Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද දිනයේත් විශේෂ පෞද්ගලික බස්රථ සේවා ක්‍රියාත්මක බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. එහි අධ්‍යක්ෂ ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ ජනතාවගේ ගමන් පහසුව සඳහා අමතර බස් රථ 300කට අධික ප්‍රමාණයක් යොදවා ඇති බවය. ඒ අනුව අවුරුදු සමය වෙනුවෙන් අතිරේක බස්රථ අද දිනයේත් ධාවනයට යෙදවීම ලංකා ගමනාගමන මණ්ඩලය සැලසුම් කර ඇති බව එහි සාමාන්‍යාධිකාරී පණ්ඩුක සවර්ණහංස මහතා සඳහන් කළේය. මේ අතර සමස්ථ ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ දුර ගමන් සේවා බස්රථ සාමාන්‍ය පරිදි 13 වනදා දක්වා ක්‍රියාත්මක බවය. මේ අතර අද දිනයේත් අලුත් අවුරුදු සමය…
එළඹෙන උත්සව සමය හේතුවෙන් තක්කාලි සහ බටු කිලෝවක මිල ඊයේ (09) දින සිට ඉහල ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ එලවළු වෙලෙදුන් පවසයි. අනෙකුත් එලවළු මිල මේ දිනවල සැලකිය යුතු ලෙස පහල බැස තිබියදි පසුගිය දිනවල රු 150 මිලකට අලෙවි වු තක්කාලි කිලෝවක් මේ වන විට රු 250 දක්වාත්, රු 200 මිලකට පැවති වම්බටු කිලෝවක් රු 350 දක්වා ඉහල ගොස් ඇති බව වෙලෙදුන් පැවසිය. උත්සව සමයේ තක්කාලි සහ වම්බටු වලට වෙලදපොල් පවතින ඉහල ඉල්ලුම හමුවේ මිල ඉහල ගොස් ඇති බවයි වෙලෙදුන් වැඩිදුරටත් කියා සිටියේ.
2023 මැයි මස 15 වනදා ආරම්භ වීමට නියමිතව තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාගය කල්දමා තිබේ. එම විභාගය සති දෙකකින් කල්දමා ඇති අතර ඒ අනුව එය මැයි 29 වනදා ආරම්භ කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. පසුගියදා පැවැති උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු සිදුකිරීමට මේ දක්වා නොහැකි වීම හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගය කල්දමා ඇති බව වාර්තා විය. බදු අයකිරීම සම්බන්ධයෙන් ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උත්තර පත්‍ර පරීක්ෂාව මගහැර සිටින අතර ගුරුවරුන් උත්තර පත්‍ර පරික්ෂාව සඳහා කැමැත්ත පළකර තිබේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් සමන්විත මණ්ඩල විසින් ලකුණු ලබාදීමේ පටිපාටිය සකස් කරන තෙක් උත්තර පත්‍ර පරික්ෂාව ආරම්භකිරීමට හැකියාවක් නොමැති බව බලධාරීන්…
ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවට අනුව ලොව ආහාර උද්ධමනය ඉහළම මට්ටමක පවතින රටවල් අතරින් ශ්‍රී ලංකාව 10 වන ස්ථානය දක්වා පහළ බැස තිබේ. ඉහළම මට්ටමක පැවැති උද්ධමනය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව දෙවැනි වූයේ සිම්බාබ්වේ සහ ලෙබනනයට පමණි. මේ වනවිට ලොව වැඩිම ආහාර උද්ධමනයක් සහිත රට ලෙබනනය වන අතර එහි අගය 139%කි. සියයට 59ක ආහාර උද්ධමනයක් පවතින ශ්‍රී ලංකාව එම ලැයිස්තුවේ දස වන ස්ථානයේ පසුවන බව ලෝක බැංකු දත්ත අනාවරණ කරයි.
