Author: LFN

ගල්අගුරු හිඟය හේතුවෙන් නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු විදුලි බලාගාරයේ විදුලි ජනක යන්ත්‍රයක් ඊයේ (22) රාත්‍රී සිට අක්‍රීය කරන බව විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවැසීය. මේ හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට මෙගා වොට් 270 ආසන්න විදුලි ධාරාවක් අහිමි වන බව ද එම නිලධාරියා පැවැසීය. එම විදුලි ජනන යන්ත්‍රයෙන් ජාතික විදුලි පද්ධතියට මෙතෙක් ලැබුණු මෙගාවොට් 270 ක පමණ ප්‍රමාණය කෙරවලපිටිය ඩීසල් බලාගාරයන් ලබාගැනීමට දිනකට රුපියල් මිලියන 228 ක් වැයවන බවත් එය විදුලිබල මණ්ඩලයට විශාල පාඩුවක් බවත් විදුලිබල මන්ඩලයේ නිලධාරියෙක් කීය. නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කළ විදුලි ජනන යන්ත්‍රයෙන් විදුලිය ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 47ක් පමණක් වැය වුවද කෙරවලපිටිය ඩීසල් බලාගාරයෙන් විදුලිය ඒකකයක් නිෂ්පාදනය…

Read More

ලබන වසරේ ජනවාරි මස සිට විදුලි බිල්පත දුරකථන කෙටි පණිවිඩයක් මගින් (එස්.එම්.එස්.) දැනුම්දීමට කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. විදුලි බිල්පත දුරකථනයට එස්.එම්.එස් කිරීමේ ක්‍රියාවලිය නාගරික ප්‍රදේශ මූලික කරගනිමින් අරඹන බවත් ඒ සඳහා විදුලිබල මණ්ඩලයේ පරිගණක පද්ධතිය මේ වන විට යාවත්කාලීන කරමින් සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Read More

මිනිස් පරිභෝජනයට සුදුසු මට්ටමක පවතින සහල් මෙට්‍රික් ටොන් 21 ක් සත්ව ආහාර සැකසීම පිණිස ඒකල ප්‍රදේශයේ ගබඩාවක තිබියදී අත්අඩංගුවට ගනු ලැබූ බව පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය සඳහන් කරයි. මෙහිදී එම ගබඩාවෙහි භාරකරු සමග කළමනාකරුද අත් අඩංගුවට ගනු ලැබූ බවත් සහල් තොගයෙහි වටිනාකම රුපියල් ලක්ෂ 39 ක් පමණ වන බවත්  දිස්ත්‍රික් විමර්ශන ප්‍රධානී රංජිත් වීරවර්ධන මහතා පැවසීය. පොලොන්නරුවේ සිට සහල් තොගය රැගෙන විත් ඇති බව අනාවරණය වී බවද විමර්ශන ප්‍රධානීවරයා කීය. පාරිභෝගික සේවා අධිකාරියේ  1977 දරණ හදිසි ඇමතුම් අංශයට ලැබී ඇති තොරතුරක් මත එම අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල සහ ගම්පහ දිසාපති සමන් දර්ශන පාඩිකෝරාල යන මහත්වරුන්ගේ උපදෙස්…

Read More

ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරණ පැලඳීම ඇතුළුව කොවිඩ්-19 සුදුසු හැසිරීම් වෙත නැවත පැමිණෙන ලෙස ඉල්ලා ඇති අතර, එරට තුළ නව රෝගීන් පිළිබඳ නිරීක්ෂණ කටයුතු වේගවත් කර තිබේ. ඉහළ සෞඛ්‍ය නිලධාරීන්ද එන්නත් ලබා ගැනීම සහ බූස්ටර මාත්‍රා ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා තිබේ. ආසාදන මට්ටම පහත වැටීමෙන් පසු ඉන්දියාව මේ වසර මුලදී මුඛ ආවරණ පැලඳීමේ නීති ලිහිල් කළේය. නමුත් අසල්වැසි චීනයේ රෝගීන්ගේ වැඩිවීමත් සමග මේ ආකාරයෙන් රට සීරුවෙන් තබා ඇත. පසුගිය මාස කිහිපය තුළ, චීනයේ රෝගීන් වැඩිවීමට සම්බන්ධ වූ ඔමික්‍රෝන් උප ප්‍රභේදය වන BF.7 නිසා ඇති වූ කොවිඩ්-19 රෝගීන් හතරක් මේ වනවිට ඉන්දියාව විසින් වාර්තා කර තිබේ. 2020 සහ 2021…

Read More

බස්නාහිර පළාතේ රෝහල්වල හිඟව පවතින අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග බාහිරින් මිලදී ගැනීම සඳහා අනුමැතිය හිමිවේ. අද (22) පැවති ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේන් අනතුරුව මාධ්‍යවේදීන් වෙත් අදහස් පළකරමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ මේ සඳහා අවශ්‍ය අනුමැතිය රජය ලබාදී ඇති බවයි. රටපුරා ඖෂධ වර්ග කිහිපයක හිඟයක් පැවතියත් එය සමස්ත ඖෂධ හිඟයක් ලෙස හුවා දැක්වීමට ඇතැමුන් ක්‍රියාකරන බවත් ඔහු සඳහන් කළේය. ඖෂධ මිල ඉහළ යෑමට රටතුළ ක්‍රියාත්මක ඖෂධ මාෆියාව හේතුවී ඇතැයිද හෙතෙම පෙන්වා දෙයි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ අද (22) පැවති ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් පසුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිලිතුරු දෙමිනි.

