Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වසර 23කට පසු දුම්රියෙන් කොළඹට එලවළු එයි
    Featured

    වසර 23කට පසු දුම්රියෙන් කොළඹට එලවළු එයි

    By LFNDecember 28, 2022No Comments2 Mins Read267 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වසර 23 කට පසු දුම්රියෙන් කොළඹ කොටුවට එලවළු ප්‍රවාහනය කිරිමේ කටයුතු ආරම්භ කල බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සහ නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු අයවැයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව දුම්රිය දෙපාර්තුමේන්තුවේ වෙලද සහ අලෙවි අංශය විසින් දුම්රියෙන් එලවළු ප්‍රවාහනය කිරිම සදහා විශේෂ මැදිරි පහක් සකස් කර ඇත.

    නියමු ව්‍යාපෘතියක් වශයෙන් (27) දින පස්වරු 5 ට නානුඔය දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා එලවළු ප්‍රවාහනය ආරම්භ කල අතර , එම විශේෂ දුම්රිය රාත්‍රි 12 ට කොළඹ කොටුව වෙත ළගා විමට නියමිතය.

    කොළඹ පිහිටි සුපිරි වෙලදසැල් වලට සහ මැනිං වෙලදපොල වෙත අවශ්‍ය එලවළු තොග  එම දුම්රියෙන් ප්‍රවාහනය කල අතර , එම දුම්රියෙන් මගින්ට ගමන් කිරිමට අවස්තාව නොලැබෙන බවත්, සිඝ්‍රගාමි දුම්රියක් ලෙස මෙය ධාවනය කරන බවයි දුම්රිය දෙපාර්තුමේන්තුවේ වෙලද සහ අලෙවි අංශයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරි වජිර පොල්වත්තේගම මහතා කියා සිටියේ.

    තවද රටේ පවතින ඉන්ධන අර්බුධයට මේ තුලින් විසදුමක් ලැබෙන බවත්, මෙම ව්‍යාපෘතියේ පවතින අඩුපාඩුකම් සොයා බලා ලබන වසරේ මුල් මාසයේ සිට මෙම දුම්රිය අඛණ්ඩව පවත්වාගෙන යන බවයි නියෝජ්‍ය සමාන්‍යාධිකාරිවරයා කියා සිටියේ.

    උඩරට ප්‍රදේශයේ වගා කරන එලවළු , මල් සහ පලතුරු මෙම විශේෂ දුම්රිය මගින් ප්‍රවාහනය කිරිමට බලාපොරොත්තු වන බවත්, නුවරඑලියට අමතරව බණ්ඩාරවෙල , වැලිමඩ යන ප්‍රදේශවල වගා කරන එලවළු , පලතුරු සහ මල්  ප්‍රවාහනය කිරිමටත් , නානුඔය දුම්රිය ස්ථානයේ සිට සැම දුම්රිය ස්ථානයකටම ප්‍රවාහන සදහා භාර දෙන එලවළු ,පලතුරු සහ මල් මෙම දුම්රිය මගින් ප්‍රවාහනය කිරිමට පියවර ගන්නා බව නානුඔය දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපති ජානක විරසිංහ මහතා පැවසිය.

    තවද කොළඹ කොටුව සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා දුම්රිය ධාවනය කරන අවස්තාවල ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කිරිමට අපෙක්ෂා කරන බවද දුම්රිය ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසිය.

    ලොරි රථ වලින් එලවළු ප්‍රවාහනය කරනවාට වඩා දුම්රියෙන් එලවළු ප්‍රවාහනය කිරිම පහසු බවත්, ලබන වසරේ මුල් මාසයේ සිට දුම්රිය මගින් එලවළු ප්‍රවාහනය අඛණ්ඩව සිදු කරන බවයි සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සහ නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    මාතර – හක්මණ මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්

    May 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.