Author: LFN

2007 සිට මහ බැංකුවේ සිදුවු බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් සිදුකළ විදේශිය වෝහාරික විගණනයේ වාර්තාව රාජපක්ෂවරුන් යට ගැසූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. මහවැලි කේන්ද්‍රයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සංවිධානය කළ ‘‘අර්බුදය, අයවැය සහ අනාගතය” නම් අයවැය සම්මන්ත්‍රණයට එක්වෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේය “මගේ කාළේ වෙච්ච මහ බැංකු මුල්‍ය වංචාවේ දී ඒ සඳහා පත්කරපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුන්ගෙන් සමනවිත ජනාධිපති කොමිසම වාර්තාව දෙන ගමන් අවසානයේ වාර්තාවේ ලිව්වා මීට වඩා දෙයක් 2007 සිට ඒ දක්වා සිදු වී ඇති බව අපි විශ්වාස කරනවා ඒ නිසා මේකට වෝහාරික විගණනයක් කරන්න. මේකට ලංකාවේ සුදුසු අය නෑ…

Read More

වෙළෙඳපොළේ ක්ෂණික ආහාර වර්ගවල මිල වැඩි‍වීමත් සමග දරුවන්ගේ ක්ෂණික ආහාර භාවිතය ඉතා අඩු වී ඇති බව වෛද්‍ය පර්යේෂණායතනයේ පෝෂණ අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය පවසයි. ඇය පෙන්වා දෙන්නේ ක්ෂණික ආහාර වර්ග පරිභෝජනය අවම වීමෙන් දියවැඩියාව වැනි බෝ නොවන රෝග වැලදුණු දරුවන් වාර්තා වීමේ විශාල අඩුවීමක් වර්තමානයේ දක්නට ලැබෙන බවයි. මෙරට සෑම නිවසකම පෝෂණය සහ ආහාර සුලබතාවය සම්බන්ධයෙන් දත්ත රැස් කිරීමට රජය තීරණය කර තිබේ. ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීමේ අරමුණින් ලබන මාසයේ සිට එම දත්ත රැස් කිරීමේ කටයුතු ආරම්භ කරන බව වෛද්‍ය පර්යේෂණායතනයේ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය වැඩිදුරටත් පැවසීය.

Read More

දුම්රිය වේග සීමා පැනවීමත් සමග දුම්රිය කාල සටහන් සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. දුම්රිය පීලිපැනීම් සම්බන්ධයෙන් ලද පැමිණිලි සැලකිල්ලට ගෙන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සමග පැවති සාකච්ඡාවකදී එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව දුම්රිය මාර්ගයේ අබලන් සහිත ස්ථානවලදී දුම්රිය අඩු වේගයකින් ධාවනය කිරීම සඳහා වේග සීමා පැනවීමට තීරණය වී ඇත. ජනතාවගේ ආරක්ෂාව සහ දේපළ ආරක්ෂාව සැලකිල්ලට ගෙන එම වේග සීමා පැනවීමට තීරණය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. මාර්ග පද්ධතියේ පවතින දෝෂ හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ අවස්ථා ගණනාවක දී දුම්රිය පීලිපැනීම් සිදුවිය. පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් වේග සීමා පැනවීමට තීරණය කර…

Read More

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම නැවත සක්‍රීය කිරීමට තීරණය කර තිබේ. ට්විටර් ආයතනය මිලදී ගත් ඉලෝන් මස්ක් එම ගිණුම නැවත සක්‍රීය කිරීම පිළිබඳ සිදුකළ මත විමසුමකින් අනතුරුව හිටපු ජනාධිපතිවරයාගේ ට්විටර් ගිණුම සක්‍රීය කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. මිලියන 15ක පමණ පිරිසක් එම මත විමසුමට ප්‍රතිචාර දක්වා තිබූ අතර ඉන් සියයට 51.8ක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගිණුම සක්‍රීය කළ යුතු බවට කැමැත්ත පළකර ඇත. හානිකර ප්‍රකාශ පළකිරීම හේතුවෙන් පසුගිය වසරේ ජනවාරි 06 වැනිදා සිට මාස 22ක කාලයක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම අත්හිටුවා තිබුණි.

Read More

දැනුම සහිත සුදුස්සන් මෙරට ආර්ථිකය මෙහෙයවූවා නම් රට මෙවන් ආර්ථික අර්බුදයකට පත්නොවනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු, අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. මාතර පැවැති උත්සවයක් අමතමින් මහ බැංකු අධිපතිවරයා පැවසුවේ, වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ගන්නා අපහසු තීන්දු තීරණ පිළිබඳ ජනතාව තේරුම් ගනු ඇති බවට විශ්වාස කරන බවය. මාතර රාහුල විද්‍යාලයට වසර 100ක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කර තිබුණු උත්සවයකට, එම විද්‍යාලයේ ආදි සිසුවෙකු වන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (19) සහභාගි වුණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා, “රටක ආර්ථිකය මෙහෙයවීම වුණත් මම දකින්නේ, තීරණ ගන්න අය, ප්‍රතිපත්ති ගන්න අය නියමාකාරයෙන් දක්ෂකම ඇති සුදුසු…

