Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කංසාවලට ඇඹිලිපිටියේ ඉඩක් නෑ
    Featured

    කංසාවලට ඇඹිලිපිටියේ ඉඩක් නෑ

    By LFNNovember 20, 2022No Comments2 Mins Read210 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රටේ ආර්ථිකය ගොඩ නැගීමට යැයි කියමින් ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ අක්කර දස දහසක ගංජා වගාකිරීමට ඇති සුදානමට ඇඹිලිපිටියේ මහා සංඝරත්නයත්, බෞද්ධ පිංවතුනුත් කිසිසේත් ම ඉඩ නොදෙන බව ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත හිමියෝ ඇඹිලිපිටියේ දී පැවසූහ.

    ‘අද ඇඹිලිපිටිය භෞතික සම්පත්වලින් සීග‍්‍රයෙන් දියුණුවන නගරයක් බවට පත්වෙලා තියනවා. ඇඹිලිපිටිය කියනකොට ඉස්සර තිබුණේ නරක චිත‍්‍රයක්. ප‍්‍රදේශයේ මහා සංඝරත්නය, බෞද්ධ පින්වතුන් එක්වෙලා අඹිලිපිටියට ආධ්‍යාත්මික සියුණුවක් ලබාදීපු බව කිව යුතුමයි. හැත්තෑව වනතෙක් ම අඹිලිපිටිය ප‍්‍රසිද්ධව තිබුණේ ගංජාවලට. මැලේරියාවට. අඩුකුලියට කුලීකරුවන් සපයාගන්නා මධ්‍යස්ථානය හැටියට. දඩ මස්වලට. මිනීමස් වලටත් ප‍්‍රසිද්ධියක් තිබුණා.

    ‘ඒ අතීතය බුදුදහමේ ආභාෂය ලබාදෙමින් පරිවර්ථනයට පත්වුණා. ඒ කාලේ අපි ගමනක් යන කොට ඇඹිලිපිටියේ කිව්වාම උපහාසාත්මකව බැලීමක් තිබුණා. ඇඹිලිපිටියේ අපි ඈත පළාත්වල ගියාම ඒ පැතිවල තරුණයෝ අපිව ඔලොක්කුවට අරගෙන කුරුලූ බැදිදේ ගීතය ප‍්‍රතිසංවිධානය කරමින් ‘ඇඹිලිපිටියේ ගිහිල්ලා බඩු මිටියක් ගෙනැල්ලා තාලයකට තියාලා පොඩි සුරුට්ටුවක් ඔතාලා’ කියලා ගායනා කරමින් කිව්වා. එවන් තත්ත්වයක් තිබුණු ඇඹිලිපිටිය අද ආධ්‍යාත්මික වශයෙන් දියුණුවී බෞද්ධාගමික පරිසරයක් ගොඩනැගී ඇති බව කිව යුතුයි.

    ‘මෙවන් පරිසරයක අපට ඇහෙනවා කණකොක් හඬක්. ඇඹිලිපිටිය යළිත් වරක් ගංජා පුරවරයක් බවට පත්කිරීමේ උත්සාහයක් දැන් ඉදිරිපත් වෙලා තියනවා. දේශීය වෛද්‍ය ඇමතිවරයා පසුගියදා කියනවා ගංජා වගාවට ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ අක්කර දහදාහක් වෙන් කරන්න යනවා කියලා. හැබැයි ජනාධිපතිවරයා ඒ කියන්නේ ගංජා කියලා නෙවෙයි. ත්‍රෛලෝක විජය පත‍්‍ර කියලා. හොඳ බුදධිමතුන් පිරිසක් ඒ නම තියලා තියෙන්නේ. ත්‍රෛලෝක විජය පත‍්‍ර කියන්නේ තුන්ලෝකය ජයග‍්‍රහණය කළ කියන එක. කංසා බීලා මත්වුණ කෙනෙකුට හිතෙන්නේ තමන් තුන් ලෝකේ ලොක්කා කියලා යැයි ඒ හිමියෝ පැවැසූහ

    ඉත්තෑදෙමළියේ ධම්මසිරි හිමියන්ට සද්ධර්ම කීර්ති සොනුත්තර කොළොන්න කෝරලයේ ප‍්‍රධාන සංඝනායක පදිවිය පිරිනැමීම නිමිත්තෙන් ඇඹිලිපිටිය බුද්ධි මණ්ඩපයේ පැවති උත්සව සභාවකදී උන් වහන්සේ මේ බව පැවසුහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026010 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.