Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඉන්දු – ශ්‍රී ලංකා මිතුදම ගැන සජිත්ගේ ස්ථාවරය
    Featured

    ඉන්දු – ශ්‍රී ලංකා මිතුදම ගැන සජිත්ගේ ස්ථාවරය

    By LFNNovember 8, 2025No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියාව සමග සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සැමවිටම සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස මහතා පවසයි.

    ඉන්දීය සංචාරය තුළ එරට ‘NDTV’ නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී විපක්ෂනායකවරයා මේ බව පැවසීය.

    NDTV නිවේදිකාව,

    “මෙම කලාපය තුළ වර්ධනය වෙමින් පවතින චීන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඉන්දියාවේ දැඩි අවධානයක් යොමුවී තිබෙනවා. චීන ක්‍රියාකාරකම් ගැන ඉන්දීය ජනතාවගේ කනස්සල්ල සම්බන්ධව විපක්ෂ නායකවරයා ලෙස ඔබේ ස්ථාවරය කුමක්ද ?”

    සජිත් ප්‍රේමදාස – විපක්ෂ නායක

    “ඉන්දියාව කිසි විටෙකත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සැකයක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවක් නැහැ. අපි ඔබ සමග සමීපව කටයුතු කිරීමට සූදානම්. ඒ වගේම මම කියන්න ඕන ශ්‍රී ලංකාවට ඉන්දියාව සමග විශේෂ සම්බන්ධතාවක් තිබෙනවා. අප දෙරටේ අනාගතයන් අතිශයින්ම සම්බන්ධිතයි.

    අපි දැනටමත් එලඹී සිටින නිදහස් වෙළෙඳ ගිවිසුම් වැඩිදියුණු කරගැනීමට අපි පසුබට නොවිය යුතුයි. භූ දේශපාලනය තුළින් මනුෂ්‍ය වර්ගයා වෙත ධනාත්මක ප්‍රතිඵල අත්පත්කරගත යුතුයි. එම ප්‍රතිඵල ගැටුමක්, යුද්ධයක් නොවිය යුතුයි. ආක්‍රමණයක් නොවිය යුතුයි. එහි අවසන් ප්‍රතිඵලය සාමය විය යුතුයි.

    අපි රටක් ලෙස අතරමැදි පාර්ශ්වයක් විදිහට කටයුතු කර සාමය ගොඩනැගීමටත් කැමතියි. මෙම සුපිරි බලයන් අතර නිර්මාණය වී ඇති සැකසංකා සාකච්ඡා මාර්ගයෙන් නිරාකරණය කරගැනීම තහවුරු කර ගත යුතුයි.

    විශිෂ්ට සාම ධූතයෙක් ලෙස කටයුතු කරමින් සාමය සහ ආරක්ෂාව තහවුරු කිරීමේ ක්‍රියාවලියට දායකවීමට ශ්‍රී ලංකාව කැමතියි”.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.