Close Menu
Lanka Focus News
    What's Hot

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහ බැංකු අධිපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
    Featured

    මහ බැංකු අධිපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

    By LFNNovember 20, 2022No Comments2 Mins Read281 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දැනුම සහිත සුදුස්සන් මෙරට ආර්ථිකය මෙහෙයවූවා නම් රට මෙවන් ආර්ථික අර්බුදයකට පත්නොවනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු, අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

    මාතර පැවැති උත්සවයක් අමතමින් මහ බැංකු අධිපතිවරයා පැවසුවේ, වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ගන්නා අපහසු තීන්දු තීරණ පිළිබඳ ජනතාව තේරුම් ගනු ඇති බවට විශ්වාස කරන බවය.

    මාතර රාහුල විද්‍යාලයට වසර 100ක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කර තිබුණු උත්සවයකට, එම විද්‍යාලයේ ආදි සිසුවෙකු වන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (19) සහභාගි වුණි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා,

    “රටක ආර්ථිකය මෙහෙයවීම වුණත් මම දකින්නේ, තීරණ ගන්න අය, ප්‍රතිපත්ති ගන්න අය නියමාකාරයෙන් දක්ෂකම ඇති සුදුසු කෙනෙක් ඒ ස්ථානවල කාලයක් තිස්සේ ක්‍රියාකරගෙන යනවා නම්, අපි මේ තත්ත්වයට පත් නොවෙන්න තිබුණා. සුදුස්සාට සුදුසු තැන ලැබිලා තමයි දියුණු රටවල් දියුණු වෙන්නේ. එහෙම නැතුව සුදුස්සාට සුදුසු තැන නොලැබෙන දක්ෂයාට දක්ෂකම් අනුව තරගකාරීව ඉදිරියට යන්න බැරි සමාජයක ඒක සාර්ථක වෙන්නේ නෑ. මහ බැංකු අධිපති වශයෙන් මට කියන්න ඕනේ එක දෙයයි. අපි ඉන්නේ ඉතාම අමාරු කාලෙක. ආර්ථික අර්බුදයෙන් ගොඩඒම පහසු නැහැ. අමාරු තීරණ ගන්න වෙනවා. හැබැයි ඒවා ඒවා ජනප්‍රිය තීරණ නෙවෙයි. අමාරු තීරණ ගද්දී යම් කොටසකට පීඩා එයි. ඒ පීඩාව තුළින් යම් ආකාරයක දෝෂාරෝපණ ඒ තීරණ ගන්න අයට එන්න පුළුවන්. නමුත් මොන තරම් දෝෂාරෝපණ ආවත් තමන් ගන්න තීරණ නිවැරදි නම් ඒක නම් කළ යුතු හරි දේ මම හිතන්නේ සුදුස්සෙක් හා දැනුම තියෙන කෙනෙක් නම් ඒවට නොනැමි හරි දේ කිරීමේ හැකියාව හා ඒ පන්නරය තියෙන්න ඕනේ. යම් ආකාරයක ප්‍රතිපත්ති හා තීරණ ගන්න අයට. ඒ නිසා තමා මං බලාපොරොත්තු වෙන්නේ එහෙම ක්‍රමවේදයක් තුළ දී ජනතාව තේරුම් ගන්න ඕනේ. කෙටි කාලීනව අමාරුකම් තිබුණත්. කරන්නේ අමාරු දේවල් වුණත් ඒවා කළ යුතු දේවල්. ඒ තුළින් බලාපොරොත්තු වෙන්නේ හැකි ඉක්මනින් ගොඩ ඇවිල්ලා යම් ආකාරයකට රට යථාතත්ත්වයට ස්ථාවර කරලා පසුව රටේ හැමෝටම යම්කිසි මීට වඩා යහපත් අවස්ථාවක් ලබාගන්න පුළුවන්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 202600 Views

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. බණ්ඩාරගම, හික්කඩුව,…

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.