Author: LFN
ඔස්ට්රේලියාවේදී කාන්තාවකට ලිංගික අතවර කළ බවට ලැබුණු පැමිණිල්ලකට අදාළව අත්අඩංගුවට පත්වූ ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලක ඇප මත මුදාහැරීමෙන් අනතුරුව දැක්වෙන දර්ශන කිහිපයක් මේ වනවිට විදෙස් මාධ්ය වාර්තා කර තිබේ. එම දර්ශන පහතින්. ඔස්ට්රේලියාවේදී කාන්තාවකට ලිංගික අතවර කළ බවට ලැබුණු පැමිණිල්ලකට අදාළව අත්අඩංගුවට පත්වූ ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලක ඇප මත මුදාහැරීමට සිඩ්නිහි “ඩව්නිං සෙන්ටර්” අධිකරණය පසුගිය 17 වනදා නියෝග කළේය. ඒ අනුව ඔස්ට්රේලියානු ඩොලර් 150,000 මුදල් ඇපයක් මත මුදාහැරුණු ධනුෂ්ක ගුණතිලකට තවත් දැඩි ඇප කොන්දේසි රැසක් පනවා තිබුණි. එසේම ඔහුට තවත් ඔස්ට්රේලියානු ඩොලර් 50,000ක මුදලක් තැන්පත් කිරීමට නියෝගකර ඇති අතර ඇප කොන්දේසි උල්ලංඝනය කළහොත් එම මුදල අහිමිවෙයි.…
රුහුණු මහා කතරගම දේවාලයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් බැතිමතුන් පූජා කරන පඬුරුවලින් රුපියලක් හෝ නොලැබෙන බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා පවසයි. එම පඬුරු සියල්ල කපුමහතුන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා යොදාගන්නා බව බස්නායක නිලමේවරයා චෝදනා කරයි. රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා, “ඉල් මහා පෙරහැර මංගල්ය දෙසැම්බර් 07 වෙනිදාට යෙදිලා තබෙනවා. මෙවර විශේෂත්වයක් තිබෙනවා ඇසල පෙරහැර මංගල්යය අවස්ථාවේදී කපු මහත්වරු විසින් බස්නායක නිලමේවරයා මාස බෙදලා කපු මහත්තවරුන්ට භාරදීපු ඒ ක්රමවේදයට පටහැනිව කපුමහත්වරු විසින් දේවාලයේ යතුර ඔවුන් භාරයේ තබාගෙන තිබෙනවා. ඒ නිසා මේ වනවිට දේවාලයට බැතිමතුන්ගෙන් ලැබෙන පූජා වට්ටියේ තිබෙන පඬුරු මුදල් සියල්ල කපු මත්තවරු ඔවුන්ගේ…
නිරිතදිග බෙංගාල බොක්ක ආශ්රිතව යාපනයට කිලෝමීටර් 540ක් පමණ ඊසාන දෙසින් 11.4N අක්ෂාංශ සහ දේශාංශ 84.6Eහි කේන්ද්රගතව පැවති පීඩන අවපාතය, ක්රමයෙන් දුර්වල වෙමින් වයඹ දෙසට ගමන් කරනු ඇති බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි. එම පද්ධතිය ඉදිරි පැය 24 තුළදී, තමිල්ණාඩු – පුදුචෙරි වෙරළ වෙත ළඟාවීමේ වැඩි හැකියාවක් පවතී. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ දකුණු වෙරලබඩ ප්රදේශවලත් උතුරු පළාතේත් වැසි ස්වල්පයක් ඇති වේ. දිවයිනේ සෙසු ප්රදේශවල ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු තරගයේ ජය ඉක්වදෝරයට හිමිව තිබේ. ඒ අනුව, ලෝක කුසලානයේ සමාරම්භක තරගයේදී සත්කාරක කටාර් කණ්ඩායම පරාජය කරමින් ගෝල 2ට 0ක ජයක් ලැබීමට ඉක්වදෝරය සමත්වුණි. සත්කාරක රාජ්ය පාපන්දු ලෝක කුසලානයක සමාරම්භක තරගය පරාජය වූ පළමු අවස්ථාව ද මෙය වෙයි. මේ අතර මුළු ලෝකයේම ක්රීඩා ලෝලීන්ගේ අවධානය දිනූ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය කටාර් හිදී ඊයේ (20) ආරම්භ වුණි. කටාර් හි අගනගරය වන දෝහා නගරයේ ඇති අල් බයිට් ක්රීඩාංගණයේදී උත්කර්ෂවත් සමාරම්භක උළෙලකින් තරගාවලිය ආරම්භ කෙරුණි. ප්රේක්ෂකයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති සමාරම්භක උළෙල සංස්කෘතිකාංග රැසකින් වර්ණවත් වුණි. අමෙරිකානු ප්රවීන රංග ශිල්පියෙකු වන මෝගන් ෆ්රීමන් විසින් බලාපොරොත්තුව, ඉවසීම සහ එකමුතුකම සම්බන්ධයෙන්…