Read More

මේ වන විට අප රටේ බරපතළ ඖෂධ හිඟයක් පවතින බවත් රෝහල්වල මෙන් ම ෆාමසිවලත් බෙහෙත් නොමැති බවත් එසේ බෙහෙත් නොමැතිව වැඩිහිටියන්, මව්වරුන්, දරුවන් ආදී පුරවැසියන් රැකගන්නේ කෙසේද? යන්න තමා ප්‍රශ්න කරන බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  කියා සිටියේ මුදලට ගන්න හෝ බෙහෙත් නොමැති අවස්ථාවක බෙහෙත්වල මිල ඉතා ඉහළට ගොස් ඇති බව යි. මේ කිසිවක් පාලකයන්ට නොතේරෙන බවත් ඔවුන්ට අවැසි ආකාරයට බෙහෙත්, ආහාර ලැබෙන නිසා ඔවුන් සුරසැප විඳින බවත් මේ නිවාඩු කාලයේ ඇමතිවරු තරු 7 හෝටල්වල සුරසැප විඳින බවත් ඔවුන්ට ලෙඩ රෝග ඇති වූ පසු යන්නේ තරු 7 රෝහල්වලට බවත් ඔවුන්ට ජනතාවගේ දුක නොතේරෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…

Read More

එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ අවසන්මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සමත්විය. ඒ තරගාවලියේ තෙවැනි අවසන්පූර්ව තරගයෙන් කැන්ඩි ෆැල්කන්ස් පරදා කඩුළු 6 ක ජයක් හිමි කර ගනිමිනි. මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණී. තරගයේ කාසියේ වාසිය දිනා ගත් කලම්බු ස්ටාර්ස් නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුවෙන් පන්දුරැකීමට තීරණය කලේය. ඒ් අනුව කැන්ඩි සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 6 ක් දැවී ලකුනු 168 ක් රැස් කළහ. ඉනිමේ අවසන්භාගයේදී කැන්ඩි කණ්ඩායමේ ලකුණු පුවරුව වේගවත් කළ නායක වනිඳු හසරංග ලකුණු 77 ක් රැස් කලේ පන්දු 34 කට පමණක් මුහුණ දෙමිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 8 ක් හා හයේ පහර 3 ක් ඇතුලත්විය. ඔහුට අගනා සහයක් ලබාදුන්…

Read More

මොනරාගල නගරයේ වෙළෙඳසැලක් ඉදිරිපිට පදිකවේදිකාවේ වැටී තිබියදී තරුණයෙකුට හමුවූ රන්ආභරණ සහිත පාර්සලයක් ඔහු විසින් ඉකුත් (21) වෙනිදා සවස මොනරාගල පොලීසියට භාරදී ඇත. පවුම් හතරහමාරක් බරැති රන්මාල දෙකක්, පෙන්ඩනයක් සහ මුද්දක් එම පාර්සලයේ තිබී ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ හතහමාරක් පමණ වේ. මොනරාගල නගරයේ පුද්ගලික මුල්‍ය ආයතනයක සේවයකරන මොනරාගල ගලබැද්ද පදිංචි කේ.එම් ලක්මාල්  දයාරත්න මහතා විසින් තමන්ට හමුවූ එම රන්ආභරණ සහිත පාර්සලය හිමිකරු ලබාදෙන ලෙස ඉල්ලමින් මොනරාගල පොලීසියේ පොලිස් සැරයන්  43362 ඉස්මයිල් මහතාට භාරදෙන ලදි.

Read More

මාධ්‍ය වාර්තා කරලා තියෙනවා ලංකාවේ මිලියන 6.1 ක් එක වේලක් නොකා බඩගින්නේ ඉන්නව කියලා. ඒ නිසා මේ තරම් රටට විනාශයක් වෙලා තියෙද්දී අපිට සතුටින් මෙවර නත්තල් සමරන්න බෑ.” යැයි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවැසූහ. “රටට මෙහෙම වෙලා තියෙන්නේ පාලකයන්ගේ දුර්දාන්ත වැඩ නිසා. ලෝකෙ වටේ ගිහින් හිගන්නෝ වගේ කන්න බොන්න ඉල්ලනවා. අපි ලැජ්ජ වෙන්න ඕන මෙච්චර ලස්සන ආකර්ශනීය රටක ඉදගෙන හිගන්නො වගේ කන්න බොන්න ඉල්ල ඉල්ල යන එක ගැන. මොකක්ද මේ ආකල්පය. රටට මෙහෙම වෙලා තියෙන්නේ දුර්දාන්ත පාලකයින්ගේ වැඩ නිසා. ඒ නිසා මෙවර නත්තල් සතුටින් සමරන්න අපිට බෑ” යැයිද උන්වහන්සේ පැවැසූහ. උන්වහන්සේ මේ බව පැවසූවේ ඊයේ (21) රාත්‍රි  කළුතර…

Read More

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය ඉදිරි දෙදින තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඊසානදිග වෙරළ තීරයට ළඟාවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් දිවයිනේ උතුරු, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන අතර, සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනිත් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි. මෙහි බලපෑමෙන් මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු…

Read More