Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති හූ වෙයි මහතා හා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (21දා) පවත්වා තිබේ. මෙහිදී ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වීය හා බහු පාර්ශ්වීය ණය සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වූ බව චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි. චීන රජය මෙන්ම චීනයේ බැංකු ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය පිළිබඳව ජනපතිවරයා සිය කෘතඥතාව ප්‍රකාශ කළ බව තානාපති කාර්යාලය පවසයි.
දිවයින පුරා මාංශ ප්‍රවාහනයට අවසර ලබාදීමට කටයුතු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. පසුගිය දෙසැම්බර් 08 සහ 09 දිනවල උතුරු නැගෙනහිර ප්‍රදේශවල විශාල වශයෙන් ගවයින් සහ එළුවන් මියයෑම් වාර්තා විය. සිදුකළ පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ එම සතුන් මියගොස් ඇත්තේ වසංගත තත්ත්වයක් හේතුවෙන් නොවන බවය. ඊට හේතුවී තිබුණේ එම දිනවල පැවැති දැඩි ශීත කාලගුණය බව හඳුනාගෙන ඇත.
ගල් අඟුරු තොග කඩිනමික් ගෙන්වා ගැනීමට නොහැකි වූවහොත් ජනවාරි මාසය වන විට විදුලි කප්පාදුව තවදුරටත් ඉහළ යනු ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. ඔහු පවසන්නේ ලබන වසර සඳහා ගල් අඟුරු නෞකා 38ක් ගෙන්වා ගැනීමට අවශ්‍ය වුවද මේ දක්වා මෙරටට පැමිණ ඇත්තේ ගල් අඟුරු නෞකා 06ක් පමණක් බවය. ඉදිරි විදුලි කප්පාදුව සහ විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් සිවිල් සංවිධාන සමග පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනක රත්නායක මහතා මේ බව කියා සිටියේය. “ගල්අඟුරු අගෝස්තු මාසයේ සිට අද දක්වා අපිට ඇවිල්ලා තියෙන්නේ ගල්අඟුරු නැව් 5යි. තව එකක් එන්නට තියෙනව තව සුමාන දෙකක් ඇතුළත ඒ නිසා තමයි…
උතුරු කැලිෆෝනියාවේ රික්ටර් මාපක 6.4ක භූකම්පනයක් හටගෙන තිබේ. අද (21) අලුයම භූකම්පනය හට ගෙන ඇති අතර, එයින් පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් 12දෙනෙක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. භූකම්පනය හේතුවෙන් හම්බෝල්ට් ප්‍රාන්තය අවට නිවාස සහ ව්‍යාපාර දස දහස් ගණනකට විදුලිය විසන්ධි වී ඇතැයි ද වාර්තා වේ.
දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ ව්‍යාපෘති වෙනුවෙන් මෙරටට විදෙස් ආයෝජන ගෙන්වා ගැනීම සඳහා රජයේ අවධානය යොමුව තිබේ. පුනර්ජනනීය බලශක්ති සියයට 70ක ඉලක්කය ළඟා කර ගැනීම, 2050 වනවිට කාබන් මධ්‍යස්ථභාවය ලබා ගැනීම සහ කාබන් විමෝචන බලපත්‍ර වෙනුවෙන් වූ ජාත්‍යන්තර වෙළඳපොළ සොයා යෑම යන ඉලක්ක සපුරා ගැනීම සඳහා විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීම රජයේ සැලසුම වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන සහ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක එරික් සෝල්හයිම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබේ. සහනදායී දේශගුණික මූල්‍යකරණය, කාබන් බැර කිරීම, කාබන් වෙළෙඳපො, පුනර්ජනනීය බලශක්තිය සහ හයිඩ්‍රජන් වැනි…
රත්වූ ඉස්තිරික්කයකින් සිය බිරිඳගේ ශරීරයේ කිහිප පොලක් පිලිස්සීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු හාලිඇල පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙසේ අත්අඩංගුවට ගනු ලැබූයේ හාලිඇල රොසට් වත්ත පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ සැකකරුගේ බිරිඳ වන ඉහත ලිපිනයේ පදිංචි 28 හැවිරිදි තිදරු මවකි. ඇය රෙදි මදිමින් සිටින අතර සැමියා සමඟ ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් ඇය අතවූ රත්වූ ඉස්තිරික්කය උදුරාගත් සැමියා මෙම පිලිස්සීම සිදුකළ බව පැවසෙන අතර ඇගේ මුහුණ, ගෙල හා පිට ප්‍රදේශය පිලිස්සීමට ලක්ව තිබේ. මෙම අඹුසැමි යුවල අතර සුළු සුළු හේතු මත පවා නිරන්තරයෙන් ආරවුල් ඇතිවන අතර එහිදී බොහෝවිට වින්දිත කාන්තාව පහරකෑමට ලක්වන බවද ඇගේ සිරුරේ මීට පෙර සිදුවූ…
ජෝන් හෝප්කිංස් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැන්කී මහතා සතිපතා ප්‍රකාශයට පත්කරන ලොව රටවල් අතර උද්ධමනයෙන් ශ්‍රී ලංකාව පහළ ගොස් තිබේ. මෙම දර්ශකය අනුව ශ්‍රී ලංකාව තවදුරටත් පස්වැනි ස්ථානයේ පසුවුවත් උද්ධමනය සියයට 113ක් දක්වා පහළට ගොස් තිබේ. මෙම දර්ශකය අනුව ලෝකයේ ඉහළම උද්ධමනයක් ඇති රට බවට තවදුරටත් පෙරමුණේ පසුවන්නේ සිම්බාබ්වේ වෙයි.
