Close Menu
Lanka Focus News
    What's Hot

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාරක අනතුරු කිහිපයක් – 08 හැවිරිදි දරුවෙකු ඇතුළු 04ක් මරුට
    Featured

    මාරක අනතුරු කිහිපයක් – 08 හැවිරිදි දරුවෙකු ඇතුළු 04ක් මරුට

    By LFNNovember 9, 2025No Comments2 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් 08 හැවිරිදි දරුවෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.

    ඊයේ (08) මෙම අනතුරු සිදුව තිබුණේ මාතලේ, තණමල්විල, වැලිකන්ද සහ කොටවිල පොලිස් වසම්වලදීය.

    වැලිකන්ද පොලිස් වසමේ අසේලපුර කුරුළුබැද්ද මාර්ගයේ අසේලපුර ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක මාර්ගය හරහා ගමන් කල දරුවෙකු ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් තුවාල ලැබූ එම දරුවා වැලිකන්ද රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, අසේලපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 08 හැවිරිදි දරුවෙකි.

    මේ අතර මහනුවර – යාපනය මාර්ගයේ දියබුබුල පාලම අසලදී මාතලේ දෙස සිට ඇල්වල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගය හරහා ගමන්කළ පදික පුද්ගලයෙකු ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් තුවාල ලැබූ පදික පුද්ගලයා මාතලේ රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 70 ක් පමණ වන යාචක පුද්ගලයෙක් බව පොලීසිය පවසයි.

    මේ අතර තණමල්විල – වැල්ලවාය මාර්ගයේ බලහරුව ප්‍රදේශයේදී ටිපර් රථයක ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක් ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් තුවාල ලැබූ වෑන් රථ රියදුරු තණමල්විල රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රථිකාර සඳහා හම්බන්තොට රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, තණමල්විල ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙකි.

    මෙ අතර කොටවිල පොලිස් වසමේ කඹුරුගමුව ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක් ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු ලැබීම රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, කොටවිල, කඹුරුගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 82 හැවිරිදි පුද්ගලයෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 202601 Views

    ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් ‘බස් ලලිත්’ දිවයිනට…

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.