Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026

    27 උදේ වෙනකල් බලා ඉන්න ආණ්ඩුවේ IMF සිහිනය

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Business»බැංකුවලින් ලබාගත් ණය ආපසු ගෙවීමේදී සහනයක්
    Business

    බැංකුවලින් ලබාගත් ණය ආපසු ගෙවීමේදී සහනයක්

    By LFNNovember 18, 2022No Comments2 Mins Read220 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බැංකු හරහා ණය ලබාගැනීමෙන් අපහසුතාවයට පත්ව ඇති ගනුදෙනුකරුවන්ට සහන ලබාදෙන ලෙසට බැංකුවලට උපදෙස් දී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

    පාර්ලිමේන්තුවේදී පැවති මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ පසුගිය කාලය තුළ විචල්‍ය පොලී අනුපාත යටතේ ලබා ගත් ණය සඳහා අයකරන පොලී අනුපාත ඉහළ දැමීම නිසා අපහසුතාවට පත්වූ ගනුදෙනුකරුවන්ට මෙම සහනය ලබාගත හැකි බවය.

    එහිදී මන්ත්‍රීවරුන් විසින් පෙන්වා දී ඇත්තේ මෙලෙස පොලී අනුපාතිකය වැඩිවීම නිසා ඇතැම් ණයහිමියන්ගේ මුලු වැටුපම ණය වාරික සදහා ගෙවීමට සිදුව ඇති බවය.

    ඒ සඳහා පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ගනුදෙනුකරුවන්ට බැංකුව සමග සාකච්ඡා කොට යම් සහන කාලයක් සඳහා අදාළ පොලිය පමණක් ගෙවීමට හැකි බවය.

    එසේම මීට මාස දෙකකට පෙර 70%ක අගයක පැවති සාමාන්‍ය උද්ධමනය මේ වනවිට 66% දක්වා අඩුවී ඇති බවත්, 95% ක පැවති ආහාර උද්ධමනය 85% දක්වා අඩුවී ඇති බවත් මහබැංකු අධිපතිවරයා පැවසීය.

    ඒඅනුව පවතින මූල්‍ය ප්‍රතිපත්ති සමග මෙම අගය ලබන වසර අගවන විට 4 – 5% අගයකට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බවද ඒ මහතා පැවසීය.

    එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියකට අනුව මහබැංකුව ස්වාධීන ආයතනයක් බවට පත් කිරීම සදහා නව පනතක් මේ වන කෙටුම්පත් කර අවශ්‍ය කටයුතු සිදුකරන බවද මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉන්දියාව සීනි අපනයනය අත්හිටුවයි – වෙළෙඳපොළේ සීනි මිලත් ඉහළට

    May 19, 2026

    ඩොලරයේ විකුණුම් මිල රු. 334 ඉක්මවයි

    May 18, 2026

    ශ්‍රී ලංකාවට PayPal මගින් සපයන සේවා පහසුකම පුළුල් කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

    May 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 202604 Views

    සංචාරකයින් 2,380 ද‍ෙනෙකු රැගත් Mein Schief 6 නම් වූ සුඛෝපභෝගී මඟී නෞකාවක් කොළඹ වරායේ, වරාය…

    27 උදේ වෙනකල් බලා ඉන්න ආණ්ඩුවේ IMF සිහිනය

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026

    මහා මාර්ග අමාත්‍යාංශ ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.