එප්පාවල පොලිස් වසමේ කිරලෝගම, ගැටදිවුල ප්‍රදේශයේ පදිංචි 09 හැවිරිදි පිරිමි දරුවකු පුද්ගලයකු විසින් පැහැර ගෙන ගොස් ඇති බවට එප්පාවල පොලීසියට අදාළ දරුවාගේ දෙමාපියන් විසින් පැමිණිල්ලක් සිදු කර ඇත. මෙම සිසුවා ප්‍රදේශයේ විදුලි කාර්මික ශිල්පි ආයතනයක් පවත්වාගෙන ගිය විදුලි කාර්මික ශිල්පියකු සමඟ මිතුරුව සිටි බවත්, අදාළ විදුලි කාර්මිකයා දරුවා පැහැර ගෙන යන්නට ඇති බවට සැකකරන බවත් දරුවාගේ මව පැවසීය. ඊයේ (19) රාත්‍රි 8.30 න් පමණ පසුව දරුවා නිවසේ නොමැති බවට දැන ගෙන සොයා බැලූවද මෙතෙක් ඔහු සම්බන්ධයෙන් තොරතුරක් නොලැබුණ බව දරුවාගේ මව වන පුෂ්පා මල්කාන්ති මහත්මිය හඩා වැළපෙමින් පැවසූවාය.
අ.පො.ස.(සා.පෙළ) විභාගය සඳහා 2021 (2022) වර්ෂයේ දී පළමුවරට පෙනී සිට විභාගය සමත්ව 2024 වර්ෂයේ දී අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත, ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් 23 වනදායින් අවසන් කෙරේ. ශිෂ්‍යත්ව අපේක්ෂකයන් අදාළ අයදුම්පත්‍ර විදුහල්පති මගින් ලබාගෙන එය නිසි පරිදි සම්පූර්ණ කර ආදායම් තත්ත්වය පිළිබඳ ග්‍රාම නිලධාරී නිර්දේශය සහිතව 2022-12-23 වන දිනට පෙර විදුහල්පති වෙත භාරදීම විධිමත් ක්‍රමවේදය වන අතර එම අයදුම්පත්‍ර විදුහල්පතිවරු විසින් කලාප අධ්‍යාපන කාර්යාල හරහා ජනාධිපති කාර්යාලය වෙත භාර දීම සිදු කරනු ලබයි. නමුත් අයදුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳ අවබෝධයක් නොමැතිකම හේතුවෙන් අයදුම් පත් විශාල සංඛ්‍යාවක් සෘජුව ජනාධිපති…
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 5 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ. මේ අනුව ලොකු ලූණු, රතු පරිප්පු, දේශීය ටින් මාලු, වියළි මිරිස් හා හාල් මැස්සන් (තායි) යන භාණ්ඩවල මිල අඩු කිරීමට කටයුතු කර තිබේ. මෙම මිල අඩු කිරීම හෙට සිට ක්‍රියත්මක වෙයි. ලොකු ලූණු කිලෝවක් රුපියල් 5 කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 185කි. රතු පරිප්පු කිලෝවක් රුපියල් 7 කින් ඩු කර ඇති අතර නව මිල රුපියල් 378ති. දේශීය ටින් මාළු ග්‍රෑම් 425 ක් රුපියල් 10 කින් අඩුකර අරති අතර නව මිල රුපියල් 480කි. වියළි මිරිස් කිලෝවක් රුපියල් 15 කින් අඩු කර ඇති අතර නව මිල…