Author: LFN

ගල් අඟුරු සමාගම නිසා ජනවාරි මාසෙදි පැය 10 ක විදුලි කප්පාදුවක් ඇතිවන බවට වන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව ගල් අගුරු සමාගමේ සභාපති ශෙහාන් සුමනසේකර මහතා පවසයි. සභාපතිවරයා මේ බව සඳහන් කළේ විදුලි ක්ෂේත්‍රයටත් ඉංජිනේරුවරුන් සහ වෘත්තිය සමිති ගල් අඟුරු ආනයනය නොකිරීම නිසා ජනවාරි මාසයේදී පැය 10 ක විදුලි කප්පාදුවක් ඇතිවිය හැකි බවට මාධ්‍ය හමුවක් පවත්වමින් කරන ලද චෝදනාවට පිළිතුරු ලබා දෙමිනි. “ගල් අඟුරු සමාගම විසින් ලක් විජය විදුලි බලාගාරය සඳහා ගල් අඟුරු ගෙන ඒමේ වැඩසහන අනුව මේ වනවිට නැව් පහක් සාර්ථකව ගොඩ බෑම් කොට අවසන්. හයවෙනි නැව ලංකාවට යාත්‍රා කරල ගල් අඟුරු ගොඩ බාලා අවසන් කිරීමට නියමිතව තිබුණේ දෙසැම්බර් මාසයේ 28…

Read More

මෙවර පැවති සාමාන්‍ය පෙළ විභාගය සමත් වී උසස් පෙළ ඉගෙනීම් කටයුතු සඳහා පාසලට ඇතුළත් වීමට අයදුම්පත්‍ර භාර දීම සඳහා පාසලට යාමට සූදානම් වෙමින් සිටි පාසල් සිසුවකු  අනුරාධපුර පූජා නගරයේදී වන අලි ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර පොලිසිය පවසයි. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තිසා වැව, නීරාවිය, දේවානම්පියතිස්සපුර හතරවන පියවර ප්‍රදේශයේ පදිංචිව සිටි එම්. රශීම් මොහොමඩ් රාසීද් නැමැති 17 හැවිරිදි හැවිරිදි පාසැල් සිසුවෙකි. වී වෙළදාමේ කටයුතුවල නිරත වන ඥාති සහෝදරයෙකු බස් රථයකට ඇරලවා යතුරු පැදියකින් නැවත තම නිවස බලා ගමන් කරමින් සිටියදී අද අළුයම 4:45 ට පමණ එල්ලවූ වන අලි ප්‍රහාරයට මෙම සිසුවා ජීවිතක්ෂයට පත්ව තිබූ බව පොලීසිය…

Read More

පාකිස්ථානු ක්‍රිකට් ආයතනයේ සභාපති රමීස් රාජා‍ව වහාම ක්‍රියාත්මක වනපරිදි එම ධුරයෙන් ඉවත්කොට ඇත. ඒ පාකිස්ථානය, එංගලන්තය හමුවේ සිය රටේදීම ටෙස්ට් තරගාවලියක් පූර්ණ තරග පරාජයකට (වයිට්වොෂ්) වීමෙන් අනතුරුවය. තරග 3 කින් යුත් මෙම තරගාවලිය තරග 3-0 ක් ලෙස පාකිස්ථානය පරාජය වීමත් සමගින් රමීස් රාජාට මෙලෙස සිය ධුරය අහිමිවී ඇත. රමීස් පසුගිය වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී පාකිස්ථාන ක්‍රිකට් සභාපති ධුරයෙහි වැඩ භාර ගත්තේ වසර 3 ක කාළයක් සඳහායි. කෙසේ වෙතත් ඔහුගේ සභාපතීත්වය යටතේ පාකිස්ථානය ආසියානු විස්සයි විස්ස කුසලානයෙහි මෙන්ම ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේදීද අනුශූරතාව හිමිකර ගැනීමට සමත්විය. මේ අතර රමීස්ගෙන් හිස්වන පාකිස්ථානු ක්‍රිකට් සභාපති ධුරයට පාකිස්ථාන හිටපු ක්‍රිකට් සභාපතිවරයෙකු වූ 73 හැවිරිදි…

