Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
මහනුවර පොල්ගොල්ල වේල්ල අසල දිය නාමින් සිටි පාසල් සිසුවෙකු දියේ ගිලි මියගොස් තිබේ. පාසල් සිසුන් සිව්දෙනෙකු පොල්ගොල්ල වේල්ලට මීටර් 300ක් පමණ පහළින් දියනාමින් සිටි අවස්ථාවේ ඉන් සිසුන් දෙදෙනෙකු දියේ ගිලි මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මුලස්ථානය පැවසුවේය. කෙසේවෙතත් දියේ ගිලි ඇති සිසුන් දෙදෙනා ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් සිසුවෙකු මියගොස් තිබේ. මියගොස් ඇත්තේ 17 හැවිරිදි මහනුවර තිත්තවෙල පාර ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකු බව සඳහන්ය. අනෙක් සිසුවා මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. මේ අතර සෙවනගල වලවේ ගඟේ දියනෑමට ගිය කුඩා දරුවෙකු ද දියේ ගිලි මියගොස් තිබේ. පියෙකු සහ…
උත්සව සමයේ වැඩිමිලට භාණ්ඩ අලෙවි කිරීම, තොග සඟවා තබා ගැනීම හා විකිණීම ප්‍රතික්ෂේප කිරීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් වැටලීම් 1,500 කට ආසන්න ප්‍රමාණයක් සිදුකර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එම වැටලීම්වලට අදාළ වෙළදුන්ට ඉදිරි දින කිහිපයක තුළදි නඩු පැවරීමට පියවර ගන්නා බව එම අධිකාරිය සඳහන් කළේය. මෙවර උත්සව සමයේ සිදුකරන වැටලීම්වලදි බිත්තර අලෙවිය පිළිබඳ වැඩි අවදානයක් යොමුකර තිබේ. ඒ අනුව ඊයේ (09) දිනයේ කුරුණෑගල, හල්මිල්ලවැව සහ කඩිගමුව යන ප්‍රදේශවල බිත්තර ගොවිපොළවල් පරීක්ෂා කිරීමේදී වැටලීම් කිහිපයක් සිදුකර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය. ඉදිරි දින කිහිපය තුළ ද වෙළෙඳපොළ වැටලීම්වලට සමගාමීව බිත්තර ගොවිපලවල් ද පරීක්ෂා කිරීම සඳහා වැටලීම්…
කාලය දීර්ඝ කරනු ලැබු සුබසාධන ප්‍රතිලාභ සංගණන කටයුතු අදින් (10) අවසන් වීමට නියමිතව තිබේ. ඊට අදාළ සංගණනය කටයුතු මාර්තු මස 31 දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණ ද එම කාලය අප්‍රේල් මස 10 වනදා දක්වා දීර්ඝ කිරීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පසුව තීරණය කර තිබුණි. “ඇත්තම කියමු – ඇත්තම අයට ප්‍රතිලාභ දෙමු” තේමාව යටතේ සුබසාධක ප්‍රතිලාභ ලැබීම සඳහා සුදුසු පවුල් හඳුනාගැනීමේ වැඩසටහන සඳහා අයදුම්කළ පුද්ගලයින්ගේ තොරතුරු තහවුරු කර ගැනීම වෙනුවෙන් එම සංගණනය ආරම්භ කර තිබේ. ඒ සඳහා අයදුම්පත් ලක්ෂ 37ක් පමණ ලැබී තිබූ අතර මෙම මස මුල් සතිය වන විට ඉන් 2,458,424ක තොරතුරුවල නිරවද්‍යතාවය සෙවීම අවසන් කර තිබු බව ජනාධිපති මාධ්‍ය අංශය…
මෙරටට පැමිණීමට නියමිත විදෙස් ඉන්ධන සමාගම් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පවතින ඉන්ධන මිල ගණන්වලට වඩා අඩු අගයකින් ඉන්ධන අලෙවි කිරීමට රජය අවසර ලබා දී තිබේ. සමාගම් තුනක් සඳහා මෙරට ඉන්ධන අලෙවිය සිදුකිරීමට අවසර ලබාදී ඇති අතර ඊට අදාළ ගිවිසුම්වල කාර්යයන් මේ මස අගදී අවසන් කිරීමට නියමිත බව වාර්තා වේ. චීනයේ සයිනොපෙක්, ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සහ අමෙරිකාවේ ආර්.එම්. පාක්ස් යන සමාගම් ත්‍රිත්වය සඳහා මෙරට ඉන්ධන සිල්ලර වෙළෙඳපොළට ඇතුළු වීමට අවසර ලබාදී තිබේ. ඒ අනුව සමාගම්වලට ඛනිජ තෙල් සංස්ථාවේ මිලට වඩා සැලකිය යුතු මට්ටමක අඩු මිලට ඉන්ධන අලෙවි කිරීමට අවසර දීම කෙරෙහි රජයේ අවදානය යොමුව ඇති බව ලංකා ඛනිජ තෙල්…
පැය 15 කට ආසන්න කාලයක් ප්‍රමාද වී ඩුබායි බලා පිටත්වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වීමෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබේ. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 225 දරන ගුවන් යානය ඩුබායි බලා පිටත්ව යාමට නියමිතව තිබුණේ 04/07 දින සවස 06.25 ටය. එහෙත් මෙම ගුවන් යානය පිටත්ව ගොස් තිබුණේ 04/08 උදෑසන 09.30 ටය. මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් පැය 01 යි විනාඩි 10 කට පසුව එනම් උදෑසන 10.40 ට යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබේ. ඒ වනවිට මෙම ගුවන් යානය ඉන්දියාව සමීපයට ගමන් කර තිබුණි. මෙම ගුවන් යානයේ ප්‍රධාන නියමුවා ඉදිරිපිට…
