Author: LFN
ශ්රී ලංකාවේ ඉදිරි සංවර්ධන සැලසුම් සහ ප්රතිපත්ති පිළිබඳ ලෝක බැංකු නියෝජිතයන් සමග සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි සාගල රත්නායක මහතාගේ සහ මුදල් රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ, ආයෝජන ප්රවර්ධන රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් මුදල් අමාත්යාංශයේ දී පැවැත්විණි. ශ්රී ලංකාව සඳහා වන ලෝක බැංකු අධ්යක්ෂ ෆාරීස් හඩඩ් ස්වෝස් (Faris Hadad-Zervos) මහතා ඇතුළු නියෝජිත පිරිස සමඟ පැවති මෙම සාකච්ඡාවේ දී මෙරට ඉදිරි සංවර්ධන සැලසුම් සහ ප්රතිපත්ති පිළිබඳ දීර්ඝ ලෙස විමසා බැලිනි. රාජ්ය මූල්ය අධීක්ෂණය හා ණය කළමනාකරණය වැඩිදියුණු කිරීම, බදු පරිපාලන ප්රතිපත්තිය වැඩි දියුණු කිරීම, ස්වෛරී මූල්ය අංශයේ සම්බන්ධය සහ පද්ධතිමය අවදානම් අඩු…
මහනුවර දිස්ත්රික්කයේ කොහෙවත් භූමිතෙල් නැතැයි විපක්ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂණ කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. සුළු අපනයන බෝග නිෂ්පාදන කටයුතු සඳහා භූමිතෙල් අත්යවශ්ය බව කී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළු කඩයේ වත් භූමිතෙල් මිල දී ගන්නට නැති බව පැවසීය. කර්මාන්තකරුවන්ට භූමිතෙල් අත්යවශ්ය බැවින් රජය ඉතා ඉක්මනින් මේ ගැන අවධානයක් යොමුකර විසඳුමක් දිය යුතු බව ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය අද (18) ට යෙදී ඇති අතර, ඒ නිමිත්තෙන් සංවිධානය කළ කිරිඅම්මාවරුන්ගේ දානමය පිංකමක් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී අද අළුයම පැවැත්විණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. මෙම අවස්ථාවේදී මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර හිටපු ජනාධිපතිවරයාට සෙත් පැතීම ද සිදුවිය. නාරාහේන්පිට අභයාරාමාධිපති සහ කොළඹ විශ්ව විද්යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය නිමිති කරගනිමින් වාර්ෂිකව මෙම පිංකම සංවිධානය නරනු ලැබේ.
වජිර ගේ කතාව අහන පොහොට්ටු මන්ත්රීවරුන් ඉතා ලස්සන බව කුරුණෑගල දිස්ත්රික් මන්ත්රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. වජිර අබේවර්ධන මහතා අය-වැය විවාදයේ අදහස් දක්වමින් සිටින අතර නැගී සිටි දයාසිරි ජයසේකර මහතා මේ බව කීය. “බලන්නකෝ වට කරගෙන ඉන්න ලස්සන” යනුවෙන්ද දයාසිරි ජයසේකර මහතා කීය. වජිර අබේවර්ධන මහතා:-(එජාප) “ඉතින් ඔයත් පොහොට්ටුවෙ නේ. ඔයත් එන්න කෝ, එතකොට තව ලස්සනයි”
ව්යාජ ලෙස සකස්කළ රන් ආලේපිත පක්ෂියෙකුගේ අනුරුවක් විකුණා මුදල් වංචා කළ සිද්ධියකට පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 32,46 යන වයස්වල පසුවන තිස්සපුර ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. සැකකරුවන් විසින් සියඹලාගස්වැව ප්රදේශයේ නිවසක ශාන්තිකර්මයක් සිදුකිරීමෙන් අනතුරුව එම නිවසේ දෝෂ මගහරවා ගැනීමට රනින් නිම කරන ලද පක්ෂියෙකුගේ අනුරුවක් නිවසේ තැන්පත් කරන ලෙසට පවසා ඇත. ඒ අනුව නිවැසියාගෙන් ලක්ෂ 06ක මුදලක් අවශ්ය බව පවසා ලක්ෂ 03ක මුදලක් ලබාගැනීමෙන් අනතුරුව රන් ආලේපිත අනුරුවක් ලබාදී තිබේ. නිවැසියන් විසින් පසුව එම පක්ෂියාගේ අනුරුව රන් භාණ්ඩ වෙළෙඳසැලකින් පරීක්ෂා කිරීමක් සිදුකර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ එය ව්යාජ රන් ආලේපිත අනුරුවක් බවය.…
ට්විටර් සමාගමේ සියලු කාර්යාල ගොඩනැගිලි වහාම ක්රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දමන බව සේවකයින්ට දැනුම්දී තිබේ. සේවකයින්ට දැනුම්දී ඇත්තේ ලබන සඳුදා කාර්යාල නැවත විවෘත කරන බවය. විදෙස් මාධ්ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ විවිධ මාධ්යවල පුවත්පත් හෝ වෙනත් ස්ථානවල රහස්ය සමාගම් තොරතුරු සාකච්ඡා කිරිමෙන් වලකින ලෙස ද සේවකයින්ගෙන් ඉල්ලීමක් කර ඇති බවය. මේ අතර ට්විටර් සමාගමේ නව හිමිකරු වන ලොව ධනවත්ම පුද්ගලයා වන ඉලොන් මස්ක්, එම සමාගමේ සේවකයින් වෙත තවත් ඊමේල් පණිවුඩයක් යවා තිබේ. ඉන් ඔහු දන්වා ඇත්තේ ට්විටර් සේවකයින් “දිනකට වැඩි වෙලාවක් දැඩි කැපවීමකින් යුතුව වැඩ කළ යුතු බවත් නැතහොත් ඔවුන් සමාගමෙන් ඉවත්ව යා යුතු බවත් ය.” විදෙස් මාධ්ය වාර්තා…
දිග සුදු නැට්ටක් තියෙන කුරුල්ලා සුදු සුදුරෙදිහොරා ලෙසත් කහපාට පිහාටු තිබෙන කුරුල්ලා සිවුරුහොරා ලෙසත් හැඳින්වීමෙන් පෙනෙන්නේ මේ රටේ මිනිස්සු හොරා කියන වචනය කොච්චර නිකරුණේ පාවිච්චි කරනවද කියන එක නොවේ දැයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්රී නීතිඥ සාගර කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17) ප්රශ්න කළේය. මේ රටේ හොඳින් වැඩ කරන සෑම නායකයකුම අද හඳුන්වන්නේ හොරා කියන වචනයෙන් බවද හෙතෙම සඳහන් කළේය. ඔහු මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.
