Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාව සඳහා අලියා ලකුණ යටතේ තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇතැයි වාර්තාවේ.
සුරාබදු දෙපාර්තමේන්තු පසුගිය වසරේ රුපියල් බිලියන 170 ක් හෙවත් කෝටි 17,000 ක ආදායමක් උපයා ඇති බවත් එය සුරාබදු ඉතිහාසයේ වසරකදී ලැබූ ඉහළම ආදායම බවත් සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා පැවසීය. එම දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ඉලක්කගත ආදායම රුපියල් බිලියන 217 ක් හෙවත් රුපියල් කෝටි 21,700 කි.
බැංකු පොලී අනුපාත ඉහළ යෑම ඇතුළු කාරණා කීපයක් මුල්කරගනිමින් දිවයින පුරා ගිලන් රථ රියැදුරන් සහ සෞඛ්‍ය ක්ෂත්‍රයේ අනෙකුත් රියැදුරන් හත්දහසකට ආසන්න පිරිසක් අද (09 වැනිදා) වැඩ වර්ජනයක නිරත වන බව රජයේ සෞඛ්‍ය ගිලන් රථ සහ ප්‍රවාහන රියැදුරු සංගමයේ සභාපති ඩබ්ලිව්.ඩී.විජේසිංහ පැවසුවේය. රාජ්‍ය බැංකු වලින් ලබාගත් ණය සඳහා පැවති සියයට 9 ත් 10 ත් අතර පොලී අනුපාතය ඉහළ දැමීම ඇතුළු කාරණා මුල්කරගනිමින් වැඩ වර්ජනයේ නිරත වෙති.
මෙරට රබර් ආශ්‍රිත අපනයනයන් 2021 වසරට සාපේක්ෂව ඉකුත් වසරේදී සියයට 39 කින් ඉහළ ගොස් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. 2022 වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 1463 ක පමණ වටිනාකමකින් යුත් රබර් නිෂ්පාදන අපනයනය කළ බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
පාර්ශ්ව රැසක් නියෝජනය කරන නිදහස් ජනතා සන්ධානය නමින් පහන ලකුණින් මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට සාකච්ඡා කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඊට අදාළ සියලු කටයුතු මේ වනවිට සිදුවෙමින් ඇති බවය. ඒ යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ මූලිකත්වයෙන් යුත් නිදහස ජනතා සභාව, විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් උත්තර ලංකා සභාගය ඇතුළුව තවත් දෙමළ හා මුස්ලිම් පක්ෂ කිහිපයක් තරග වැඳීමට නියමිතය.
දිගු ගමනක් සඳහා අවශ්‍ය නව නීති ප්‍රතිසංස්කරණ 22 ක් පසුගිය මාස හය තුළ සම්මත කළ බවත් ජාතික සමගිය හා සංහිදියාව ගොඩ නැංවීම ජනතාව රැවටීමට නොව හදවතින්ම සිදු කළ යුතු බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය. එසේම පසුගිය කාලයේ අරාජික වු රට වත්මන් ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ශක්තිමත්ව ඉදිරියට යන බවත් අමාත්‍යවරයා පැවැසීය. 2023 නව වසර වෙනුවෙන් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමේ උත්සවය අමතමින් ඔහු මේ බව පැවැසීය. මහජන බදු මුදලින් වැටුප් ලබන මහජන සේවකයින් ලෙස අපි සියලු දෙනා සේවය කළ යුතු වන්නේ මහජන සුභ සිද්ධිය සදහා වන අතර, ඒ සදහා 2023 නව වසරේ…
මෙම වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ලබන 5දා බ්‍රහස්පතින්දා පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි. පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත සහ බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත් කෙටුම්පත පිළිබඳව දෙවැනි වර කියවීමේ විවාදය එදින පැවැත්වීමට නියමිතව තිබේ. එම රැස්වීමේදී උදේ 9:30 සිට උදේ 10 30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර එදින පස්වරුවේ රජය ගෙනෙන යෝජනාවකට අනුව සභාව කල් කල්තබන අවස්ථාවේ විවාදයක්ද පැවැත්වෙනු ඇත.