Read More

ලබන මාර්තු මස අග සිට ආරම්භ වන 2023 පාසල් අධ්‍යයන වර්ෂයේ දී ප්‍රාථමික අංශයේ වාර විභාග නොපවත්වා පාඩමෙන් පාඩමට සිසුන්ට අභ්‍යාස ලබා දී එහි ලකුණු වාර්තා තබාගෙන ඒවා සහ වර්ෂාවසානයේ පවත්වන විභාගයේ ලකුණු මත සිසු ඇගයීම් හා  තක්සේරුකරණ ක්‍රියාවලිය ක්‍රියාවට නංවන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඒ බප/කො/ කැතිඩ්‍රල් පිරිමි විද්‍යාලයේ නත්තල් සැමරුම් උත්සවයකට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි. අවශ්‍ය වෙනස්කම් සිදු කර ඉදිරියේ දි පාසලෙන් පිට වන දරුවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය හෝ දක්ෂතා හා කැමැත්ත මත කාර්මික විද්‍යාලවලට හෝ ඇතුළත් ව වැඩිපුර පුහුණු/ අධ්‍යයන අවස්ථා සලසාගත හැකි වැඩපිළිවෙළ ද සූදානම් කරන බව අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.…

Read More

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ප්‍රකාශකයා අඟහරුවාදා කාන්තාවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය අත්හිටුවීමට තලේබාන් ප්‍රමුඛ ඇෆ්ගනිස්ථාන පරිපාලනය ගත් තීරණය හෙළා දුටුවේය. “අධ්‍යාපනය ප්‍රතික්ෂේප කිරීම කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ සමාන අයිතිවාසිකම් කඩ කරනවා පමණක් නොව රටේ අනාගතයට විනාශකාරී බලපෑමක් ඇති කරනු ඇති බව මහලේකම්වරයා නැවත අවධාරණය කරයි” මහලේකම්වරයාගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් පැවසීය. අධ්‍යාපනය සඳහා කාන්තාවන්ට සමාන ප්‍රවේශය සහතික කරන ලෙස තලේබාන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම කීවේය. මීට පෙර ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතවරියද තලේබාන් සංවිධානය කාන්තාවන්ට විශ්ව විද්‍යාල තහනම් කිරීම සම්බන්ධයෙන් සිය කණගාටුව ප්‍රකාශ කළාය. “තලිබාන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා කාන්තාවන්ට විශ්ව විද්‍යාලවලට යාම තහනම් කර ඇති බවට අද පුළුල්ව වාර්තා වූ පුවත ගැන මා ඉතා…

Read More

යුක්රේනයේ ගැටුම දිගු කාලයක් පවතිනු ඇත්තේ එය ගෝලීය යුද්ධයක් වන බවට ඕනෑවටත් වඩා අවශ්‍යතා ඇති බැවින් යැයි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අනතුරු අඟවති. මෙහිදී රුසියාව ප‍්‍රකාශ කරමින් සිටින්නේ තමන්ට එරෙහිව ප්‍රොක්සි යුද්ධයක් අසල්වැසි රට තුළ රැඳෙමින් එක්සත් ජනපදය හා නේටෝව විසින් දියත් කර ඇති බවය. “මෙය ගෝලීය යුද්ධයක් බැවින් නුදුරු අනාගතයේදී මේ සටන්වල අවසානයක් මා දකින්නේ නැහැ. අපි මෙය අමතක නොකළ යුතුයි” පාප් වහන්සේ ස්පාඤ්ඤ පුවත්පතක් වෙත සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.

