Author: LFN

වසර 23 කට පසු දුම්රියෙන් කොළඹ කොටුවට එලවළු ප්‍රවාහනය කිරිමේ කටයුතු ආරම්භ කල බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සහ නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු අයවැයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව දුම්රිය දෙපාර්තුමේන්තුවේ වෙලද සහ අලෙවි අංශය විසින් දුම්රියෙන් එලවළු ප්‍රවාහනය කිරිම සදහා විශේෂ මැදිරි පහක් සකස් කර ඇත. නියමු ව්‍යාපෘතියක් වශයෙන් (27) දින පස්වරු 5 ට නානුඔය දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා එලවළු ප්‍රවාහනය ආරම්භ කල අතර , එම විශේෂ දුම්රිය රාත්‍රි 12 ට කොළඹ කොටුව වෙත ළගා විමට නියමිතය. කොළඹ පිහිටි…

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුනුකරු මිකී ආතර් , පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කිරිමේ සූදානමක් ඇති බව වාර්තා වේ. කණ්ඩායමේ වත්මන් පූහුණුකරු සක්ලේන් මුෂ්ඨාක්ගේ ධුර කාළය ඒළඹෙන වර්ෂයේ මුලදී අවසන් වීම නිසා මිකී ආතර් මෙලෙස කණ්ඩායමට කැඳවීමට වැඩි ඉඩක් ඇති බව විදෙස් මාධ්‍ය අවධාරණය කරයි. දකුණු අප්‍රිකානු ජාතික මිකී ආතර් මීට පෙර 2016 වර්ෂයේදී සිට 2019 දක්වා පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කර ඇත. කෙසේ වෙතත් ඔහුව නැවත කණ්ඩායමට රැගෙන ඒමට පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති නජාම් සේතිද උත්සාහ කරන බව වාර්තා වේ. මිකී ආතර්ගේ පුහුණුකාරීත්වය යටතේ පාකිස්ථානය 2017 වර්ෂයේ චැම්පියන්ස් ලීග් ක්‍රිකට් ශූරතාව දිනා…

Read More

ශ්‍රී ලංකාව සමගින් පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ විස්සයි විස්ස තරග වලදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාට හිමිවී ඇත. තරගාවලියට සහභාගි වන විස්සයි විස්ස හා ඒක්දින සංචිත අද (27දා) රාත්‍රී නම් කලේය. එහි විස්සයි විස්ස තරගාවලියේදී අත්දැකීම් සහිත ක්‍රීඩකයින් වන විරාත් කෝලි, රෝහිත් ෂර්මා හා කේ.එල්. රාහුල් විවේක ගන්වා ඇති අතර සංචිතයේ  උප නායකත්වය ප්‍රහාරාත්මක පිතිකරු සූර්යකුමාර් යාදව්ට හිමිවී ඇත. මෙහිදී කඩුළු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් කණ්ඩායමෙන් ඉවත් කර ඇති අතර ඒ් වෙනුවට ප්‍රහාරාත්මක පිතිකරු ඉෂාන් කිෂාන් නැවතත් කණ්ඩායමට කැඳවා ඇත. එමෙන්ම විස්සයි විස්ස සංචිතයට රුටුරාජ් ගායික්වාද්, සංජු සැම්සන්, උම්රාන් මලික්, ෂිවම් මාව, මුකේෂ් කුමාර්…

Read More

පැය අටක විදුලි කප්පාදුවේ අවධානම තවමත් පහව ගොස් නොමැති බව ලංවිම විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා පැවැසීය. “පැය අටක විදුලි කප්පාදුවේ අවධානම තවමත් පහව ගහින් නෑ. පැය අටට වැඩි වෙන්නත් පුළුවන්. 2022 වසරේදී විදුලි කප්පාදුව ගියේ ගල් අඟුරු නැතිව නෙමෙයි. ඉන්ධන සපයා ගන්න බැරිවුණ නිසා තමයි ඒ විදුලි කප්පාදුව ගියේ. එතකොට අපිට ගල් අගුරු තිබුණා. 2022 සැප්තැම්බර් 15 වෙනකොට ගල් අඟුරු ඇටයක්වත් නැතිව ඒවා ඉවර වුණා. 2023  වසර සඳහා අවශ්‍ය ගල් අගුරු කලට වේලාවට ගෙන ආ යුතුයි. ඒ ගල් ඇඟුරු නැතිවුණොත් අපිට ඉන්ධනයි ගල් අඟුරුයි නැතිවෙන්න පුළුවන්. 2022 මුල් කාලයේ වෙච්ච විදුලි කප්පාදුව දැක්ක නිසා තමයි අපි කලුවර…

Read More

ජංගම දුරකථන ආරවුලක් දුරදිග යාමෙන් අඟුලාන පොලිසියට බීමතින් පැමිණි දෙදෙනකු එහි කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබ සිටිය දී ඔවුන්ගේ ඥාතීන් යැයි කියන පිරිසක් පැමිණ ඔවුන් රැගෙන පලාගොස් ඇතැයි පොලිසිය කියයි. එසේ රැගෙන යනු ලැබූ සැකකරුවන් දෙදෙනා කළුබෝවිල රොහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය සඳහන් කරයි. මෙසේ අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ ‘ජොන්ටියා’ සහ ‘කලයා’ නමැති දෙදෙනකු බව පොලිසිය කියයි. මේ අතර සැකකාර ජොන්ටියා සහ කලයා අතර පොලිසියේ දී ඇතිවූ කලහකාරී තත්ත්වය පාලනය කිරීමට මැදිහත්ව පහර කෑ පොලිස් සැරයන්වරයකු දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු අංශයට (25) ඇතුළත් කළ බව පොලිසිය කියයි. ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය සැලකිල්ලට…

