Close Menu
Lanka Focus News
    What's Hot

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»උපෙළ සිසුන්ට ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්ව
    Local News

    උපෙළ සිසුන්ට ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්ව

    By LFNDecember 21, 2022No Comments2 Mins Read144 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අ.පො.ස.(සා.පෙළ) විභාගය සඳහා 2021 (2022) වර්ෂයේ දී පළමුවරට පෙනී සිට විභාගය සමත්ව 2024 වර්ෂයේ දී අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත, ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් 23 වනදායින් අවසන් කෙරේ.

    ශිෂ්‍යත්ව අපේක්ෂකයන් අදාළ අයදුම්පත්‍ර විදුහල්පති මගින් ලබාගෙන එය නිසි පරිදි සම්පූර්ණ කර ආදායම් තත්ත්වය පිළිබඳ ග්‍රාම නිලධාරී නිර්දේශය සහිතව 2022-12-23 වන දිනට පෙර විදුහල්පති වෙත භාරදීම විධිමත් ක්‍රමවේදය වන අතර එම අයදුම්පත්‍ර විදුහල්පතිවරු විසින් කලාප අධ්‍යාපන කාර්යාල හරහා ජනාධිපති කාර්යාලය වෙත භාර දීම සිදු කරනු ලබයි.

    නමුත් අයදුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳ අවබෝධයක් නොමැතිකම හේතුවෙන් අයදුම් පත් විශාල සංඛ්‍යාවක් සෘජුව ජනාධිපති අරමුදල වෙත ද යොමු කර තිබිණි. එබැවින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ කටයුතු ප්‍රමාදයකින් ‍තොරව විධිමත්ව ඉටුකර ගැනීම සඳහා එම අයදුම් පත් සෘජුව ජනාධිපති අරමුදල වෙත යොමු නොකොට, අදාළ විදුහල්පතිවරු වෙත භාරදෙන ලෙස සියලු ශිෂ්‍යත්ව අපේක්ෂකයින් වෙත දැනුම් දී සිටියි.

    ශිෂ්‍යත්ව සුදුසුකම් ලැබීමට අයදුම්කරුවන්ගේ පවුලේ මාසික ආදායම රු. 75,000/- නොඉක්මවිය යුතු අතර රජයේ පාසලක හෝ ගාස්තු අය නොකරන පෞද්ගලික පාසලක හෝ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් විය යුතුය.

    අයදුම්කරු 2021 (2022) වර්ෂයේදී පවත්වන ලද අ.පො.ස (සා.පෙළ) විභාගයට පළමුවරට පෙනී සිට 2024 වර්ෂයේ දී අ.පො.ස (උ.පෙළ) හැදෑරීම සඳහා සම්පූර්ණ සුදුසුකම් ලැබ සිටිය යුතුය.

    එක් අධ්‍යාපන කලාපයකට හිමිවන ශිෂ්‍යත්ව ප්‍රමාණය 30ක් වන අතර, එලෙස ‍තෝරා ගන්නා ශිෂ්‍යත්වලාභීන්ට අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙනී සිටින තෙක් මසකට රු. 5,000.00 බැගින් මාස 24ක උපරිම කාලසීමාවක් සඳහා ශිෂ්‍යාධාරය පිරිනමනු ලැබේ.144

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 202603 Views

    වප් පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට…

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.