Author: LFN

යාපනය සිවිල් සමාජ කේන්ද්‍රය විසින් අද(28) කොළඹ දී පැවැත්වු මාධ්‍ය සාකච්ඡාවකදී විශේෂ හෙළිදරව්වක් කරන ලදී. එහි සභාපති අරුන් සිද්ධාර්ථ විසින් මෙම හෙලිදරව්ව කළ අතර , ‌ඒහදි ඔහු මෙසේ අදහස් දක්වන ලදී. දශක තුනක් මුළුල්ලේ මෙරට පැවති යුද්ධය අතරතුර මෙන්ම මෙහි අවසාන වකවානුවේද ඉන් පසුවද මෙරට කීර්කිනාමයට අපහාස වන අයුරින් දේශිය හා ජාත්‍යන්තරව විශාල වැඩ පිළිවෙලක් ගෙනගිය බව අප දනිමු සෑම වසරකම ජිනීවා මානව හිමිකම් සමුළු තුලදී මෙරට නියෝජනය කෙරුණද, එහිදී අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථා ලැබුනේ එක්තරා පිරිසකට පමණක් වන බැවින් යුද්ධයට සෘජුව මුහුණදුන් සාමාන්‍ය ජනතාවට තමන්ගේ අසාධාරණ හා තමන් දන්නා සත්‍ය පැවසීමට අවස්ථාවක් ලැබී නැත. මෙම වසරේ නැවත කැදවීමට නියමිත…

Read More

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීම, මානව සම්පත් සංවර්ධනය, ජපන් ආයෝජන ලංකාවට ගෙන්වා ගැනීම සහ සංචාරක ප්‍රවර්ධනය සම්බන්ධයෙන් වන අවභෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා රජය සහ ජපානයේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික සමූහයක් වන පැසෝනා සමූහය එළඹ තිබේ. කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ජපන් නිල සංචාරය අතරවාරයේදී Awaji Island හි “Wave Riding Festival” රඟහලේදී මෙම අවභෝධතා ගිවිසුමට අත්සන් තබා ඇත. කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය සහ පැසෝනා සමූහය අතර මෙම අවභෝධතා ගිවිසුමට අත්සන් කර තිබේ. මෙම අවභෝධතා ගිවිසුමට අනුව රැකියා අවස්ථා සදහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් බදවාගැනීමට අපේක්ෂිත ජපන් ආයතනවලට අවශ්‍ය ස්ථානීය බදවා ගැනීම් සදහා පැසෝනා සමූහය සිය සහාය ලබාදෙයි.…

Read More

ඉන්දියාවෙන් ආනයනය කරන ලද තෙවැනි බිත්තර තොගයෙන්ව ත් බිත්තර තොගයක් අද (13) පස්වරුවේ බේකරි නිෂ්පාදකයින් සඳහා නිකුත් කරන බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව පවසයි. බිත්තර වෙළඳපොළට නිකුත් කිරීමට වෙනුවෙන් සෞඛ්‍ය අංශවෙතින් අවසර ලැබීමත් සමගින් මෙසේ එම බිත්තර තොගය වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතය.

Read More

විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය සමඟ පසුගිය මාස 1,1/2 තුළ සාකච්ඡා වට කීපයක් පවත්වා එම සංගමය විසින් ඉදිරිපත් කරන ලද ගැටලු කීපයකට විසඳුම් ලබා දී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. විශ්වවිද්‍යාල දේශන යළි ආරම්භ කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කරන අධ්‍යාපන අමාත්‍යාංශය උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම ආරම්භ කිරීමට මේ වන විට විභාග දෙපාර්තමේන්තුව සූදානම් බැවින් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම කඩිනමින් ආරම්භ කිරීමට ද මැදිහත් වන මෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයෙන් ඉල්ලා සිටී. විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයට තවදුරටත් යම් ගැටලු සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් ඉදිරි ඕනෑ ම දිනක ඊට සූදානම් බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

Read More

උත්සව සමයේ බෙදාහරින ඉන්ධන ප්‍රමාණය දිනකට ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 5500 දක්වාත් ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 4650 දක්වාත් වැඩි කිරීමට කටයුතු කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි. සිය ට්විටර් ගිණුමෙන් ඔහු සඳහන් කරනනේ පසුගිය දින 7 ඉන්ධන අලෙවියේ දත්ත අනුව ජාතික ඉන්ධන අවසර පත්‍ර QR පද්ධතිය හරහා ඉන්ධන අලෙවියේ සැලකිය යුතු දියුණුවක් පෙන්නුම් කරන බවයි.

