Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
ජංගම දුරකථන මාදිලි 49කට සිය සේවාව ලබාදීම අත්හිටුවීමට “මෙටා” සමාගම තීරණය කර ඇති බව වාර්තා වනවා. ඒ අනුව වට්ස්ඇප් මෘදුකාංගය මෙම මස 31 වෙනිදා සිට අත්හිටුවනු ඇති බවයි වාර්තා වෙන්නේ. වට්ස්ඇප් මෘදුකාංගයේ නව යාවත්කාලින කිරීමේ හැකියාව නොමැති ජංගම දුරකථන මාදිලි 49 අතරට ඇපල්, සැම්සුන්ද අයත් වන අතර එලෙස සේවාවන් සැපයීම අත්හිටුවන දුරකථන සඳහා වට්ස්ඇප් පණිවිඩ හුවමාරු මෘදුකාංගය විසින් ඒ පිළිබඳව දැනුම් දීමක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. “මෙටා” සමාගම නිවේදනයක නිකුත් කරමින් කියා සිටියේ සේවාවන් අත්හිටුවනු ලබන දුරකථන මාදිලි සඳහා නව මෙහෙයුම් මෘදුකාංග නොලැබීම සහ වට්ස්ඇප් මෘදුකාංගය විසින් ආරක්‍ෂිත පද්ධතිය පිළිබඳව සිදුකරනු ලබන යාවත්කාලින කිරීම් මෙම දුරකථන මාදිලි සඳහා අන්තර්ගත කිරීමේදී ඇතිවන…
දෙසැම්බර් 26 වනදා වනවිට ශ්‍රී ලංකාවට විදෙස් සංචාරකයින් 701,000ක් පමණ පැමිණ ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු පවසන්නේ මෙම වසර නිමවන විට 720,000ක පමණ සංචාරකයින් පිරිසක් 2022 වසර තුළදී සමස්ත වශයෙන් මෙරටට පැමිණෙතැයි අපේක්ෂා කෙරෙන බවය. නමුත් 2021 වසරේදී මෙරටට පැමිණ තිබුණේ සංචාරකයින් 194,495ක් පමණි.
විදුලි බිල ඉහළ දැමීම සිදුනොකරන්නේ නම් ඒ වෙනුවෙන් පැය කිහිපයක විදුලි කප්පාදුවකට ජන ජීවිතය හුරුකර ගැනීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. මෙරටින් ඇණවුම් කර ඇති ගල්අඟුරු තොග රැගත් නෞකා 3ක් ලබන මාසයේ දී මෙරටට ළඟා වීමට නියමිත බව ඒ මහතා පවසයි .ඒ අනුව ජනවාරි මස 5, 9 සහ 16 වන දිනවල ගල්අඟුරු රැගත් නෞකා 3ක් මෙරටට ළඟා වන බව අමාත්‍යවරයා පැවසීය.
පළාත් පාලන මැතිවරණය මාර්තු 10 වැනි දාට පෙර පවත්වන බව මැතිවරණ කොමිසම පවසයි. එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, ඒ සඳහා මූලික කටයුතු මේ වනවිට සම්පාදනය කරමින් පවතින බවය. පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා කැඳවීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ලබන මස 5 වැනි දාට පෙර නිකුත් කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
තල් සංවර්ධන මණ්ඩලයේ සහ තල් පර්යේෂණ ආයතනයේ පූර්ණ අධීක්ෂණය යටතේ තල් සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි අපනයන ආයතනය විසින් පසුගිය නොවැම්බර් 29 වන දින ප්‍රංශයටත්, දෙසැම්බර් 14 වන දින එක්සත් රාජධානියටත් අපනයනය කෙරිණි. ප්‍රංශයට අපනයනය කළ ඇණවුමේ වටිනාකම ඇමරිකානු ඩොලර් 45,000 කි. මෙයට අමතරව තල් සංවර්ධන මණ්ඩලය ගෙවුණු නත්තල් සමයේ තල් සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි එංගලන්තයේ බෙදාහැරීමේ නියෝජිත ආයතනය සමග විශේෂ අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක් ලන්ඩනයේ බර්නෙට් (Barnet) ප්‍ර දේශය මුල්කොට ගෙනත් London EN5 5XY හිදිත් විශේෂ අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් ක්රියාත්මක කෙරිණි.
