Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
තම බිරිදගේ මව ගෙල පාගා ඝාතනය කළ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරික්ෂණ පවත්වයි. පොල්පිතිගමදී ඊයේ සිදුවූ මෙම ෂිදුවීමෙන් මියගොස් ඇත්තේ පොල්පිතිගම අලුත්වැව ගෙදර පංදිංචිව සිටි 59 හැවැරිදි කාන්තාවකි. මරණකාරිය සිය සැමියා සමග නිවසේ සිටියදී පැමිණි බෑණා මරණකාරියාගේ සැමියා සමග ගැටුමක් ඇතිකරගෙන ඇති අතර එය වැළැක්වීම වෙනුමෙන් මැදිහත් වූ කාන්තාවට පහරදී ඇයගේ ගෙල පාදයෙන් පාගා සිරකර ඇති බවට හෙළිව තිබේත තුවාලකාරිය හා සැමියා පොලිපිතිගම රෝහලට ඇතුළත් කර ඇති අතර එ් වන විටත් තුවාලකාරිය මියගොස් සිට ඇති අතර සැමියා රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
ශ්‍රී ලංකාවේ සිල්ලර ඉන්ධන වෙළෙඳපොළට ඇතුළු වීමට නියමිත විදේශීය සමාගම් තුනට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) මිලට වඩා අඩුවෙන් ඉන්ධන අලෙවි කිරීමට අවසර දීමට රජය තීරණය කර තිබේ. සමාගම් තුන සමඟ ගිවිසුම් මේ මස අගදී අවසන් කිරීමට නියමිත අතර ඉන් පසුව මාසයක් ඇතුළත මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා තිබේ. චීනයේ සයිනොපෙක්, ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සහ ඇමෙරිකාවේ ආර්.එම්. පාක්ස් යන සමාගම් ත්‍රිත්වය ශ්‍රී ලංකාවේ ඉන්ධන සිල්ලර වෙළඳපොළට ඇතුළු වීමට අවස්ථාව ලැබී තිබේ. එන සමාගම්වලට ඛනිජ තෙල් සංස්ථාවේ මිලට වඩා අඩු මිලට ඉන්ධන අලෙවි කිරීමට අවසර දීමත් සමඟ ඛනිජ තෙල් සංස්තාවේ…
තෙල් පෝලිම්, ගෑස් පොලිම් මත මිනිසුන් මැරී වැටෙද්දී ආර්ථිකය පහලටම ඇදවැටී භාන්ඩ මිල ඉහල යද්දී, රටේ ජනතාව පාලකයන් එපා කියා වීදි බැස අරගල කරද්දී සහ අවසානයේ ජනතාව විසින් පත් කල ජනපතිව ජනතාව විසින්ම පලවා හරිද්දී රට වැටී තිබූ ආගාධය දෙස බලමින් ඝෘජු ලෙස තීරණ ගනිමින් විශ්වාසනීයව රට භාරගත්තේ නිර්පාක්ෂික ජනපතිවරයෙකු වූ රනිල් වික්‍රමසිංහයි. ණයක් ලැබීම යනු අත්පුඩි ගැසීම සඳහා කාරණයක් ද යන්න තවදුරටත් ප්‍රශ්න කරනා පිරිසක් මේ රටේ සිටිය හැකිය. ණය යනු ආයෝජන ස්වභාවයකි. මූල්‍ය අරමුදල අපට ණය ලබා දුන්නේ කොන්දේසි ගණනාවක් මතය. ඒවා අතර කැමති අකමැති ආදී කාරණා තිබේ. සියල්ල අපේ කැමැත්තට, කොතැනදීවත් සිදු වන්නේ නැත. අකමැත්ත ද අපේක්ෂාවේ,…
ගුරුවරුන්ගේ අයිතීන් ඉල්ලා අද කොළඹ කොටුව ඉදිරිපිටදී ලංකා ගුරු සංගමය විසින් විරෝධතාවයක් පැවැත්වූ අතර ඊට පාසැල් සිසුන්ගේ දෙමව්පියන් පිරිසක් දැඩි ලෙස විරෝධය දක්වන ලදී. මෙහිදී අදහස් දැක්වූ දෙමාපියන් පවසා සිටියේ ජෝසෆ් ස්ටාලින් යනු කිසිදු පාසැලක සේවය නොකරන කෙනෙකු බවයි. එසේම ගුරුවරයෙකුද නොවන ඔහු දේශපාලන ඕනෑ එපා කම් වෙනුවෙන් මෙලෙස අධ්‍යාපන ක්ෂේත්‍රය කඩාකප්පල් කිරීමට කටයුතු කරමින් සිටින බවයි. බලධාරීන් මාර්ගයෙන් සාකච්ඡා මගින් විසඳාගත හැකි සුළු වෘත්තිය ගැටළු ඉතා විශාල ලෙස උලුප්පා පෙන්වාදෙමින් ගුරුවරුන් පෙරටුකරගෙන මෙලෙස විරෝධතා දියත් කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රය කඩාකප්පල් කිරීමට කටයුතු කරමින් සිටින බවයි. මොහු කිසිදු විටකත් දරුවන්ගේ අයිතීන් වෙනුවෙන් හෝ දෙමාපියන් ලෙස දැනට පවතින ආර්ථිකය හමුවේ අධික ලෙස…
ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරන ආකාරයට ඩොලරයේ අගය පහත බැස තිබේ නම් ආණ්ඩුව පනවා ඇති ආනයන සහ අපනයන සීමා ඉවත් කළ යුතු බවත් එසේ ඉවත් කළහොත් ඩොලරයේ අගය සැබෑ ලෙසම ශක්තිමත් වී ඇති දැයි බලා ගත හැකි බවත් ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා පැවසීය. රුපියල ශක්තිමත් වී ඇතැයි ප්‍රකාශ කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව කී ලියනාරච්චි මහතා එය ප්‍රායෝගිකව පෙන්විය යුතු බවද සඳහන් කළේය.
