Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තීරණාත්මක හමුවක්
    Featured

    තීරණාත්මක හමුවක්

    By LFNApril 10, 2023No Comments1 Min Read167 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් අතර විශේෂ හමුවක් අද (10) පැවැත්වීමට නියමිතව තිබේ.

    අද පෙරවරුවේ එම හමුව පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස මැතිවරණ කොමිසම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබුණි.

    ඒ අනුව අද දිනයේ දී එම සාකච්ඡාව ලබාදී ඇති අතර කොමිසමේ සියලු සාමාජිකයින් එම සාකච්ඡාව සඳහා සහභාගී වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා පැවසුවේය.

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය විසින් ලබා නොදීම හේතුවෙන් ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට අවිනිශ්චිත තත්ත්වයක් මතුව තිබේ.

    අග්‍රාමාත්‍යවරයා සමග අද පැවැත්වෙන සාතච්ඡාවේදී එම ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා ප්‍රකාශ කළේය.

    මේ අතර මැතිවරණ කොමිෂන් සභාව ද හෙට (11) දිනයේ යළි රැස්වීමට නියමිතව තිබේ.

    අද දිනයේ පැවැත්වෙන අග්‍රාමාත්‍යවරයාගේ සාකච්ඡාවෙන් අනතුරුව ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී අවධානය යොමුකිරීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    මාතර – හක්මණ මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්

    May 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,449 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.