Read More

රත්මලාන හා ගල්කිස්ස ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ පාසල් ළමුන් ඉලක්කකර මාවෝ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පුද්ගලයකු අලෙවිය සඳහා සූදානම්කර තිබූ මාවෝ මිලිග්‍රෑම් 7200 ක් සමග ගල්කිස්ස දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය. සැකකරු රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටින වයස අවුරූදු (58) ක්ද වන අතර , කොළඹ ප්‍රදේශයෙන් රැගෙන එනු ලබන මාවෝ මත්ද්‍රව්‍ය නිවසේ සිට පැකට්කර සූක්ෂම ලෙස පාසල් අවට සැරිසරමින් දීර්ඝ කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදුකරගන ගොස් ඇතැයිද පොලීසිය කියයි. ගල්කිස්ස ප්‍රධාන පාසලක් ආසන්නයේ නිවසක මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. මේ අනුව තම දරුවන් සිටින පාසල් අවට සැකකටයුතු ලෙස සැරිසරන විවිධ ජාවාරමාකරුවන් පිළිබඳව දැඩි සෙවිල්ලෙන් සිටිමින් ජාවාරම්කරුවන්ගෙන් පාසල්…

Read More

උතුරු, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල අද (27) දිනයේ ද වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ද එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

Read More

හිටපු  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයෝ පස් දෙනෙක්  ඇමෙරිකා එක්සත් ජනපදය බලා අද පිටත්ව ගියහ. ගෝඨාභය රාජපක්ෂ, බිරිය අයෝමා රාජපක්ෂ , පුතා දමින්ද මනෝජ් රාජපක්ෂ , ලේලිය එස්.ඩී.රාජපක්ෂ සහ මිනිබිරිය ඩී.එච්.රාජපක්ෂ එසේ පිටත්ව ගියහ. මෙම පිරිස එමිරේට්ස් ගුවන්  ගුවන් යානයකින් අද අලුයම 02.55 ට කටුනායක ගුවන් තොටුපළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ පිටත්ව ගොස් තිබේ . මෙම පිරිස මුලින්ම ඩුබායි වෙත ගොස් එතැන් සිට ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිත බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය . කටුනායක ගුවන් තොටුපළ සිට ඇමෙරිකා එක්සත් ජනපදය දක්වා ඍජු ගුවන් ගමන් ක්‍රියාත්මක නොවේ .

Read More

අන්තර්ජාතික ක්‍රිකට් තරගවල වසරකදී, වැඩිම ලකුනු 50 ට ඉහළ ඉනිම් ප්‍රමාණයක් වාර්තා කළ ක්‍රිඩකයින් අතර සම පෙරමුණ ගැනීමට පාකිස්ථානයේ බාබර් අසාම් සමත්විය. ඒ ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර සමගින් වීම විශේෂත්වයකි. නවසීලන්තය සමගින් කරච්චි හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී නොදැවී ලකුනු 161 ක් ලබා ගැනීමට සමත්වීමත් සමගින් බාබර් මෙම වාර්තාව පිහිටුවීමට සමත්විය. සංගක්කාර ඉනිම් 56 කදී මෙම වාර්තාව පිහිටුවන විට බාබර් ඒ සඳහා වැය කර ඇත්තේ ඉනිම් 56 කි.  කෙසේ‌ වෙතත් මෙම තරගයේදී දෙවැනි ඉනිමේදී බාබර් අර්ධ ශතකයක් රැස් කළහොත්, සංගාගේ වාර්තාව බිඳ දැමීමට ඔහුට හැකියාවක් ඇත. මේ සමගින් ඔහු මේ වසරේ (2022) වැඩිම ටෙස්ට් ලකුණු ලාබීන් අතර එංගලන්තයේ…

Read More

යුක්රේනයේ ගැටුම් සම්බන්ධයෙන් රුසියාවේ ක්‍රියාකලාපයන් රටේ අවශ්‍යතා සහ එහි ජනතාව ආරක්ෂා කිරීම අරමුණු කරගත් එකක් බව ජනාධිපති ව්ලැදිමීර් පූටින් පවසයි. “අපි නිවැරදි දිශාවට ගමන් කරන බව මට විශ්වාසයි. අපි අපේ ජාතික අවශ්‍යතා, අපේ පුරවැසියන්ගේ, අපේ ජනතාවගේ අවශ්‍යතා ආරක්ෂා කරනවා. අපගේ පුරවැසියන් ආරක්ෂා කිරීම හැර අපට වෙනත් විකල්පයක් අපට නැහැ” යැයි පූටින් රුසියානු මාධ්‍ය නාලිකාවකට පැවසීය. 2014 සිට යුක්රේනයේ අර්බුදයට රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් සෙවීමට මොස්කව් උත්සාහ කළ නමුත් බටහිරයන් විසින් මෙහෙයවන ලද කියෙව් නියෝජිතයන් සාකච්ඡා කිරීමට කැමැත්තක් නොදැක්වූ බව රුසියානු නායකයා සිහිපත් කළේය. “අපගේ භූදේශපාලනික විරුද්ධවාදීන්ගේ ප්‍රතිපත්තිය ඓතිහාසික රුසියාව ඈත් කිරීමයි. බෙදීම තමයි, ඔවුන් සැමවිටම කිරීමට උත්සාහ කළේ. ඔවුන් දැනුත් එය කිරීමට…

Read More