Read More

පවතින ආර්ථික  පීඩනය අයහපත්  කාලගුණය ඇතුළු  කරුණු කාරණා රැසක් හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විශාල වශයෙන් කඩාවැටීමේ තර්ජනයට ලක්ව ඇතැයි එහි සේවකයෝ පෙන්වා දෙති. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල එළවළු ලැබීම් සියයට හැත්තෑ පහකටත් වඩා අඩුවීම එළවලු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන්ගේ විශාල අඩුවක් පැවතීම එළවළු මිල ස්ථාවර නොවී පැයෙන් පැය අතිවිශාල මිල ගණන් යටතේ ඉහළ පහළ යෑම නිසා   ගොවීන් ව්‍යාපාරිකයන් මෙන්ම පාරිභෝගිකයන් බරපතළ අර්බුදයකට මුහුණපා තිබෙන බව ආර්ථික මධ්‍යස්ථානයේ ක්‍රියාකාරී සේවකයෝ පවසති. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් හිමිකරුවන් මේ දිනවල ආථික මධ්යස්ථානය තුළ දැක ගැනීමට හෝ නොමැති බවත් ඔවුන් විවිධ වෙනත් ව්‍යාපෘති රැකියා සොයාගෙන යන බවත් බහුතරයක් දෙනා ලග්ගල මැණික් ගැරීමේට යොමු…

Read More

පාකිස්ථානයෙන් බිහිවූ ලොව විශිෂ්ඨම වේගපන්දු යවන්නෙකු ලෙසින් සැලකෙන වසීම් අක්‍රම් එල්.පී.එල්. තරගාවලියට සම්බන්ධ වීම සඳහා අද උදෑසන පැමිණිමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. 1992 වර්ෂයේ එක්දින ලෝක කුසලානය දිනූ පාකිස්ථානු කණ්ඩායමේද ක්‍රීඩකයෙකු වූ වසීම් අක්‍රම් එල්.පී.එල්. තරගාවලියේ සන්නාම තානාපතිවරයෙකු ලෙසින් ක්‍රියා කරයි. ඔහු අද (22දා) පැවැත්වෙන තෙවැනි අවසන්පූර්ව තරගය හා හෙට (23දා) පැවැත්වෙන අවසන්මහා තරගය නැරඹීමට මෙන්ම අවසන්මහා තරගයේ ප්‍රධාන කථිකයෙකු ලෙසින්ද කටයුතු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරදා එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව වටයේදී කඩුළු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට කලම්බු ස්ටැලියන්ස් කණ්ඩායම සමත්විය. තරගාවලියේ අවසන්පූර්ව වටයේ දෙවැනි තරගය ලෙස මෙය අද (21දා) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංණයේදී පැවැත්විණි. වර්ෂාව හේතුවෙන් තරගයේ ආරම්භය ප්‍රමාද වූ අතර ඒ නිසා තරගය එක් කණ්ඩායමකට පන්දුවාර 18 කට සීමාවිය. තරගයේ කාසියේ වාසිය දිනූ කලම්බු නායක ඇන්ජලෝ මැතිව්ස් ගෝල් ක්‍රීඩකයින් පන්දුවට පහරදීමට ආරාධනා කලේය. එහිදී ඔවුන් පන්දුවාර 18 කදී කඩුළු 9 ක් දැවී රැස් කලේ ලකුනු 108 ක් පමණි. හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කළ සහන් ආරච්චිගේ පන්දු 31 කදී හතරේ පහර 3 ක් හා හයේ පහර 3 ක් සමගින් ලකුනු…

Read More

නොමිලේ සහල් දීම වෙනුවට ඉදිරි මහ කන්නයේ සහ පහුගිය කන්නයේ දැනට ගොවීන් ලග පවතින වී අස්වනු වී අළෙවි මණ්ඩලය හරහා මිළදි ගැනීමට අවශ්‍ය මූල්‍ය සහය ලබා දෙන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පසුගියදා චින රජයෙන් ඉල්ලා සිටියාය. එමගින් ගොවීන්ගේ වී අස්වනු සදහා සාධාරණ මිළක් ලැබෙන අතර එම වී සහල් කිරිමේදි පාරිභෝගික ජනතාවට ද සාධාරණ මිළක් යටතේ සහල් මිළදි ගැනීමට හැකියාව ලැබෙනු ඇති. ඊට අමතරව වී මිළදි ගැනීම සදහා වී අළෙවි මණ්ඩලයට මුදල් ප්‍රතිපාදන රජය මගින් වෙන් කිරිමට ඇති අපහසුතාවය ද මෙමගින් පහව යන බව ද ආණ්ඩුකාරවරිය කියා සිටියාය. චීනයේ යුන්හාන් පළාතේ ජනතා සංගමයේ සහයෝගයෙන් නැගෙනහිර පළාතේ පාසල් සදහා …

Read More