පන්දුවාර විස්සයි 20 ක්රිකට් පිටියේ වැඩිම ලකුණු සංඛ්යාවක් ලබා ශ්රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණි ක්රීඩකයින් අතර ශ්රී ලංකාවේ ධනංජය ද සිල්වා දෙවන ස්ථානය හිමිකරගෙන තිබෙනවා. ඒ, පන්දුවාර විස්සයි 20 ක්රිකට් පිටියේ තුන් ඉරියව් ක්රීඩකයින්ගේ නවතම ශ්රේණිගත කිරීමේ ලැයිස්තුවට අනුවයි. ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය ප්රකාශයට පත් කළ මෙම ශ්රේණිගත කිරීමේදී ස්ථාන 70 ක් ඉදිරියට පැමිණීමට ධනංජය ද සිල්වාට හැකිවී තිබෙනවා. ඒ වෙනුවෙන් ඔහු ලෝක කුසලාන තරඟ බිමේදී එක් කරගෙන ඇති ප්රසාද ලකුණු සංඛ්යාව 67 ක්. ඒ අනුව ධනංජය ද සිල්වා නවතම තුන් ඉරියව් ක්රීඩකයින් අතර 30 වන ස්ථානයේ පසුවනවා. ඒ, ලෝක කුසලාන තරඟ බිමේදී ලකුණු 177 ක් සහ කඬුලු 6 ක් දවා ගැනීම…
ජාත්යන්තර මූල්ය අරමුදල පාකිස්තානයට ලබාදී ඇති මගපෙන්වීම්වලට අනුව එරට පෙට්රල්, විදුලිය සහ ගෑස් මිල ඉදිරියේදී තවදුරටත් ඉහළ යනු ඇති බව විදෙස් මාධ්ය පවසයි. පාකිස්තානය තුළ අඛණ්ඩව ඉහළ යමින් ඇති උද්ධමනය සහ පාකිස්තාන රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය ඉහළයෑම නිසා පාකිස්ථානය තුළත් ජනතාව පීඩාවට පත්වෙමින් සිටී. එමෙන්ම පාකිස්තානයේ මූල්ය හා ආදායම් පිළිබඳ ජාතික සභා ස්ථාවර කමිටුව ද උද්ධමන අනුපාතය හා ඩොලරයේ අගය ඉහළයෑම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර ඇතැයි එරට මාධ්ය පවසයි. ඒ අනුව පාකිස්තානයේ මුදල් අමාත්යවරයා එළඹෙන සතියේදී එම කමිටුව හමුවට කැඳවා ඇතැයි ද වාර්තා වෙයි.
තිලංග සුමතිපාල මහතා වෙත රුපියල් කෝටි දෙකහමාරක වන්දියක් ගෙවන ලෙස අර්ජුන රණතුංග මහතාට ඊයේ (17) අධිකරණය නියෝග කළේය. පසුගිය 2003 වසරේදී පැවැත්වූ මාධ්ය හමුවකදී තමන්ට අපහාස සිදුවන අන්දමේ ප්රකාශයක් සිදුකළේ යැයි සඳහන් කරමින් හිටපු ක්රිකට් නායක සහ හිටපු අමාත්ය අර්ජුන රණතුංග මහතාට එරෙහිව හිටපු ක්රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවරා තිබූ පැමිණිල්ලක් සලකා බැලූ ගල්කිස්ස සිවිල් අභියාචනාධිකරණය මෙම නියෝගය ලබාදී තිබේ. ටෙලිකොම් සමාගමේ සභාපති ධුරය ඇතුළු කිසිදු තනතුරකට තිලංග සුමතිපාල මහතා සුදුසු පුද්ගලයෙකු නොවන බව සඳහන් කරමින් අපහාස සහ අභූත චෝදනා ඇතුළත් ප්රකාශයන් සිදුකිරීම සම්බන්ධයෙන් රුපියල් කෝටි 50ක වන්දි මුදලක් අර්ජුන රණතුංග මහතාගෙන් අය කර දෙන ලෙසට තිලංග සුමතිපාල මහතා…