Read More

කරුවලගස්වැව, 7 කණුව පලදාගම වෙල්යායේ වෙඩි වැදී බරපතළ තුවාල ලැබූ වනඅලියෙකු සිටින බව අප වාර්තාකරු පවසයි. එම ප්‍රදේශයේ දඩයක්කරුවකු විසින් වනඅලියාට වෙඩි තබා ඇති බවට ප්‍රදේශවාසීහු සැකපළ කරති. කරුවලගස්වැව අඩවි වන නිලධාරින් සහ අනුරාධපුර පශුවෛද්‍ය කාර්යාලයේ වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ මහතා විසින් වන අලියාට ප්‍රතිකාර ලබා දෙමින් සිටි. වෛද්‍යවරයා පැවසුවේ වනඅලියාගේ හිසට උණ්ඩ 9ක් පමණ වැදී ඇති බවය. අවුරුදු 25ක් පමණ වයසැති වනඅලියාගේ තත්ත්වය බරපතළ බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මේ අතර, අලි – මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ අලිමංකඩ ආශ්‍රිත පදිංචිව සිටින පුද්ගලයින් එම…

Read More

ග්ලයිෆොසේට් සඳහා රජය විසින් පනවා තිබූ තහනම ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ. මීට අදාළව ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අත්සනින් යුතුව රජයේ මුද්‍රණාලයට භාරදුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසීය. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ග්ලයිෆොසෙට් තහනම තවදුරටත් පවත්වාගෙන යා යුතුද? නැද්ද? යන්න පිළිබඳව ගොවි නියෝජිතයින්, කෘෂිකර්ම විශේෂඥයින්, කෘෂිවිද්‍යාඥයින් ඇතුළු විවිධ අංශවලින් කළ විමසීම් ගණනාවකින් අනතුරුව ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට තීරණය කර තිබේ. පළමුවරට 2015 දී මෙරට ග්ලයිෆොසෙට් තහනම් කරන ලද්දේ වල් මර්දනය සඳහා කිසිදු විකල්ප වැඩ පිළිවෙළක් හඳුන්වා නොදෙමිනි. ඉන් අනතුරුව 2018 දී තේ හා රබර් සඳහා ග්ලයිෆොසෙට් යෙදීම තහනම්…

Read More

අධි සුඛෝපභෝගී මගී ප්‍රවාහන යාත්‍රාවක් කොළඹ වරාය වෙත පැමිණ තිබේ. මෙලෙස කොළඹ වරාය වෙතට පැමිණ ඇත්තේ Viking Mars නමැති නෞකාවයි. එම නෞකාව කොළඹ වරාය වෙත පැමිණ ඇත්තේ සංචාරකයින් 900 දෙනෙකු සමඟය.

Read More

ගුරුවරු විසින් සිසුන්ට කළ අමානුෂික පහරදීම් නිසා සිසුන් රෝහල් ගත කළ අවස්ථා පිළිබඳව පසුගිය දින කිහිපය පුරාම තොරතුරු වාර්තා වෙයි. එවැනි තවත් සිදුවීමක් පාදුක්ක ප්‍රදේශයෙන් වාර්තා විය. එහිදී පහරකෑමට ලක්ව තිබුණේ පාදුක්ක ප්‍රදේශයේ පාසලක 10 වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි. ඔහු පවසන්නේ පසුගිය 8 වනදා පාසලේ බුද්ධ ධර්මය විෂය උගන්වන ගුරුවරයා තමන්ට පහරදීමක් කළ බවය. පහරදීම පිළිබඳව පංතිභාර ගුරුතුමියට පැවසූ පසුව සිසුවාට ලැබී ඇත්තේ අමුතුම ප්‍රතිචාරයකි. පහරකෑමට ලක්වූ සිසුවා පවසන්නේ, “අංශභාර ගුරුවරිය ළඟට එක්කගෙන ගියාම කිව්වා කන්බෙරය පැළිලා නැත්නම් අනිත් කනත් පැළෙන්න ගහනවා කියලා,” යනුවෙන් පැවසූ බවය. අනතුරුව මව්පියන් විසින් සිසුවා හෝමාගම ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට සහ හෝමාගම මූලික රෝහල වෙත…

Read More

තම සහකරියව ඝාතනය කර සිරුර කැබලි 35කට කපා කැලෑවට වීසි කල පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. 27 හැවිරිදි ශ්‍රද්ධා වල්කාර් සහ 28 හැවිරිදි අෆ්තාබ් පූනවාලා මුම්බායි නගරයේදී ‘dating app’ එකක් හරහා මුණගැසී ඇති අතර පසුගිය වසර තුනක සිට එකට ජීවත් වී තිබුන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම වසර මුලදී ඔවුන්ගේ සම්බන්ධතාවට සහකාරියගේ පවුලේ අය අකමැති වීම නිසා ඇති වූ ආරවුලකින් පසු ඔවුන් දිල්ලි නගරයේ පදිංචියට ගොස් තිබෙනවා. ඒ සමගම ඇය විසින් තමාව විවාහ කර ගන්නා ලෙස එම පුද්ගලයාට බලපෑම් කිරීම හේතුවෙන් දෙදෙනා අතර ආරවුල් ඇතිවී තිබූන අතර පසුගිය මයි මාසයේදී ඇතිවූ ආරවුල දුරදිග ගොස් කෝපයට පත්වූ සහකරුවා…

Read More