සමස්ත ජනතාවම දැඩි ආර්ථික අපහසුතාවයකට මුහුණු දී සිටින මොහොතක සිංහල හින්දු අලූත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් ඊට සමගාමීව දිවයින පුරා ඇති සමෘද්ධි බැංකු 1074 හි අවුරුදු උත්සව පැවැත්වීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි සමෘද්ධි වෘත්තීය සමිති එකමුතුවේ ජාතික සංවිධායක චාමර මද්දුමකළුගේ මහතා පවසයි. එම තීරණයට අනූව අඩු ආදායම්ලාභී ජනතාවට සහන සැපයීමට ඇති සමෘද්ධි අරමුදලින් රු.ලක්ෂ 805 ක මුදලක් අතිශය අසීරු මොහොතක වැය කිරීමට ව්රෝධය පළ කරන බව ඔහු පවසයි. එසේම වසර 28 ආසන්න කාලයක සිට සේවය කරන සියළු ක්ෂේත්‍රයන් හි සේවකයින්ට උසස් වීමක සිට ලබා දියයුතු සේවක අයිතිවාසිකම් ආණ්ඩුව ලබා නොදී මගහරිමින් සිටින බවද ජාතික සංවිධායකවරයා පවසයි. මෙම කරුණු පදනම්ව…
කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් 2023 යල කන්නයේ දී වී වගා කිරීමට අපේක්ෂිත කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 570,000ක් වුවත් මඩ පොහොර නොමිලයේ ලබා දීමත් සමග වගා කරන කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් ලක්ෂ 07 දක්වා ඉහළ යා හැකි බව කෘෂිකර්ම අංශ අවධාරණය කරයි. පසුගිය බ්‍රහස්පතින්දා (06) සියලු පළාත් කෘෂිකර්ම බලධාරින් හා මහවැලි අධිකාරියේ නිලධාරින් සමග පැවැති සාකච්ඡාවක දී මෙම තොරතුරු අනාවරණය විය. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේ දී අමාත්‍යවරයා සදහන් කළේ මෙතෙක් අප රටේ යල කන්නයක දී වගා කළ වැඩිම කුඹුරු ප්‍රමාණය මෙවර වාර්තා විය හැකි බවයි. වගා කන්න තුනකට පසු සියලු රසායනික පොහොර එකවර ලැබෙන පළමු කන්නය මෙම යල කන්නය…
තිරිංග ක්‍රියාවිරහිත වූ බූම් ට්‍රක් රථයන් මාර්ගයේ ගමන් කළ හා නවතා තිබූ වාහන කිහිපයක ගැටි අනතුරක් සිදුව ඇතැයි පොලීසිය කියයි. පස්යාල – මීරිගම මාර්ගයේ කල්එළිය ප්‍ර දේශයේදී මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් මාර්ගයේ නවතා තිබූ ත්‍රි රෝද රථ හයක්, මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථ දෙකක්, මෝටර් රථයක් හා මොපේඩ් යතුරුපැදියකට හානි සිදුව තිබේ. එසේම එම ට්‍රක් රථය තාප්පයකද ගැටී ඇති අතර අනතුර සම්බන්ධයෙන් ට්‍රක් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
හික්කඩුව තොටගමුව මොළපු ඔයේ පාලම ආසන්නයේ අභිරහස් අයුරින් මියගොස් පාවෙමින් තිබූ විදෙස් කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (8) පස්වරුවේ සොයා ගත් බව හික්කඩුව පොලීසිය කියයි. මේ විදෙස් කාන්තාව කුමන රටේදැයි යන්න හදුනාගෙන නැති බවද පොලීසිය කියයි. ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීමකට අනුව කළපුවේ පාවෙමින් තිබූ මේ විදෙස් කාන්තාවගේ මළ සිරුර සොයා ගත් බවද පොලීසිය කියයි. මෙම කාන්තාව කළපුවේ දිය නෑමට ගොස් මිය ගියාද නොඑසේනම් වෙනත් හේතුවකින් මිය ගියේ දැයි යන්න පිළිබදව පරීක්ෂණ කරන බවද පොලීසිය කියයි. ඇය ලැගුම් ගෙන සිටින ස්ථානය හෝ කා සමග සිටියේ දැයි තවමත් තහවුරු වී නැති බවද පොලීසිය කියයි. හික්කඩුව පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ප්‍රමාද වීමකට සහ පසුව කාර්මික දෝශයකට ලක් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානයේ සිටි ගුවන් මගීන් වෙනත් ගුවන් යානයකින් ඩුබායි බලා පිටත් කර ඇති බව කටුනායක ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය . ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 225 දරන ගුවන් යානය ගුවන් මගීන් 189 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 15 දෙනෙකු රැගෙන 04/07 දින සවස 06.25 ට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව යාමට නියමිතව තිබුණි . එහෙත් මෙම ගුවන් යානය පැය 15 කට ආසන්න කාළයක් ප්‍රමාදවීමකට ලක් වීමෙන් අනතුරුව 04/08 දින උදෑසන 09.30 ට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණි . නමුත් මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළෙන්…