ස්ථීර නිවසක් නොමැති අඩුආදායම් ලාභීන් වෙනුවෙන් “ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස ආධාර ව්‍යාපෘතියේ නිවාස ඉදිකිරීම් මේ වනවිට 50 ෴ක පමණ වැඩ අවසන්ව ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව, 2021 වසරේදී නිවාස 12,231ක ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර ඉන් නිවාස 6,039ක වැඩ අවසන් කර තිබේ. එමෙන්ම 2022 වසරේදී නිවාස 1,465ක වැඩ ආරම්භ කළද වැඩ අවසන්ව ඇත්තේ නිවාස 25ක පමණි. මෙම ව්‍යාපෘතිය යටතේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ පමණක් නිවාස 1,215ක වැඩ ආරම්භ කර ඇති අතර ඉන් නිවාස 727ක වැඩ අවසන්ව ඇත. එමෙන්ම මිනුවන්ගොඩ ආසනය තුළ පමණක් නිවාස 159ක වැඩ ආරම්භ කර තිබේ. මේ වනවිට ඉන් නිවාස 78ක වැඩ අවසන්කර…
රටේ ආර්ථිකය ගොඩනැංවීමට නුවරඑළිය උපරිමයෙන් දායක කර ගැනීමට සැලසුම් සහගත වැඩපිළිවෙළක් නගරය තුළ විධිමත් ජල කළමනාකරණ වැඩසටහනකට හා පානීය ජල ගැටළුවට ස්ථිරසාර විසඳුම් ලබාදීමට ජනපතිගෙන් උපදෙස්. උස ගොඩනැගිලි වෙනුවට සෞම්‍ය පරිසරයක් සමගින් නුවරඑළිය නගරය සංවර්ධනය කළයුතුයි. සාම්ප්‍රදායික රාමුවෙන් බැහැරව රටට අවශ්‍ය නව වැඩපිළිවෙළ වෙනුවෙන් සියලු දෙනා පෙළගැසෙන්න -ජනපති කියයි. වසර 04ක් තුළදී මෙරට ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සඳහා ප්‍රධාන සංචාරක නගරයක් වන නුවරඑළිය දිස්ත්‍රික්කයේ දායකත්වය උපරිමයෙන් ලබා ගැනීමට විධිමත් සැලැස්මක් ඔස්සේ කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ නුවරඑළිය නගර සංවර්ධන සැලැස්ම පිළිබඳ අද (10) පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්…
පවතින තත්ත්වය හමුවේ ප්‍රාන්ත මැතිවරණයක් පැවැත්වීම ජාතික අවශ්‍යතාවයක් නොවන බව පාකිස්තානයේ මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණය පැවැත්විය යුතු බවට තීන්දුවක් ලබාදී තිබියදී මෙලෙස මුදල් අමාත්‍යවරයා සිදුකර ඇති ප්‍රකාශය පිළිබඳව විශාල කතාබහක් ඇතිවී තිබේ. එහිදී එරට මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ පවතින ආරක්ෂක තත්ත්වය සහ ආර්ථිකය ව්‍යාකූලත්වය මධ්‍යයයේ ප්‍රාන්ත මැතිවරණයක් පැවැත්වීම ජාතික අවශ්‍යතාවයක් නොවන බවය. දේශපාලන විචාරකයින් පෙන්වාදෙන්නේ මෙමගින් ව්‍යස්ථානුකූල අර්බුදයක් පවා වර්ධනය වීමේ ඉඩකඩක් පවතින බවය.
මොරටුව ප්‍රදේශයේදී යුද හමුදාවට අයත් වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් පාපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 58 හැවිරිදි වියේ පසුවන පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. අනතුරට ලක්වූ වෑන් රථය පාපැදිකරුවෙකුගේ ගැටීමෙන් අනතුරුව මාර්ගයේ ගමන්කරමින් සිටි පිරසකගේද ගැටීමෙන් අනතුරුව නතරවී තිබේ. එහිදී බරපතළ තුවාල ලැබූ තිදෙනෙකු රෝහල්ගතකර ඇත. අනතුර සම්බන්ධයෙන් වෑන් රථය පැදවූ යුද හමුදා නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. මොරටුව පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
2023 මැයි මස 15 වනදා ආරම්භ වීමට නියමිතව තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාගය කල්දමා තිබේ. එම විභාගය සති දෙකකින් කල්දමා ඇති අතර ඒ අනුව එය මැයි 29 වනදා ආරම්භ කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. පසුගියදා පැවැති උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු සිදුකිරීමට මේ දක්වා නොහැකි වීම හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගය කල්දමා ඇති බව වාර්තා විය. බදු අයකිරීම සම්බන්ධයෙන් ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උත්තර පත්‍ර පරීක්ෂාව මගහැර සිටින අතර ගුරුවරුන් උත්තර පත්‍ර පරික්ෂාව සඳහා කැමැත්ත පළකර තිබේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් සමන්විත මණ්ඩල විසින් ලකුණු ලබාදීමේ පටිපාටිය සකස් කරන තෙක් උත්තර පත්‍ර පරික්ෂාව ආරම්භකිරීමට හැකියාවක් නොමැති බව බලධාරීන්…
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් අතර විශේෂ හමුවක් අද (10) පැවැත්වීමට නියමිතව තිබේ. අද පෙරවරුවේ එම හමුව පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස මැතිවරණ කොමිසම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබුණි. ඒ අනුව අද දිනයේ දී එම සාකච්ඡාව ලබාදී ඇති අතර කොමිසමේ සියලු සාමාජිකයින් එම සාකච්ඡාව සඳහා සහභාගී වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා පැවසුවේය. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය විසින් ලබා නොදීම හේතුවෙන් ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන්…