Author: LFN

ගාල්ල කච්චුවත්ත පුරාණ විහාරස්ථානයේ ඇති කතරගම දේවාලයේ සහ පත්තිනි දේවාලයේ තැන්පත් කර තිබූ කතරගම දෙවියන්ගෙ පිත්තල පිළිම, දේවාභරණ  ඇතුළු  භාණ්ඩ සොරකම් කරනු ලැබූ බව කියන පුද්ගලයෙකු සහ තවත් අයෙකු ගාල්ල පොලිසියේ   කොට්ඨාස අපරාධ විමර්ශන කාර් යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ගාල්ල කච්චුවත්ත පුරාණ විහාරස්ථානය පුරාවිද්‍යා දෙපාර් තමේන්තුව යටතේ ඇති විහාරස්ථානයකි. එබැවින් මෙම පෞරාණික භාණ්ඩ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර් තමේන්තුව දැනුවත් කිරීමට පොලීසිය කටයුතු කර තිබේ. සොරා ගන්නා ලැබූ බැව් කියන කතරගම දෙවියන්ගේ පිත්තල පිලිමයක්, සරස්වතී හා විෂ්ණු දෙවියන්ගේ පිලිම, ත්‍රිශූලයක්, පා සලඹ පනස් දෙකක්, සීනු තිස් දෙකක්, කුඩා කුකුළු පහන් අටක් ද පොලීසිය මගින් මෙසේ සොයාගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ අක්මීමන…

Read More

ජනවාරි මස 2 වනදා වන විට මෙරට පවතින සියලුම ගල් අඟුරු තොග අවසන් වන බවත් ඊට පෙර ගල් අඟුරු නැවක් නොපැමිණියහොත් දැවැන්ත විදුලි කප්පාදුවකට යාමට සිදුවනු ඇති බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි. කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරන්නේ බලාගාරය සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා දිනකට ගල් අගුරු මෙට්ට්‍රික් ටොන් හත්දහස් පන්සියයක් අවශ්‍ය බවයි. දැනට ඇති ගල් අඟුරු සංචිතය බලාගාරයේ ජනන යන්ත‍්‍ර දෙකක් ක්‍රියාත්මක කරන නිසා ජනවාරි මස දෙවැනිදා අවසන් වනු ඇති බවද හෙතෙම කියා සිටියේය.

Read More

නත්තල දේව මෙහෙය  වෙනුවෙන් 24 රාත්‍රියේ හලාවත මාදම්පේ මීසමේ කතෝලික දේවස්ථාන වලින් ලැබුන පුජා භාණ්ඩ අතර ටී.56 ජීවි උණ්ඩ දෙකක් තිබි හමුව ඇති බව මාදම්පෙ පොලිසිය කියයි. අදාල ටී 56 ජීව උණ්ඩ දෙක සුදු පැහැති බෑගයක් තුලට දමා තිබු කළු පැහැති කුඩා පෙට්ටියක තිබියදී හමුවු බව එම දේව මෙහෙයන් සදහා එක්වු මාදම්පේ මීසම් පාලක ජූඩ් ඩයස් පියතුමා පවසයි. මාදම්පේ මීසමේ නත්තල් දේව මෙහෙයන් සදහා එක්ව සිටි මීසම් පාලක පියතුමන් දේවස්ථාන වලින් ලැබුන පුජා භාණ්ඩ රැගෙන විත් 25 දින පරික්ෂා කිරීමේදි කළු පැහැති පෙට්ටියක් තුල මෙම ජීව උණ්ඩ දෙක බහා තිබු බව පවසයි.

Read More

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනයට ඇතුල්වී ශ්‍රී ලංකාව හරහා කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ නිසා ගාල්ල සිට කොළඹ, පුත්තලම, මන්නාරම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකළපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල, නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ නැවත දැනුම්දෙන තෙක් යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවන්ට කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින්  දැනුම් දී ඇත. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන්වාර දෙකක් අවලංගු කර ඇත. උදෑසන 10.15 ට බදුල්ල දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා ගමන් කරන සීග්‍රගාමී දුම්රිය හා කොළඹ දුම්රිය ස්ථානයෙන් පස්වරු 12.40ට බදුල්ල බලා පිටත් වන දුම්රිය ගමන්වාර ද්විත්වය අවලංගු කර ඇත. මේ අතර ජලයෙන් වැසී ගිය මහනුවර දුම්රිය ස්ථානයේ ජලය මේ වන විට බැසගොස් ඇති අතර එහි පවිත්‍රතා කටයුතු ආරම්භ කොට ඇත.

