Close Menu
Lanka Focus News
    What's Hot

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රටේ ආර්ථිකය ගොඩනැංවීමට නුවරඑළියට වැඩි බරක්
    Featured

    රටේ ආර්ථිකය ගොඩනැංවීමට නුවරඑළියට වැඩි බරක්

    By LFNApril 11, 2023No Comments4 Mins Read158 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රටේ ආර්ථිකය ගොඩනැංවීමට නුවරඑළිය උපරිමයෙන් දායක කර ගැනීමට සැලසුම් සහගත වැඩපිළිවෙළක්

    නගරය තුළ විධිමත් ජල කළමනාකරණ වැඩසටහනකට හා පානීය ජල ගැටළුවට ස්ථිරසාර විසඳුම් ලබාදීමට ජනපතිගෙන් උපදෙස්.

    උස ගොඩනැගිලි වෙනුවට සෞම්‍ය පරිසරයක් සමගින් නුවරඑළිය නගරය සංවර්ධනය කළයුතුයි.

    සාම්ප්‍රදායික රාමුවෙන් බැහැරව රටට අවශ්‍ය නව වැඩපිළිවෙළ වෙනුවෙන් සියලු දෙනා පෙළගැසෙන්න -ජනපති කියයි.

    වසර 04ක් තුළදී මෙරට ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සඳහා ප්‍රධාන සංචාරක නගරයක් වන නුවරඑළිය දිස්ත්‍රික්කයේ දායකත්වය උපරිමයෙන් ලබා ගැනීමට විධිමත් සැලැස්මක් ඔස්සේ කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ නුවරඑළිය නගර සංවර්ධන සැලැස්ම පිළිබඳ අද (10) පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය.

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේ දී නුවරඑළිය නව නගර සංවර්ධන සැලැස්ම සහ නුවරඑළිය සංචාරක සැලැස්ම එළිදැක්වීම ද සිදු කෙරිණි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ රටේ ආර්ථිකය නැවත ගොඩනැගිය නොහැකි බව බොහෝ දෙනා සිතුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා රජය ඇතිකරගත් එකඟතාව සමග නැවත රටේ ආර්ථිකය පිළිබඳ නැවුම් බලාපොරොත්තුවක් තැබීමට සියලුදෙනාට අවස්ථාව ලැබුණු බවයි.

    නුවරඑළිය දිස්ත්‍රික්කයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් ඉලක්ක කර ගනිමින් වසර පුරාම සංචාරකයන් ගෙන්වා ගත හැකි ආකර්ශණීය නගරයක් ලෙස එය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

    සංචාරකයන්ගේ අවශ්‍යතා හඳුනාගනිමින් එම සැලසුම් සකස් කිරීමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශාල ගොඩනැගිලි වෙනුවට විවේකීව ගත කළ හැකි සෞම්‍ය පරිසරයක් සමගින් එම සංවර්ධන සැලසුම් සකස් කිරීමේ වැදගත්කම පැහැදිළි කළේය.

    නුවරඑළිය නගරයේ වැසි ජලය බැස යාම සඳහා විධිමත් ක්‍රමවේදයක් නොතිබීම දීර්ඝකාලින ගැටලුවක් වන අතර ඒ සඳහා කඩිනම් වැඩපිළිළෙක් ක්‍රියාවට නංවන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා පානීය ජල ගැටලුව විසඳීමට ද විශේෂ අවධානය යොමුකරන ලෙස උපදෙස් දුන්නේය.

    නුවරඑළිය නගරය තුළ අවිධිමත් ලෙස ගොඩනැගිලි ඉදිකරනවා වෙනුවට නිසි සැලැස්මකට අනුව ඉදිකිරිම් සිදු කිරිමේ අවශ්‍යතාව පැහැදිළි කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශාල ගොඩනැගිලි ඉදිකිරීම හේතුවෙන් නගරය විනාශ වී ඇති බවත් එය නිව්යෝර්ක් නගරයක් කරනවාද නුවරඑළිය ලෙස පවත්වාගෙන යනවාද කියා තීරණය කළ යුතු බවත් පැවසිය.

