Author: LFN
බැංකු හරහා ණය ලබාගැනීමෙන් අපහසුතාවයට පත්ව ඇති ගනුදෙනුකරුවන්ට සහන ලබාදෙන ලෙසට බැංකුවලට උපදෙස් දී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී පැවති මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්යාංශයීය උපදේශක කාරක සභාවේදී මහ බැංකු අධිපතිවරයා මේ බව ප්රකාශ කර ඇත. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා ප්රකාශ කර ඇත්තේ පසුගිය කාලය තුළ විචල්ය පොලී අනුපාත යටතේ ලබා ගත් ණය සඳහා අයකරන පොලී අනුපාත ඉහළ දැමීම නිසා අපහසුතාවට පත්වූ ගනුදෙනුකරුවන්ට මෙම සහනය ලබාගත හැකි බවය. එහිදී මන්ත්රීවරුන් විසින් පෙන්වා දී ඇත්තේ මෙලෙස පොලී අනුපාතිකය වැඩිවීම නිසා ඇතැම් ණයහිමියන්ගේ මුලු වැටුපම ණය වාරික සදහා ගෙවීමට…
මීට වසර 08කට ඉහතදී නැගෙනහිර යුක්රේන ගුවන් සීමාවේදී මගී ගුවන්යානයක් මිසයිල ප්රහාරයකින් බිමහෙළීමේ සිද්ධිය සම්බන්ධයෙන් නෙදර්ලන්ත අධිකරණයක් මගින් පුද්ගලයින් තිදෙනෙක් වැරදිකරුවන් බවට තීන්දුකර තිබේ. එහිදී ගුවන් මගීන් 298 දෙනෙක් මරණයට පත්විය. අධිකරණයේදී හෙළිවී ඇත්තේ රුසියානු සහාය ලැබූ සන්නද්ධ කණ්ඩායමක සාමාජිකයින් රුසියාව විසින් සපයා තිබූ මිසයිලයක් යොදාගෙන අදාළ ප්රහාරය එල්ල කර තිබු බවය. එහිදී MH17 යානය කඩා වැටුණි. විනිසුරුවරුන් විසින් රුසියානු ජාතිකයින් දෙදෙනෙක් සහ යුක්රේන ජාතිකයෙක් වැරදිකරුවන් බවට තීරණය කරමින් ඔවුන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය. තවත් එක් රුසියනුවෙක් නිදහස් කළ අතර විත්තිකරුවන් නඩු විභාගයට සහභාගී නොවිණි.
කොළඹ ජාතික රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල සහ කාසල් වීදිය කාන්තා රෝහල ඇතුළු රෝහල් කිහිපයක රසායන ද්රව්ය හිඟය හේතුවෙන් රුධිර පරීක්ෂණ කටයුතු රැසක් ඇනහිට තිබේ. මේ හේතුවෙන් පෞද්ගලික රසායනාගාරවලින් රුධිරය පරීක්ෂා කරගැනීමට සිදුවීම නිසා රෝගීන් දැඩි අපහසුතාවයට පත්වී සිටී. මේ අතර කාසල් වීදිය කාන්තා රෝහලේ අධ්යක්ෂවරයා සඳහන් කළේ, රුධිර පරීක්ෂණ කටයුතුවලට අවශ්ය රසායනික ද්රව්යවල යම් හිඟයක් පැවතියද රෝහල් පද්ධතිය කඩා වැටීමට ඉඩ නොදෙන බවය. මේ අතර රුධිර දායකයින් ලබාදෙන රුධිරය රෝගීන්ට ලබාදීමට පෙර HIV ඇතුළු රෝගකාරක වෛරස තිබේදැයි පරික්ෂා කිරීමට භාවිත කරන එලයිසා නමැති රසායනික ද්රව්යය ප්රමාණවත් වන්නේ තවත් සතියකට පමණක් බව පසුගිය 8 වනදා සෞඛ්ය වෘත්තිකයින් අනාවරණය කළේය.
ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටින කාන්තාවන් විවිධ අඩන්තේට්ටම් සහ පීඩාවන්ට ලක්වීමේ සිද්ධි පිළිබඳව නිරන්තරයෙන් තමන්ට පැමිණිලි ලැබෙන බව එරට පිහිටි ශ්රී ලංකා තානාපති කාර්යාලය පවසන බව විදේශ කටයුතු අමාත්යංශය නිවේදනය කළේය. එසේ ලැබෙන පැමිණිලිවලින් වැඩි සංඛ්යාවක් ලැබී ඇත්තේ තාවකාලික සහ සංචාරක වීසා මත එරටට ගොස් රැකියා සඳහා යොමුවූ කාන්තාවගෙන් බව විදේශ කටයුතු අමාත්යංශය කියයි. එම කාන්තාවන් ජාවාරම්කරුවන් සහ වංචනිකයන්ට රැවටී ලියාපදිංචි නොවී ඕමානයට ගොස් ඇතැයි විදේශ කටයුතු අමාත්යංශය පෙන්වා දුන්නේය. පීඩාවන්ට සහ අඩන්තේට්ටම්වලට ලක්ව දැනට ඕමානයේ සිරවී සිටින කාන්තාවන් 90 දෙනකු පමණ ශ්රී ලංකාවට පැමිණීමට සහාය අපේක්ෂාවෙන් පසුවන බවත් ඔවුන් එරට අගනුවර වන මස්කට් හි ශ්රී ලංකා තානාපති කාර්යාලයෙන්…
අද දිනයේ උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ දිවයිනේ සෙසු ප්රදේශවල ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවය. මේ අතර සබරගමුව, ඌව සහ මධ්යම පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් දැකිය හැකි බවද කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තරමක තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතී. මේ අතර ගිනිකොණදිග බෙංගාල බොක්ක සහ ඊට යාබද උතුරු අන්දමන් සාගරය ආශ්රිතව පවතින අඩු පීඩන කලාපය නොවැම්බර් මස 19 වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී බටහිරට බරව වයඹ දෙසට ගමන්කරමින් නොවැම්බර් 20 සහ…
මිනුවන්ගොඩ පොල්වත්ත ප්රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දැනට විදේශගතව සිටින ඌරගහ ඉන්දිකගේ ප්රධාන ගෝලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එහිදී තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙකු ප්රතිකාර සඳහා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර ඇත. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පොද්දල ප්රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි. සැකකරුවන් යක්කලමුල්ල ප්රදේශයේදී වයස අවුරුදු 4ක කුඩා දරුවෙකු සහ ඔහුගේ පියා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්රධාන වෙඩික්කරු සහ යතුරුපැදිකරු බවට හඳුනාගෙන ඇත. මෙහිදී T-56 වර්ගයේ ගිනි අවියක්, බෝර 12 පතුරම් තුවක්කුවක් සහ රම්බෝ වර්ගයේ පිහියක් සොයාගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව ඇත. විශේෂ කාර්ය බළකායේ මූලස්ථාන කඳවුරේ විශේෂ…
විදෙස් පුරවැසි පාර්ලිමේන්තු මන්ත්රීවරිය වහා රටින් පිටුවහල් කරන්නැයි සමගි ජන ජනබලවේගයේ කොළඹ දිස්ත්රික් මන්ත්රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය. ශ්රී ලංකාවේ පුරවැසියෙක් ද නොවන අදාල මන්ත්රීවරිය වහාම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මිරිහාන මිරිහානේ රැඳවූම් මධ්යස්ථානයට ගෙන ගොස් එතැන් සිට රටින් පිටුවහල් කරන ලෙස ද රහුමාන් මහතා පැවසීය. අදාල මන්ත්රීවරිය විදේශ පුරවැසියෙක් ලෙස සිටිමින් පාර්ලිමේන්තු මන්ත්රී ධුරයක් දරන බවට ලැබුණ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කොට අලුත්කඩේ අධිකරණයේ පැමිණිල්ලක්ද ගොනු කොට තිබෙන බව කී රහුමාන් මහතා ඇය 2014 වසරේ ගත් නේවාසික වීසා මත මෙරට රැඳී සිටින බව ද 2015 වසරේ හත්වෙනි මාසේ එම වීසාව කල් ඉකුත් වී තිබෙන බව…
දේශීය ණය ප්රතිව්යුහගත කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිදු තීරණයක් ගෙන නොමැති බව මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. විදේශීය ද්විපාර්ශවික සහ වාණිජ ණයහිමියන් සමග ණය ප්රතිව්යහුගත කිරීමට අදාළව පමණක් ආණ්ඩුවේ අවධානය යොමු වී ඇති බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරයි. රාජ්ය බැංකු සහ දේශීය මූල්ය ක්ෂේත්රයට අහිතකර බලපෑමක් එල්ල විය හැකි බැවින් දේශිය ණය ක්ෂේත්රය ප්රතිව්යහගත කිරීමට රජය අවධානය යොමු කර නොමැති බව ශෙහාන් සේමසිංහ රාජ්ය අමාත්යවරයා පෙන්වාදෙයි. මේ අතර රාජ්ය අංශය තවදුරටත් පුළුල් නොවන වාතාවරණයක් තුළ රැකියා උත්පාදනය කිරීමේ හැකියාව පවතින්ගේ පෞද්ගලික අංශය සතුව බව ආචාර්ය නාලක ගොඩහේවා මන්ත්රිවරයා පවසයි. ඔහු පවසන්නේ එවන් වාතාවරණයක් තුළ ආණ්ඩුව ව්යාපාරික…
තද සුළං සහ මුහුදු රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ ඊට යාබඳ උතුරු අන්දමන් සාගරය ආශ්රිතව පවතින අඩුපීඩන කලාපය නොවැම්බර් මස 19 වන දින වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන බව ද එම නිවේදනයේ දැක්වේ. ඉන් පසුව බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ශ්රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ගමන් කිරීමේ වැඩි හැකියාවක් පවතින බව ද කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර උතුරු අක්ෂාංශ 07ත් 20ත් නැගෙනහිර දේශාංෂ 80 සහ 93ත් අතර මුහුදු ප්රදේශවල සුළඟේ වේගය පැ.කි.මී 50 – 55 පමණ වන අතර විටින් පැ.කි.මී 60 දක්වා වැඩි විය හැකිය. එම මුහුදු ප්රදේශ…
ශ්රී ලංකාව මුහුණදී ඇති ණය ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා චීන සංවර්ධන බැංකුවේ දූත පිරිසක් මෙරටට පැමිණ තිබේ. ඔවුන් මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා හමුවී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව වාර්තා විය. චීන සංවර්ධන බැංකුව සැලකෙන්නේ ශ්රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ප්රධාන මූල්ය පහසුකම් සපයන්නෙකු ලෙසය.