Read More

අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල ප්‍රදේශයේ ගෙයක් මතට පස්කන්දක් සමග ගලක් කඩා වැටිමෙන් දෙදෙනෙකුට දිවි අහිමිවී ඇත. අද (25) උදෑසන ප්‍රදේශයට පැවති අයහපත් කාළගුණයත් සමගින් මෙම අනතුර සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි. පොලිසිය, ප්‍රදේශවාසීන් හා එක්ව පස්කන්දට යටවී සිටි ළමුන් තිදෙසා සොයා මෙහෙයුමක් දියත් කළ ඇති අතර මව, පියා, දැරියන් දෙදෙනෙකු හා පිරිමි දරුවෙකු ආපදා තත්වයෙන් මුදවාගෙන ජම්බුගස්පිටිය රෝහල වෙත ඇතුලත් කර ඇත. එම ඇතුලත් කිරීමේදී දැරියක් හා පිරිමි දරුවා මියගොස් ඇත. තුවාල ලබාසිටි දැරියක් වැඩිදුර ප්‍රතිකාර වෙනුවෙන් පේරාදෙණිය රෝහල වෙත මාරුකර යවා ඇත. මියගිය දැරිය වයස අවුරුදු 18 ක් වන අතර  මියගිය දරුවා වයස අවුරුද 16…

Read More

පොලිස් ස්ථානාධිපතිවරුන් 260 කු සඳහා ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි එකී පිරිස අතර පොලිස් පරීක්ෂකවරුන් 50 කු සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 210 කු  වේ. මෙම ස්ථානමාරුවීම් සිදුකිරීම අතර  ස්ථානාධිපතිවරුන් ලෙස කටයුතු කළ ඇතැම් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සහ පොලිස් පරීක්ෂකවරුන්  සාමාන්‍ය රාජකාරි සඳහා යොදවා ඇත. 2020-11-30 දිනැති අංක 2202/04 දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සිදුකරන ලද බලතල පැවරීම ප්‍රකාරව පොලිස් ස්ථානාධිපති ධුරයන් හි පත්කිරීම් පත් කිරීම් හා ස්ථාන මාරු කිරීම් සඳහා  මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විසින් නියෝග කර ඇත.

Read More

මාවනැල්ලේ සිට හෙම්මාතගම නගරය හරහා ගම්පොළ දක්වා දිවෙන මංතීරු දෙකේ මාර්ගයේ හෙම්මාතගම ගම්පොළ අතර පිහිටා ඇති තුනේ කණුව ප්‍රදේශයේ විශාල නායයාමක් සිදුවී ඇත. ඒ නිසා ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය අඩාල වී ඇති බවත්, එම මාර්ගය සම්පූර්ණයෙන්ම වසා ඇති බවත්, හෙම්මාතගම පොලිසිය පවසයි. මෙම නායයාම අද උදෑසන 8.ත්, 9 .ත් අතර කාළයේදී සිදුවී ඇත. දෛනිකව රථවාහන විශාල ප්‍රමාණයක් මෙම මාර්ගය භාවිතා කරන අතර රජයේ නිවාඩු දිනයක් වන අද දිනයේ මෙම මාර්ගයේ පස්කඳු කඩාවැටීම නිසා වාහන විශාල ප්‍රමාණයක් හරයා යැවීමට පොලිසිය කටයුතු කර තිබිණ. මාවනැල්ල සිට ගම්පොළ නාවලපිටිය හා නුවරඒළිය වැනි ප්‍රදේශවලට කෙටි ගමන්මාර්ගයක් ලෙස මෙම මාර්ගය භාවිතා කරන අතර මෙම මාර්ග‌යේ…

Read More

මුන්දලම මදුරන්කුලිය ප්‍රදේශයේ පිහිටි උණවේලි වත්තෙන් අක්කර පහළොවක් ව්‍යාජ ඔප්පු සකස් කර පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන රංගේ බණ්ඩාර මහතාට රුපියල් ලක්ෂ 233 ක මුදලකට විකුණා වංචාවක් කළේ යැයි කියන මධ්‍යම පරිසර අධිකාරියේ විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු රහස් පොලිසිය  සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මාලබේ ප්‍රදේශයේ පදිංචි පනස් තුන් හැවිරිදි අයෙකි මෙම සැකකරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට මෙම ඉඩම ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීමට කලින් මෙම ඉඩමෙන් අක්කර විස්සක් සඳහා ව්‍යාජ ඔප්පු සකස් කර පෞද්ගලික බැංකුවකට ඉදිරිපත් කර ලක්ෂ 47 ක මුදලක් වංචාවෙන් ලබාගෙන ඇතැයි ද රහස් පොලිසියේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට  විකුණා…

Read More

මාතලෙන් පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් මහනුවර පේරාදෙණිය පාරේ ප්‍රධාන පෙළේ පිරිමි පාසලක් අසල  සම්භාහන මධ්‍යස්ථානයක් නමින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි සිටි තරුණියන් තිදෙනකු සහ එහි කළමනාකාරවරිය අත්අඩංගුවට ගෙන තිබේ. මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ විශේෂ නියෝග මත එම පොලිස් කණ්ඩායම මාතලේ සිට නුවරට පැමිණ එම වැටලීම සිදුකොට ඇති අතර එම ස්ථානයේ සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමට හෝ බලපත්‍රයක් නොමැති බවද පොලිසිය කියයි. මාතලේ පැමිණි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු සහ ළමා හා කාන්තා කාර්‍යංශයේ නිලධාරිනියක ඇතුළු ඇතුළු පොලිස් කණ්ඩායමක් පැමිණ උපාය දූතයන් යොදවා ගණිකාවක් ලබාගන්නා ආකාරයට මෙම මෙහෙයුම සිදු කොට තිබේ . අත්අඩංගුවට පත් තරුණියන් වයස අවුරුදු 25ත්…

Read More