Read More

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් 2) දින ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ ඉදිරි මාස 06 සඳහා ස්ථාවරකරණ කමිටුවක් පත් කරන ලදි. එමෙන්ම 2022 අප්‍රේල් 01 වන දින නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කිරීමෙන් අනතුරුව රග්බි ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සිදු කරන්නා වූ ධනාත්මක කරුණු සැළකිල්ලට ගෙන අප්‍රේල් 12 දින MOYS/MIN/AR/R-03 අංකය යටතේ අමාත්‍යවරයා විසින් යවන ලද ලිපිය ට යහපත් ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ රග්බි සම්මේලනය වෙත පනවා තිබූ තහනම ඉවත් කළ බවත්, පූර්ණ සාමාජිකත්වය ලබා දුන් බවත් ආසියානු රග්බි සම්මේලනයේ සභාපති ක්යිස් අල් දලායි මහතා (Mr.Qais al Dhalai) විසින් ලිපියක් මගින් අමාත්‍යවරයා වෙත දැනුම් දී ඇත. මෙය…

Read More

එළැඹෙන මැයි මාසයේදී චීනය, ඉන්දියාව, පැරිස් සමාජය ඇතුළු ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ එකඟතාවන්ට එළැඹීමට අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. රොයිටර්ස් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළ ක්‍රියාවලිය සඳහා නිල කමිටුවක් පත් කරන්නේද නැතහොත් ද්විපාර්ශවික සාකච්ඡා මඟින් අවසන් එකඟතාවකට එළඹෙන්නේද යන්න පිළිබඳව අදාළ පාර්ශව අවසන් තීරණයකට එළෙඹෙනු ඇති බවය. ජාත්‍යන්තර ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවයට එළැඹීමට පෙර දේශීය ණය ප්‍රතිව්‍යූගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ අවසන් නිගමනයන්ට එළැඹීමට අපේක්ෂා කරන බවද මහ බැංකු අධිපති ආචාර්ය නන්ද ලාල් වීරසිංහ මහතා රොයිටර්ස් පුවත්…

Read More

පිරිසක් අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය පවසන්නේ වත්තල පොලිස් වසමේ කෙරවලපිටිය, හැඳල ප්‍රදේශයේදී ඊයේ (11) එම ඝාතනය සිදුව ඇති බවය. එසේ මියගොස් ඇත්තේ, 38 හැවිරිදි වලේබඩවත්ත, පහළ කොටස, බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇති බවට පොලීසිය සැකපළකරයි. ඝාතනය සිදුකළ සැකකරුවන් ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වත්තල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ ගබඩා කර තිබූ මුදල් ප්‍රමාණයක් අතුරුදන් බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ. මෙලෙස අතුරුදන්ව ඇති බවට වාර්තා වන මුදල රුපියල් ලක්ෂ 50කි. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් විසින් කොටුව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් සිදුකර ඇත. ඒ අනුව පොලීසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලීසිය විසින් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවය.

Read More

හදිසි අනතුරු හේතුවෙන් මිලියනයකට අධික ප්‍රමාණයක් වසරකට රෝහල් ගත වනබව විශේෂඥ ‍වෛද්‍ය සමිත සිරිතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, උත්සව සමය හේතුවෙන් ඉදිරි සතිය තුළ අනතුරුවලින් රෝහල් ගතවන ප්‍රමාණය ඉහළ යාහැකි බවය. “මේ කාලය ගත්විට ඇත්තටම සුවිශේෂී කාලයක්. අපේ තියෙන දත්ත අනුව දල වශයෙන් අපි අනතුරු ගැන කථා කළහොත් ලංකාවේ රෝහල්වලට නේවාසික ප්‍රතිකාර සඳහා වැඩිපුරම ඇතුළත් වෙන්නේ අනතුරු නිසා තමයි. එය දල වශයෙන් අවුරුද්දකට මිලියන 1.3ක් විතර වාර්තා වෙනවා. 2020, 2021 වසරේ යම් ප්‍රමාණයක් අනතුරුවල අඩුවීමක් තිබුණා. ඒ කොවිඩ් ගෝලීය අධි වසංගතය නිසා ඇති වුණු විවිධාකාර හේතු නිසා. ඒ වුණාට අපි දකිනවා නැවත වාරයක් එය වැඩිවෙමින් පවතිනවා. කෙසේ වුණත් මේ…

Read More