2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය කටාර් රාජ්යයේදී අද ආරම්භ වනවා. උත්කර්ෂවත් සමාරම්භ උත්සවයකින් අනතුරුව පළමු තරඟය සදහා කටාර් සහ ඉක්වදෝර කණ්ඩායම් තරග වදිනු ඇති.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද (20) පෙරවරුවේ මන්නාරම දිස්ත්රික්කයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මන්නාරම ජනතාවගේ ගැටලු සොයා බැලීම සහ එම ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සාකච්ඡා කිරිම ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ අරමුණ වී තිබිණි. මන්නාරම නගරයට පැමිණි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පළමුවෙන්ම මන්නාරම ඕලන්ද කොටුවේ ප්රතිසංස්කරණ කටයුතු පිළිබඳ සොයා බැලීය. අනතුරුව නඩුකුඩා ධීවර ගම්මානයේ සංචාරයක නිරත වූ ජනාධිපතිවරයා ධීවර ප්රජාව සමග සුහද කථා බහක නිරත වෙමින් ඔවුන්ගේ ගැටලු පිළිබඳ විමසීය. නඩුකුඩා ධීවර ගම්මානයේ වැසියන් මුහුණ දී ඇති ගැටලු රැසක් පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කළ අතර ඒ පිළිබඳ කඩිනමින් සොයා බලා අවශ්ය විසඳුම් ලබාදෙන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. මන්නාරම සුළං…
රටේ ආර්ථිකය ගොඩ නැගීමට යැයි කියමින් ඇඹිලිපිටිය ප්රදේශයේ අක්කර දස දහසක ගංජා වගාකිරීමට ඇති සුදානමට ඇඹිලිපිටියේ මහා සංඝරත්නයත්, බෞද්ධ පිංවතුනුත් කිසිසේත් ම ඉඩ නොදෙන බව ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්රධාන සංඝනායක ඕමල්පේ සෝභිත හිමියෝ ඇඹිලිපිටියේ දී පැවසූහ. ‘අද ඇඹිලිපිටිය භෞතික සම්පත්වලින් සීග්රයෙන් දියුණුවන නගරයක් බවට පත්වෙලා තියනවා. ඇඹිලිපිටිය කියනකොට ඉස්සර තිබුණේ නරක චිත්රයක්. ප්රදේශයේ මහා සංඝරත්නය, බෞද්ධ පින්වතුන් එක්වෙලා අඹිලිපිටියට ආධ්යාත්මික සියුණුවක් ලබාදීපු බව කිව යුතුමයි. හැත්තෑව වනතෙක් ම අඹිලිපිටිය ප්රසිද්ධව තිබුණේ ගංජාවලට. මැලේරියාවට. අඩුකුලියට කුලීකරුවන් සපයාගන්නා මධ්යස්ථානය හැටියට. දඩ මස්වලට. මිනීමස් වලටත් ප්රසිද්ධියක් තිබුණා. ‘ඒ අතීතය බුදුදහමේ ආභාෂය ලබාදෙමින් පරිවර්ථනයට පත්වුණා. ඒ කාලේ අපි ගමනක් යන…
ඕමානයේදී ආපදාවට ලක්වූ කාන්තාවක් සමඟ ජනප්රිය නිරූපන සහ නිවේදන ශිල්පිනියක් වන ස්ටෙෆෙනි සිරිවර්ධන මහත්මිය තැනැත්නන් වෙළෙදාම හා ජාවාරම සහ සමුද්රිය අපරාධ විමර්ශන පොලිස් කොට්ටාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ජනප්රිය ගායක දුෂ්මන්ත් වීරමන් මහතාගේ බිරිඳ වන ස්ටෙෆෙනි සිරිවර්ධන මහත්මිය සමඟ පැමිණි කාන්තාව එහිදී ඕමානයේදී ඇය මුහුණ දුන් තත්වය පිළිබඳව එම කොට්ටාසයට පැමිණි කර තිබේ.
ත්රෛලෝක විජය පත්ර( කංසා) අපනයන ව්යාපෘතිය ලබන මාසයේ ආරම්භ කරන බව ආයුර්වේද රාජ්ය අමාත්ය සිසිර ජයකොඩි මහතා පැවසීය. ත්රෛලෝක විජය පත්ර සම්බන්ධයෙන් සමහර භික්ෂූන් වහන්සේලා වැරදි අදහස් පළ කරන බව පෙනෙන්නට ඇතැයි පැවසූ අමාත්යවරයා තුන්දොස් නසන පත්ර තෛලෝක විජයා පත්ර යන්නෙහි තේරුම බවද ප්රකාශ කළේය.
2007 සිට මහ බැංකුවේ සිදුවු බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් සිදුකළ විදේශිය වෝහාරික විගණනයේ වාර්තාව රාජපක්ෂවරුන් යට ගැසූ බව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි. මහවැලි කේන්ද්රයේ පැවැති ශ්රී ලංකා නිදහස් පක්ෂය විසින් සංවිධානය කළ ‘‘අර්බුදය, අයවැය සහ අනාගතය” නම් අයවැය සම්මන්ත්රණයට එක්වෙමින් මෛත්රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේය “මගේ කාළේ වෙච්ච මහ බැංකු මුල්ය වංචාවේ දී ඒ සඳහා පත්කරපු ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුන්ගෙන් සමනවිත ජනාධිපති කොමිසම වාර්තාව දෙන ගමන් අවසානයේ වාර්තාවේ ලිව්වා මීට වඩා දෙයක් 2007 සිට ඒ දක්වා සිදු වී ඇති බව අපි විශ්වාස කරනවා ඒ නිසා මේකට වෝහාරික විගණනයක් කරන්න. මේකට ලංකාවේ සුදුසු අය නෑ…