Close Menu
Lanka Focus News
    What's Hot

    BRICS නියෝජිතයෝ මවිතයට පත්කළ සාංචි බෞද්ධ උරුමය

    August 12, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    ග්‍රාම නිලධාරී වෘත්තීය ක්‍රියාමාර්ගය අසාධාරණ බව ඇමති කියයි

    August 11, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ධනුෂ්ක එළියට ආවේ මෙහෙමයි
    Hot News

    ධනුෂ්ක එළියට ආවේ මෙහෙමයි

    By LFNNovember 22, 2022No Comments3 Mins Read358 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඔස්ට්‍රේලියාවේදී කාන්තාවකට ලිංගික අතවර කළ බවට ලැබුණු පැමිණිල්ලකට අදාළව අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඇප මත මුදාහැරීමෙන් අනතුරුව දැක්වෙන දර්ශන කිහිපයක් මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    එම දර්ශන පහතින්.

    ඔස්ට්‍රේලියාවේදී කාන්තාවකට ලිංගික අතවර කළ බවට ලැබුණු පැමිණිල්ලකට අදාළව අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඇප මත මුදාහැරීමට සිඩ්නිහි “ඩව්නිං සෙන්ටර්” අධිකරණය පසුගිය 17 වනදා නියෝග කළේය.

    ඒ අනුව ඔස්ට්‍රේලියානු ඩොලර් 150,000 මුදල් ඇපයක් මත මුදාහැරුණු ධනුෂ්ක ගුණතිලකට තවත් දැඩි ඇප කොන්දේසි රැසක් පනවා තිබුණි.

    එසේම ඔහුට තවත් ඔස්ට්‍රේලියානු ඩොලර් 50,000ක මුදලක් තැන්පත් කිරීමට නියෝගකර ඇති අතර ඇප කොන්දේසි උල්ලංඝනය කළහොත් එම මුදල අහිමිවෙයි.

    ඇප කොන්දේසිවලට අනුව ධනුෂ්ක ගුණතිලකට සෑම දිනකම ඊස්ට්වුඩ් පොලීසියට වාර්තා කරන ලෙස නියෝග කර ඇති අතර රාත්‍රී 9 සිට උදෑසන 6 දක්වා ගමන් බිමන් සිදුකිරීමද තහනම් වෙයි.

    සිඩ්නි හි නැගෙනහිර “රෝස් බේ” හි පදිංචි 29 හැවිරිදි තරුණියක් ගොනුකළ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අදාළව ධනුෂ්ක ගුණතිලකව නොවැම්බ්ර් මස 6 වනදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැඳී සිඩනි හෝටලයේදී, සිඩ්නි පොලිසියේ අත්අඩංගුවට පත්විය.

    අත්අඩංගුවට පත්වීමෙන් පසුව ඔහුව ලිංගික අතවර චෝදනා 4ක් ගොනුකරමින් පොලිසීය ඔහුව නොවැම්බර් 7 වනදා ඩවුනින් සෙන්ටර් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ධනුෂ්ක ගුණතිලකගේ නීතීඥවරුන් කළ ඇප ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

    කෙසේවෙතත් ධනුෂ්ක ගුණතිලකට අදාළ නීතී කෘත්‍ය, ලිපිගොනු සහ සාක්ෂි සම්බන්ධයෙන් නීතීඥවරුන්ගේ ඉල්ලීම් සිදුකිරීම සඳහා අවස්ථා දෙකකදී යළි කැඳවූනු අතර නඩුවේ කරුණු වාර්තා කිරීමට මාධ්‍යට අවසර ලබාදීම සහ සිඩ්නි දුම්රිය ස්ථානයක සීසීටීවී දර්ශන ධනුෂ්කගේ නීතීඥවරුන්ට ලබාදීම සඳහා අවසර ලබාදීමට අධිකරණය නියෝග කරනු ලැබීය.

    කෙසේවෙතත් අද පෙරවරුවේ ධනුෂ්ක ගුණතිලකට ඇප අයදුම් කිරීමට අදාළව ඔහු වෙනුවෙන් පෙනීසිටින ජ්‍යෙෂ්ඨ නීතීඥ මුරුගන් තංගරාජ් සිදුකළ ඉල්ලීමක් සලකාබැලීම සඳහා නීති කෘත්‍ය යළි අධිකරණය හමුවේ කැඳවා තිබුණි.

    එහිදී පාර්ක්ලීහී පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක සිට ධනුෂ්ක ගුණතිලක වීඩියෝ තාක්ෂණයෙන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

    ඇප ඉල්ලීමට විරෝධය පොලීසිය පළකරමින් සිඩ්නි පොලීසිය අධිකරණය හමුවේ පැවසුවේ සැකකරුව ඇප මත මුදාහැරියහොත් ඔහුව අධිකරණයට ගෙන්වා ගැනීමේ අපහසුතා මතුවිය හැකි අතරම පැමිණිලිකාරියගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද අවදානමක් මතුවන බවය.

    එමෙන්ම සමාජ මාධ්‍ය භාවිත කරන ශ්‍රී ලාංකික නම් දරන නාඳුනන පුද්ගලයින් පැමිණිලිකාරියට හිරිහැර වන අකාරයේ පණිවිඩ එවීම නිසා ඇයගේ සමාජ මාධ්‍ය වෙබ් අඩවි අක්‍රීය කිරීමටද සිදුවූ බව සිඩ්නි පොලිසිය අධිකරණයට පැවසීය.

