Close Menu
Lanka Focus News
    What's Hot

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»අර්බුද මැද එක්සත් ජනපදයේ ගුවන් ගමන් 1,400ක් අවලංගු වෙයි
    International

    අර්බුද මැද එක්සත් ජනපදයේ ගුවන් ගමන් 1,400ක් අවලංගු වෙයි

    By LFNNovember 9, 2025No Comments2 Mins Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අමෙරිකානු සෙනෙට් සභාවේදී අවශ්‍ය අරමුදල් ලබා දීමේ පනත් කෙට්ම්පත් සම්මත නොවීම හේතුවෙන් එක්සත් ජනපදය තුළ හටගෙන ඇති අර්බුද තවත් උග්‍ර වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    එහි ප්‍රතිඵලයක් ලෙස ෆෙඩරල් රජය වසා දැමීමත් සමග ගමනාගමනය කපා හරින ලෙස ගුවන් සමාගම්වලට දැනුම් දීමෙන් පසු එක්සත් ජනපදයට යාම් සහ ඒම් ඇතුළත් ගුවන් ගමන් 1,400කට වැඩි ප්‍රමාණයක් අවලංගු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.

    ගුවන් ගමන් නිරීක්ෂක FlightAware ආයතනයට අනුව පසුගිය සිකුරාදා දිනයේදී ගුවන් ගමන් 7,000කට වඩා ප්‍රමාදයක් සිදුව තිබුණි.

    අමෙරිකානු පාර්ලිමේන්තුවේ මූල්‍ය පනත් කෙටුම්පතට අවසර නොලැබීම හේතුවෙන්, රජයේ අංශවලට අරමුදල් වෙන් කිරීමට නොහැකි වී ඇති අතර, එදිනෙදා වැඩ කටයුතුද මේ වන විට ඇනහිට තිබේ.

    ගුවන් ගමනාගමන පාලන ආරක්ෂක ගැටලු හේතුවෙන් පසුගිය සිකුරාදා සිට ප්‍රධාන ගුවන්තොටුපොළ 40ක දෛනික ගුවන් ගමන්වලින් 4%ක් කපා හැරීමට ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය ගුවන් සමාගම්වලට උපදෙස් ලබා දී තිබුණි.

    එමෙන්ම මෙම වසා දැමීම හේතුවෙන් ගුවන් ගමනාගමන පාලකවරුන්ගේ හිඟයක් ඇති වූ අතර සති ගණනාවක් පුරා ඔවුන්ට සිය වැටුප් පවා නොලැබී ඇති බවද වාර්තා විය.

    මේ තත්ත්වය හේතුවෙන් එක්සත් ජනපදයයේ ගුවන් මගීන් දැඩි දුශ්කරතාවකට පත්ව ඇති අතර මේ වන විට එරට කාර්යබහුලම ගුවන් තොටුපළවල් 40ක ගුවන් ගමන් ධාරිතාව 10% දක්වා අඩු කරන බව ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය මෙම සතිය මුලදී නිවේදනය කර තිබුණි.

    ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය වාර්තා කර ඇත්තේ ප්‍රධාන ගුවන් ගමනාගමන පාලන කාර්ය මණ්ඩල ගැටලු, ගුවන් තොටුපොළ කුලුනු 37කට සහ අනෙකුත් මධ්‍යස්ථානවලට මෙම තත්ත්වය බලපා ඇති බවත් අවම වශයෙන් එක්සත් ජනපද නගර 12ක ගුවන් ගමන් මේ වන විටත් ප්‍රමාද වී ඇති බවත්ය.

    ගුවන් ගමනාගමන පාලන ආරක්ෂක ගැටලු හේතුවෙන් සිකුරාදා සිට ප්‍රධාන ගුවන්තොටුපොළ 40ක දෛනික ගුවන් ගමන්වලින් 4%ක් කපා හැරීමට ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය ගුවන් සමාගම්වලට උපදෙස් ලබා දී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන් ව තිබේ.

    මේ අතර ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය පවසා ඇත්තේ පසුගිය දින කිහිපය තුළ ගුවන් ගමන් පාලකයින් 20% සිට 40%ක් දක්වා සේවය සඳහා නොපැමිණ ඇති බවය.

    එමෙන්ම ෆෙඩරල් ගුවන් සේවා පරිපාලකවරයා සඳහන් කර ඇත්තේ රට පුරා ඉහළ බලපෑමක් ඇති කළ හැකි ගුවන් තොටුපොළවල් 40ක ගුවන් ගමන්වලින් 10%ක් කපා හරින බවත් රජයේ වසා දැමීම දිගු වුවහොත් එය 20% දක්වා ඉහළ යනු ඇති බවත්ය.

    වාර්තාගත දින 39ක රජයේ අක්‍රීයතාවය අතරතුර ගුවන් ගමනාගමන පාලකවරුන් 13,000ක් සහ ආරක්ෂක පරීක්ෂකවරුන් 50,000ක් වැටුප් නොමැතිව වැඩ කිරීමට බල කර ඇති බවත් වාර්තා විය.

    මේ අතර අඩු කාර්ය මණ්ඩල සංඛ්‍යාවක් වැටුප් නොලබා දිගටම රැකියාවට පැමිණීමට බල කෙරුණු තත්ත්වය මත ඉදිරියේදී බොහෝ සේවකයින් ප්‍රමාණයක් ලෙඩ නිවාඩු වාර්තා කර ඇති බවත් මේ වන විට වාර්තා වී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 202601 Views

    මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර චාරිත්‍රානුකූලව අවසන් කරමින් සිදුකරන දිය කැපීමේ චාරිත්‍රය අද (28) උදෑසන මහවැලි…

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.