Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මම සැලෙන්නෙ නෑ
    Featured

    මම සැලෙන්නෙ නෑ

    By LFNDecember 28, 2022No Comments3 Mins Read285 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාසල්වලට බස්රථ ලබා දීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට උනන්දු කළේ හිටපු අමාත්‍යවරයකු වන අර්ල් ගුණසේකර මහතා බවත් මේ සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමේ දී සෑම වසරකම සෑම පාසලකම දූ දරුවන්ගෙන් විවිධ ප්‍රවාහන අවශ්‍යතා සඳහා විශාල වශයෙන් මුදල් එකතු කරන බවත් විපක්ෂනායක 286 මහතා පැවැසීය.

    පාසල් සඳහා නොමිලේ බස් රථ ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කර මේ වන විට බස් රථ 50ක් ලබා දීම සිදු කර ඇති බවත් මේ නිසා පාසල් දූ දරුවන්ගේ බාහිර ක්‍රියාකාරකම් සඳහා දෙමාපියන්ට වියදම් කිරීමට සිදුවන මුදල් ප්‍රමාණය මේ නිසා අඩුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සක්වල වැඩසටහන යටතේ මෙරට පාසල් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා නොමිලේ බස් රථ බෙදා දීමේ වැඩසටහනේ 50 වැනි බස් රථය බෙදා දීම වෙනුවෙන් අද (27) තබුත්තේගම විද්‍යාලයේ පැවැති උත්සවයක දි මේ බව පැවසීය.

    පාසල් තුළ දේශපාලනයට, ව්‍යාපාරවලට සම්බන්ධ ඇතැම් ආදි සිසුන් හිටියත් තමන්ගේ පාසලේ දියුණුව වෙනුවෙන් කිසිවක් නොකරන බවත් බස් රථ නොමිලේ ලබා දීම නිසා ‘බස් මෑන්’ යනුවෙන් තමා හැදින්වූවත් එම අවලාද, අපහාස කිසිසේතම තමා විසින් නොතකන බවත් මහත්මා ගාන්ධි විසින් පැවසූ ආකාරයට වැඩ කරන මිනිස්සු සහ ලකුණු දා ගන්න මිනිස්සු යනුවෙන් දෙකොටසක් සිටින බවත් එම නිසා ලකුණු දා ගන්නා මිනිස්සු කෙතරම් සිටියත් වැඩ කරන මිනිස්සු එක්ක සිටගෙන රට වෙනුවෙන් යමක් කිරීමට ඕනෑම වෙලාවක් සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    බස්වලින් මිනිසුන් දසදහස් ගණනක් එකතු කර රැස්වීම් පවත්වා ලකුණු දා ගන්නවා වෙනුවට මහපොළොවේ වැඩ කිරීමට තමන් සුදානම් බවත් මේ අවස්ථාවේ අප රටට අවශ්‍ය වන්නෙත් වැඩ කරන මිනිස්සු බවත් ඒ මිනිස්සු සමඟ නැවත රට ගොඩනැගීමට තමන් සූදානම් බවත් විපක්ෂ නායකවරයා එහි දී අවධාරණය කර සිටියේය. වත්මන් රජය කැබිනට් අනුමැති අරගෙන අප රට දුප්පත් රටක් බවට නම් කර ඇති බවත් එය විහිළුවට කරුණක් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ අප රටේ අධ්‍යාපනය ශක්තිමත් කරනවා වෙනුවට සිරගෙවල් සකස් කිරීමට පාලකයන් කටයුතු කර ඇති බවයි. නමුත් අමතක නොකළ යුත්තේ එක් පාසලක් විවෘත වන විට සිරගෙවල් කිහිපයක් වුව වසා දැමිය හැකි බවයි.

    එමෙන් ම රට විනාශ කළ පුද්ගලයන් රතු පලසේ වැඩම්මවා ඉන්නා ඇතැම් පුද්ගලයන් රටට වැඩ කරන පුද්ගලයන්ට මඩ ගසන බවත් ඔවුන්ට කියන්නට ඇත්තේ මඩ දේශපාලනයෙන් ඉවත් වී ජනතාවට සැබෑ සේවයක් කරන ලෙසත් ඔවුන් කෙතරම් මඩ ගැසුවත් මෙම බස්රථ ලබා දීමේ වැඩසටහන කිසිසේත්ම නතර නොකරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රට විනාශ කළ පුද්ගලයන්ගේ තනතුරු වරප්‍රසාද වරදාන ලබා ගෙන වැජබෙන්නට අවස්ථාව ලැබුණත් ප්‍රතිපත්තියක් ලෙස හොරු සමඟ ගනුදෙනු නොකරන නිසා ස්වෝත්සාහයෙන්ම ජනතාව සමඟ එකට එකතු වී රට ගොඩනැගීමට කටයුතු කරන බවත් පැවසීය.

    එසේ ම මීට පෙර ජනතාව සිය ඉල්ලීම් ඉල්ලා සිටියේ ජනාධිපති, අගමැති හෝ ආණ්ඩුවේ ඇමතිවරුන්ගෙන් බවත් එහෙත් මේ වන විට විපක්ෂ නායකගෙන් සිය දුක්ගැනවිලි කියා ඉල්ලීම් ඉදිරිපත් කරන බවත් එයට හේතුව පසුගිය වසර 74ට සාපේක්ෂව වත්මන් විපක්ෂ ජනතාවගේ දුක් ගැනවිලි කෙරෙහි අවධානය යොමු කර විශාල සේවාවක් සිදු කිරීම බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ උනුත් එකයි මුනුත් එකයි කිව්වට එය වත්මන් විපක්ෂයට කිසිසේත්ම අදාළ නොවන බවත්ය.

    බංකොලොත් වී ඇති අප රටේ තවමත් ගල්අගුරුවලින්, බෙහෙත්වලින් ගසාකෑම් සිදුවන බවත් මේවා සියල්ල චෞර ගනුදෙනු බවත් එසේ ගසාකන ගමන් ජනතාව මත බදු බර පැටවීම අනුමත නොකරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ රජය පදික වෙළෙදුන්ගෙන් පවා බදු ගැසීමට සූදානම් බවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    මාතර – හක්මණ මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්

    May 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.