    එමෙන්ම සැකකාර ධනුෂ්ක ගුණතිලකට, පැමිණිලිකාරියගේ ලිපිනය මතක තිබීමට වැඩි ඉඩක් පවතින බවද පොලීසිය සඳහන් කළේය.

    එහිදී ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මුරුගල් තංගරාජ් මහතා අධිකරණයට පෙන්වා දුන්නේ සිය සේවාදායකයාට ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමයක සහ ශ්‍රී ලංකා රජයේ සහයෝගය ලැබෙමින් පවතින බැවින් ඔහු සිය ඇප කොන්දේසි කඩ කළහොත් ඔහුගේ ක්‍රීඩා දිවිය අවසන් වන බවය.

    එමෙන්ම සැකකරු ඔස්ට්‍රේලියානු පුරවැසියෙක් වූවානම් පවතින තත්වය හමුවේ ඔහුට අනිවාර්යෙන්ම ඇප හිමිවන බවද නීතීඥ තංගරාජා අධිකරණයට පෙන්වා දුන්නේය.

    එමෙන්ම තම සේවාදායකයා, කිසිදු ප්‍රචණ්ඩ හැසිරීමක නියළුණු බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන අතරම පැමිණිලිකාරියගේ කැමැත්ත පිළිබඳ අඩුවක් තිබුණේයැයි පැමිණිලිකාරිය සිදුකරන ප්‍රකාශයද ප්‍රතික්ෂේප කරන බව නීතීඥවරයා අධිකරණයට පැවසීය.

    පැමිණිලිකාරියගේ පැමිණිල්ලට අනුව ධනුෂ්ක සිය නිවසට රැගෙන යාමෙන් පසු ගැටලුකාරී තත්වයක් උද්ගතවීමට පෙර මුල් අවස්ථාවේ සිය කැමැත්තෙන් ලිංගික ක්‍රියාකාරකම්වල නිරතව ඇති බව සඳහන් වන්නේයැයිද නීතීඥවරයා සඳහන් කළේය.

    එබැවින් පොලීසිය සිදුකරන පැමිණිල්ලේ නීතී ක්‍රියාවලිය ශක්තිමත් එකක් නොවන බව නීතීඥ මුරුගන් තංගරාජා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

    ඇතැම් පුද්ගලයින් පැමිණිලිකාරියගේ සමාජ මාධ්‍ය ඔස්සේ පණිවූඩ යැවීම ධනුෂ්කගේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිදුවී ඇති බැවින් එම කාරණය ධනුෂ්කගේ අරමුණකට අනුව සිදුවූවක් නොවන බවද නීතීඥවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    එබැවින් එම චෝදනාව ධනුෂ්කට ඇප ලබානොදීමට කිසිසේත්ම අදාළ කරුණක් නොවන බව ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා පැවසීය.

    කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය දැඩි ඇප කොන්දේසි පනවමින් සැකකාර ධනුෂ්ක ගුණතිලක ඇප මත මුදාහැරීමට නියෝග කළාය.

    එහෙත් ඔහු සෑම දිනකම ඊස්ට්වුඩ් පොලීසියට වාර්තා කළ යුතු අතර රාත්‍රී 9 සිට උදෑසන 6 දක්වා ගමන් බිමන් සිදුකිරීමද තහනම් කර තිබුණි.

    ඊට අමතරව පැමිණිලිකාරිය ඇමතීමට හෝ සම්බන්ධ කරගැනීමට කටයුතු කිරීමෙන් වැළකීම, සහ ටින්ඩර් ඇතුළු යෙදුම් භාවිත කිරීමෙන් වැළකීමද ඇප කොන්දේසි අතර වෙයි.

    ධනුෂ්ක ගුණතිලකගේ ගුවන් ගමන් බලපත්‍රයද අධිකරණය භාරයේ පවතින අතර නඩුව යළි ජනවාරි 12 වනදා කැඳවීමට නියමිතව තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    BRICS නියෝජිතයෝ මවිතයට පත්කළ සාංචි බෞද්ධ උරුමය

    August 12, 2026

    ග්‍රාම නිලධාරී වෘත්තීය ක්‍රියාමාර්ගය අසාධාරණ බව ඇමති කියයි

    August 11, 2026

    කොලොම්බියාවේ භූකම්පනයෙන් මියගිය ගණන 132ක් දක්වා ඉහළට

    August 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,459 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,414 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,616 Views
    Don't Miss

    BRICS නියෝජිතයෝ මවිතයට පත්කළ සාංචි බෞද්ධ උරුමය

    August 12, 202604 Views

    සාංචිහි බෞද්ධ උරුමය සහ ගෘහ නිර්මාණ ශිල්පය දැක බ්‍රික්ස් නියෝජිතයෝ මවිතයට පත්ව තිබේ. ඒ, ක්‍රිස්තු…

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    ග්‍රාම නිලධාරී වෘත්තීය ක්‍රියාමාර්ගය අසාධාරණ බව ඇමති කියයි

    August 11, 2026

    කොලොම්බියාවේ භූකම්පනයෙන් මියගිය ගණන 132ක් දක්වා ඉහළට

    August 11, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.