පස්සර ගෝනකැලේ වත්තේ දී සිය 18 හැවිරිදි පුතා දැලිපිහියකින් කැපූ පියෙකු අද (9) සැකපිට අත්අඩංගුවට ගත් බව පස්සර පොලිසිය පවසයි . මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පස්සර ගෝනකැලේ වත්තරේන්දපොල පදිංචි 49 හැවිරිදි සිව්දරු පියකු යැයි පොලිසිය පවසයි. පියා විසින් දැලිපිහියකින් කපා දැමීමෙන් බරපතළ තුවාල ලැබු 18 හැවිරිදි පුතා පස්සර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහලට මාරු කර යැවූ බවද පොලිසිය පැවසීය . දැලිපිහියකින් කපා දැමීමෙන් මොහුගේ වම් අතට සහ උදරය ප්‍රදේශයේ බරපතළ කැපුම් තුවාල සිදු වී ඇති බවත් රෝහල් ප්‍රකාශයකු කීය .නිවසේ ඇතිවූ ආරවුලකදී පියා මෙලෙස පුතාට දැලි පිහියකින් පහරදී බරපතල තුවාල සිදු කර ඇතැයි තොරතුරු අනාවරණය…
ශ්‍රී ලංකා බලධාරීන් තීරණාත්මක ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගැනීමේදී සහ ඔවුන්ගේ ප්‍රධාන ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබා ගැනීමේදී ලබා ඇති ප්‍රගතිය සාදරයෙන් පිළිගන්නා බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ කළමණාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියෝවා මහත්මිය පවසයි. සිය ට්විටර් ගිණුමෙන් ඇය පවසන්නේ චීනය, ඉන්දියාව සහ පැරිස් සමාජය යන ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබා ගැනීමේදී ශ්‍රී ලංකාව ප්‍රගතියක් ලබාගෙන ඇති බවයි. ඒ අනුව විස්තීර්ණ මූල්‍ය පහසුකම් වැඩසටහන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම පැවැත්වෙන මාර්තු 20දා ඉදිරිපත් කිරිමට කටයුතු කරන බවත් ඇය සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 30 කින් සහ පරිප්පු කිලෝවක තොග මිල රුපියල් 40 කින් අඩු කර ඇතැයි පිටකොටුව තොග වෙළෙන්දෝ පවසති. රුපියල ශක්තිමත් වීම හේතුවෙන් සුදු සීනි සහ පරිප්පු තොග මිල මෙසේ අඩු කළ බව තොග වෙළඳුන් කියා සිටිති. තොග මිල අඩුවිමට සාපේක්ෂව ඉදිරියේදී පරිප්පු හා සීනිවල සිල්ලර මිලෙහිද අඩුවිමක් සිදුවෙනු ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත විස්තීර්ණ මූල්‍ය පහසුකම වෙනුවෙන් අනුමැතිය හිමිවූ විට ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 7 ක් දක්වා අරමුදල් ලබා ගැනීමට ඉඩ සැලසෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. මේ හරහා රාජ්‍ය ණය තිරසාරභාවය ඇති කරගැනීමට සහ වඩාත්ම අවදානමට ලක්විය හැකි පුද්ගලයන් ආරක්ෂා කිරීමට හැකිවන බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ජාත්‍යන්තර මුල්‍ය ආයතන වෙතින් මෙම වැඩසටහන සඳහා කඩිනම් අනුමැතියක් බලාපොරොත්තු වන බවත් ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසයි. රට තුළ ආර්ථික ස්ථාවරත්වය සහ සමාජ සුබසාධනය ළඟා කර ගැනීම සඳහා රජය සිය ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද ඔහු පැවැසීය. විස්තීරණ අරමුදල් පහසුකම් (EFF)…
මෙවර 2023 අධ්‍යයන වර්ෂයට අදාළ පාසල් නිල ඇඳුම් ප්‍රමාණයෙන් 70%ක් ලබා දීමට එකඟත්වය පළ කර තිබූ චීන රජය එයින් 1/3ක් මින් පෙර ලබා දී තිබූ අතර ඉතිරි 2/3ක ප්‍රමාණය ද ලබා දෙමින් සම්පූර්ණ නිල ඇඳුම් ප්‍රදානය ම මේ වන විට පූර්ණ වශයෙන් ලබා දී අවසන් කර ඇත. චීන තානාපති චී. ෂෙන්හොන්ග් (Qi Zhenghong) මහතා විසින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත අධ්‍යාපන අමාත්‍යාංශයේ දී මෙම ඉතිරි නිල ඇඳුම් තොගය අද දින භාර දෙන ලදි. ඒ අනුව මේ වන විටත් ආරම්භ කර ඇති නිල ඇඳුම් බෙදාහැරීමේ කටයුතු කඩිනම් කර ඉදිරි පාසල් වාරය ආරම්භ වීමට පෙර නිල ඇඳුම් බෙදා අවසන් කිරීම…