනා යටතේය.

    ඔවුන්ගෙන් ලබාගත් තොරතුරු අනුව නවදිල්ලි අගනුවරට කිලෝ මීටර් 50ක් පමණක් දුරින් පිහිටි හර්යානා හි ෆරීදාබාද් නගරයේ නිවසක තිබී පුපුරන ද්‍රව්‍ය කිලෝ 2,900ක් පමණ හමු වී තිබුණි.

    මෙය සැලවීමත් සමඟ ඔවුන්ගේ ත්‍රස්ත කණ්ඩායමේ තවත් සගයෙකු වූ බෝම්බකරු වෛද්‍ය උමාර් මොහොමඩ් භීතියට පත් ව මෙම පිපිරීම සිදුකර ඇති බවට එරට ආරක්ෂ අංශ පවසයි.

    දිල්ලි ප්‍රහාරය සහ මෙම ත්‍රස්ත ජාලය අතර සබඳතාවක් තහවුරු කරගැනීමට පොලීසියට හැකිව ඇත්තේ, පුපුරාගිය මෝටර් රිය දකුණු කාෂ්මීරයේ පුල්වාමා හි වෛද්‍යවරයෙකුට අයත් එකක් බවට හඳුනාගැනීමත් සමඟිනි.

    ප්‍රහාරය සිදු කිරීම සඳහා බෝම්බකරු ඇමෝනියම් නයිට්‍රේට් ඉන්ධන තෙල් (ANFO) භාවිතා කර ඇති බව අනාවරණය වී තිබේ.

    එමෙන්ම මෝටර් රථය තුළ ඩෙටනේටරයක් ​​සවි කර තිබී ඇති බවට ද තොරතුරු වාර්තා වී ඇත.

    මෙම පිපිරීමෙන් පුද්ගලයින් නව දෙනෙක් මියගොස් තවත් 20කට අධික පිරිසක් තුවාල ලබා තිබුණි.

    ඉන්දියාවේ නවදිල්ලි හි පිහිටි සුප්‍රකට සංචාරක ගමනාන්තයක් වන 17 වැනි සියවසට අයත් රතු බලකොටුව ආසන්නයේ මෙම ප්‍රබල පිපිරීම සිදුවුයේ ඊයේ (10) පස්වරුවේදීය.

    චාන්දනී චෝක් මෙට්‍රෝ දුම්රිය ස්ථානය ආසන්නයේ මංසන්ධියක සෙමින් ගමන්කරමින් පැවති සුදු පැහැති හයිහුන්ඩායි අයි 20 මාදිලියේ මෝටර් රථය තුළ මෙම පිපිරීම සිදුව තිබුණි.

    ඊයේ පස්වරු 6.52කට පමණ මෙම පිපිරීම සිදුව ඇති අතර එය ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවට නම් කර ඇත.

    ප්‍රහාරයට පැය තුනකට පෙර මරාගෙන මැරෙන ප්‍රහාරයේ සැකකාර රියදුරු එම මෝටර් රථයෙන් රතු බලකොටුව ආසන්න රථගාලක් වෙත පැමිණි අයුරු CCTV කැමරාවක සටහන්ව තිබේ.

    ඔහු පස්වරු 6.30 දක්වා එහි රැඳී සිට ඇති අතර, අනතුරුව රථය, රථ ගාලෙන් ඉවතට පැමිණ දිල්ලි හි ජනාකීර්ණ මාර්ගය වෙත පිවිස පසුව කෙටි වේලාවකින් එය පුපුරවා හැර ඇති බව ඉන්දීය පොලීසිය පවසයි.

    සිදුවීමෙන් මාර්ගයේ ගමන් කරමින් පැවති රථ වාහන රැසකට ද හානි වී තිබුණි.

    ඒ සමඟම විශාල ගින්නක් ද හටගත් අතර එය පාලනයට ගිනි නිවන රථ විස්සක් පමණ යොදවා දැඩි වෙහෙසක් දැරීමට බලධාරීන්ට සිදුව තිබුණි.

    මෙම පිපිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රමුඛතම ත්‍රස්ත විමර්ශන ආයතනය වන ජාතික විමර්ශන ඒජන්සිය සහ ජාතික ආරක්ෂක බලකාය විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

    මේ සමඟ අනීතික ක්‍රියාකාරකම් වැලැක්වීමේ පනත යටතේ ප්‍රති ත්‍රස්ත නීතිය බලාත්මක කිරීමට දිල්ලි පොලීසිය පියවර ගෙන ඇත.

    දිල්ලි ප්‍රාන්තයටත්, මුම්බායි, කොල්කටා, බැංගලූරු, ජායිපූර්, හර්යානා, පන්ජාබ්, හයිද්‍රාබාද්, උත්තර් ප්‍රදේශ්, උත්තරාකන්ද් යන නගර සහ ප්‍රාන්තවලට ආරක්ෂාව තර ඇති අතර ඉන්දියාවේ සියලුම දුම්රිය ස්ථානවල සහ ගුවන් තොටුපොළවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.

    මේ අතර සිදුවීම සැලවීමත් සමඟ ඒ සම්බන්ධයෙන් X සටහනක් තැබූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රහාරයෙන් මියගිය පිරිසගේ ඥාතීන් වෙත සිය ශෝකය පළකර තිබුණි.

    එමෙන්ම එම ස්ථානයට ගිය ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂාහ් පැවසුවේ මේ සම්බන්ධ පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202609 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.