ඇමෙරිකාවේ ජොන් හොප්කිංස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැංකි විසින් ගණනය කරන සතිපතා උද්ධමනය දර්ශකයට අනුව මෙවර ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉහළ ගොස් ඇතැයි ඔහු පවසයි. පසුගිය 22 වැනිදාට ලබාගත් දත්ත අනුව ලෝකයේ ඉහළම උද්ධමනයක් ඇති රටවල් අතර 4 වැනි ස්ථානයට ඔහු ශ්‍රී ලංකාව ස්ථාන ගත කර තිබේ. මෙහි ඉහළම උද්ධමනයක් ඇති රට ලෙස පෙරමුණේ පසුවන්නේ සිම්බාබ්වේ රටයි. වෙනිසියුලාව හා කියුබාව පිළිවෙළින් දෙවැනි හා තෙවැනි ස්ථානයේ පසුවෙයි.
වත්මන් ජනාධිපතිවරයා 2024 තෙක් බලයේ සිටින බවත් පාර්ලිමේන්තුව 2025 වසර තෙක් පවතින බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය. මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. “ජනාධිපතිතුමා ඉන්නවා 2024 වෙනකම්, පාර්ලිමේන්තුව තියෙනවා 2025 වෙනකම්. ප්‍රා දේශීය සභා තිබ්බට ප්‍රශ්නයක් නෑ. මොන ප්‍රතිඵලය ආවත්. එතකොට බලා ගන්න පුළුවන් ඔය එක එක්කෙනාගේ තරම. මම කියන්නේ හොඳම දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුළුවන් නම් තනියම මේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන්න අපි නැතිව. මන්ත්‍රීවරු 100ක් 200ක් ගත්තොත් අන්න මං දන්නවා දක්ෂයෝ කියලා.”
වසර දෙකකට අධික කාලයක සිට තම පියාගෙන් සිදු වන අතවර ඉවසා ගත නොහැකි වූ වයස අවුරුදු 12ක බාලවයස්කාර දැරියක් කිලෝමීටර 12ක දුරක් ගෙවා තනිව ගල්නෑව පොලිසිය සොයා පැමිණ ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කළ බවත්, ඉන් අනතුරුව ප්‍රදේශයෙන් පළා යමින් සිටි සැකකාර පියා අත්අඩංගුවට ගත් බවත් ගල්නෑව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගම්පොළ ප්‍රදේශයේ පදිංචිව සිට මීට මාස තුනකට පමණ පෙර ගල්නෑව ප්‍රදේශයට තාවකාලිකව පදිංචියට පැමිණි සිටි 35 හැවිරිදි හිටපු යුධ හමුදා සෙබළකු බව පොලීසිය කියයි. සිද්ධියට මුහුණ පෑ දැරිය පස්වන ශ්‍රේණියේ දී වැඩි වියට පත්ව ඇති බවත්, එතැන් සිට වයස අවුරුදු 10 (2019) සිට මේ දක්වා පියා විසින් අවස්ථා…
පාසල්වලට බස්රථ ලබා දීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට උනන්දු කළේ හිටපු අමාත්‍යවරයකු වන අර්ල් ගුණසේකර මහතා බවත් මේ සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමේ දී සෑම වසරකම සෑම පාසලකම දූ දරුවන්ගෙන් විවිධ ප්‍රවාහන අවශ්‍යතා සඳහා විශාල වශයෙන් මුදල් එකතු කරන බවත් විපක්ෂනායක 286 මහතා පැවැසීය. පාසල් සඳහා නොමිලේ බස් රථ ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කර මේ වන විට බස් රථ 50ක් ලබා දීම සිදු කර ඇති බවත් මේ නිසා පාසල් දූ දරුවන්ගේ බාහිර ක්‍රියාකාරකම් සඳහා දෙමාපියන්ට වියදම් කිරීමට සිදුවන මුදල් ප්‍රමාණය මේ නිසා අඩුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සක්වල වැඩසටහන යටතේ මෙරට පාසල් සඳහා රුපියල් ලක්ෂ 50ක්…
ලක්විජය බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු සැපයීමේ ටෙන්ඩරය ඉන්දුනීසියානු සමාගමකට හිමිව තිබේ. මෙම ටෙන්ඩරය සඳහා සමාගම් 9ක් ඉදිරිපත්ව සිට ඇති අතර ඒ අතරින් අඩුම මිල ඉදිරිපත් කළ ඉන්දුනීසියානු සමාගමට එම ටෙන්ඩරය හිමිව තිබේ. දින 180ක ණය සහන කාලයක් යටතේ මෙම ගල් අඟුරු සැපයිම සිදුවෙයි. දේශීය සමාගමක් සමග එක්ව මෙම සමාගම ලක්විජය බලාගාරය වෙනුවෙන් ගල් අඟුරු සැපැයීම සිදුකිරීමට නියමිතය. නීතිපතිගේ උපදෙස් අනුව ඉන්දුනීසියානු සමාගමට මෙම ගල් අගුරු ටෙන්ඩරය ලබා දී තිබේ.