කාර්මික තාක්ෂණ ආයතනය සහ නැගෙනහිර පළාත් සභාව එක්ව මෙරට ප්‍රථම වතාවට ISO ප්‍රමිතියෙන් යුතු කෘෂි තාක්ෂණ රසායනාගාරයක් ඇති කිරීම සදහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිම ඊයේ (27දා) දහවල් පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි. ආණ්ඩුකාරවරිය විසින් ක්‍රියාවට නංවන ලද දැයට හිතැති තිරසර කෘෂි සංස්කෘතිය නමැති ව්‍යාපෘතියට සමගාමිව මෙම නව රසායනාගාරය ඉදිකෙරෙණු ඇති. එම ගිවිසුමට අත්සන් කිරීම සිදුවුයේ නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ආර්.එම්.පී.එස්. රත්නායක සහ කාර්මික තාක්ෂණික ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරාල් ජේ.කේ.ආර්.රාධිකා සමරසේකර අතරය. මෙම නව රසායනාගාරය හරහා කාබනික පොහොර සහ යෙදවුම්, බීජ සහ රෝපණ ද්‍රව්‍ය, කෘෂිකාර්මික ආහාර සහ පස් නියැදි පරික්ෂාව සිදු කෙරෙන අතර එම සහතික සදහා දේශිය සහ …
2022 වර්ෂය තුළ දී විවිධ හේතු මත තමාගේ නිත්‍ය සේවා ස්ථාන වන පාසල්වලින් බැහැර ව 2022/ 12/ 31 දින දක්වා වෙනත් පාසල්වලට අනුයුක්ත කර ඇති ගුරු භවතුන්ට, ඉදිරියේ දී මාරු මණ්ඩල මගින් ස්ථාන මාරුවීම් ලබා දෙන තෙක් 2022 පාසල් අධ්‍යයන වර්ෂය අවසන් වන 2023/ 03/ 24 දක්වා එම ගුරු භවතුන්ගේ අනුයුක්තය දීර්ඝ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි. 2022/ 12/ 31 දක්වා අනුයුක්ත ව සිටි එම ගුරු භවතුන් වෙත මේ සම්බන්ධයෙන් නැවත ලිපියක් නිකුත් නොකරන බවත් මීට ඉහත ඊට අදාළ ව නිකුත් කර ඇති ලිපිය ම 2023/ 03/ 24 දින දක්වා බලාත්මක වන බව වැඩිදුරටත් දැනුම් දෙන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය…
ශ්‍රී ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපල ලෙස ඉදිකරන ලද මත්තල රාජපක්ෂ ගුවන් තොටුපල නැවතත් හෙට සිට ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතු සඳහා යොදා ගැනේ. පසුගිය කාලපරිච්ඡේදය තුල හුදෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට විකල්ප ගුවන් තොටුපලක් ලෙසත් ගුවන් සීමාවට ඉහළින් පියාසර කරන ගුවන් යානා වලට හදිසි ගොඩබෑම් සඳහා යොදාගත් ගුවන් තොටුපලක්ලෙසත් මත්තල භාවිත කරනු ලැබිය. රුසියාවේ සිට පැමිණෙන බෝයිං777-200 වර්ගයේ මගීන් 400කට වැඩි පිරිසක් රැගෙන මෙරටට පැමිණෙන Redwings ගුවන් සමාගම නව වසරේ සිට සතියකට නව ගුවන්වාර 2 ක් බැගින් පියාසර කිරීමට නියමිතව ඇති අතරඑය 3 ක් දක්වා වර්ධනය කිරීමට නියමිතය. ඒ සඳහා විදේශ ගුවන් සමාගමකට දෙනු ලබන FAOC (Foreign Aircraft Operator Certificate/ විදේශීය ගුවන් සමාගම් සඳහා වන මෙහෙයුම් බලපත්‍රය)සහතිකය අධ්‍යක්ෂ…