    මධ්‍යම අධිවේගි මාර්ගයේ කටයුතු අවසන් වීමත් සමග නුවරඑළියට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය ඉහළ යනු ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඔවුන්ගේ පහසුකම් සංවර්ධනය සඳහා නිසි සැලැස්මක් යටතේ කටයුතු කිරීමේ වැදගත්කම පැහැදිළි කළේය.

    ආයෝජකයන්ට හෝ කිසිදු පාර්ශ්වයකට අවශ්‍ය ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කයේ සම්පත් විනාශ කිරීමට ඉඩ දිය නොහැකි බවත් පරිසර හිතකාමී සහ සැලසුම්සහගත සංවර්ධනයක් දිස්ත්‍රික්කය තුළ ඇති කළ යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    එමෙන්ම මෙම කටයුතුවලදී රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන අධිකාරිය මනා සම්බන්ධීකරණයකින් කටයුතු කිරිමේ අවශ්‍යතාව පැහැදිළි කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාම්ප්‍රදායික රාමුවෙන් බැහැරව අලුතින් සිතා රටට අවශ්‍ය අලුත් වැඩපිළිවෙළ සමග සියලුදෙනා පෙළගැසිය යුතු බව ද සඳහන් කළේය.

    සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව සියලු අමාත්‍යාංශ ලේකම්වරු, අධිකාරි සහ කොමිෂන් සභාවල සභාපතිවරුන් මෙන්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන් හමුවීමට තමා අපේක්ෂා කරන බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2025 ඉලක්කගත සංවර්ධන සැලැස්ම සාර්ථක කර ගැනීමට සියලු පාර්ශවයන්ගේ දායකත්වය ලබා ගැනීම තම අපේක්ෂාව බව කියා සිටියේය.

    තිරසාර සහ සෞම්‍ය සංවර්ධන වැඩපිළිවෙළක් තුළින් නුවරඑළිය දිස්ත්‍රික්කය පරිසර හිතකාමී දිස්ත්‍රික්කයක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

    නුවරඑළිය නගර සංවර්ධන සැලැස්ම යටතේ නගරයේ සිදු කළ යුතු සංවර්ධන කටයුතු සහ උප නගරයක් ලෙස නානුඔය නගරය සංවර්ධනය කිරිම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

    වන සංරක්ෂණ කලාප එලසින්ම ආරක්ෂා කර ගනිමින් හරිත නගරයක් ලෙස නුවරඑළිය සංවර්ධනයට සැලසුම් කර තිබෙන අතර නුවරඑළිය කේන්ද්‍ර කර ගනිමින් අනු නගර 05ක් සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ.

    නුවරඑළියේ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරිම සහ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් රාමායන මධ්‍යස්ථානයක් ඇති කිරීම පිළිබඳව ද මෙහිදි සාකච්ඡා විය.

    නානුඔය දුම්රියපොළ නවීකරණය කර ඒ සමීපයේ උසස් ප්‍රමිතියෙන් යුත් ආර්ථික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ද ජනාධිපතිවරයා උපදෙස් දුන් අතර එමගින් එළවළු ඇසුරුම් කර සුරක්ෂිතව කොළඹට ප්‍රවාහනය කිරීමට ගොවීන්ට හැකියාව ලැබෙන බව ද පෙන්වා දුන්නේය.

    තුරඟ තරග පිටිය සහ වැව සංවර්ධනය, වැව අසළ රථගාල් පහසුකම් වැඩි දියුණු කිරීම, නුවරඑළිය නගරය තුළ විධිමත් ජල කළමනාකරණ වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය.

    එමෙන්ම ප්‍රදේශයේ ජනතාවගේ අදායම් මාර්ග ඉහළ නංවා ඔවුන්ගේ ජීවිත නගා සිටුවීම සඳහා ක්‍රියාත්මක කළයුතු වැඩපිළිවෙළ පිළිබඳව ද දිර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    මාතර – හක්මණ මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්

    May 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,416 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 202604 Views

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු…

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026

    ජපානයේ දී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

    August 13, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.