Close Menu
Lanka Focus News
    What's Hot

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»යල කන්නයට ඉතිහාසයේ වැඩිම කුඹුරු ප්‍රමාණය මෙවර?
    Local News

    යල කන්නයට ඉතිහාසයේ වැඩිම කුඹුරු ප්‍රමාණය මෙවර?

    By LFNApril 9, 2023No Comments2 Mins Read197 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් 2023 යල කන්නයේ දී වී වගා කිරීමට අපේක්ෂිත කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 570,000ක් වුවත් මඩ පොහොර නොමිලයේ ලබා දීමත් සමග වගා කරන කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් ලක්ෂ 07 දක්වා ඉහළ යා හැකි බව කෘෂිකර්ම අංශ අවධාරණය කරයි.

    පසුගිය බ්‍රහස්පතින්දා (06) සියලු පළාත් කෘෂිකර්ම බලධාරින් හා මහවැලි අධිකාරියේ නිලධාරින් සමග පැවැති සාකච්ඡාවක දී මෙම තොරතුරු අනාවරණය විය.

    කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේ දී අමාත්‍යවරයා සදහන් කළේ මෙතෙක් අප රටේ යල කන්නයක දී වගා කළ වැඩිම කුඹුරු ප්‍රමාණය මෙවර වාර්තා විය හැකි බවයි.

    වගා කන්න තුනකට පසු සියලු රසායනික පොහොර එකවර ලැබෙන පළමු කන්නය මෙම යල කන්නය වේ. එමෙන්ම දැනට අප රටේ තිබෙන ජලාශ හා වැව් බහුතරයක වගාවට අවශ්‍ය තරම් විශාල ජල ප්‍රමාණයක් ද වාර්තා වන බැවින් ගොවීන් සියලු දෙනාම වී වගා කිරීමට සූදානමින් සිටිති.

    ගොවීන්ගේ නිෂ්පාදන වියදම් පහත දැමීම සදහා රජය මෙවර යල කන්නයේ දී සුවිශේෂි පියවරක් වශයෙන් වී වගා කරන සෑම ගොවියෙකුටම පොහොර මිල දී ගැනීම සඳහා හෙක්ටෙයාර් 01කට රුපියල් 20,000ක මුදලක් හා හෙක්ටෙයාර් දෙකක් වගා කරන ගොවීන්ට රුපියල් 40,000ක මුදලක් වශයෙන් සහනාධාර මුදලක් ලබා දීමට ද කටයුතු යොදා තිබේ.

    මෙම මුදල ලබා දෙන්නේ මඩපොහොර නොමිලයේ ලබා දෙන අතරම අනිකුත් පොහොර මිල දී ගැනීම සඳහාය. එමෙන්ම රජය විසින් ලබා දෙන යුරියා පොහොර හා බන්ඩි පොහොර මිල ද තවදුරටත් අඩු කිරීමට කටයුතු යොදා ඇතැයි ද අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේ දී සඳහන් කළේය.

    එමෙන්ම ගොවි ජනතාවගේ ඉල්ලීම පරිදි වල් නාශක හා පළිබෝධ නාශක මිල ගණන් ද සියයට 20කින් පහළ දැමීමට වල්නාශක හා පළිබෝධ නාශක ආනයනය කරන හා බෙදාහරින සමාගම් එකඟත්වය පළ කර තිබෙන නිසා ගොවීන්ට තවදුරටත් වගාවට අවශ්‍ය සහන සැළසෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,416 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 202604 Views

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු…

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026

    ජපානයේ දී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

    August 13, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.