Author: LFN

අන්තර්ජාතික පාපන්දු සම්මේලනය (ෆිෆා) විසින් එළිදක්වන නවතම පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ මෙවර ලෝක ශූර ආර්ජන්ටිනාවට හිමි නොවන බව වාර්තා වේ. ෆිෆා මගින් මෙම නවතම ශ්‍රේණිගත කිරීම් තවමත් නිළ වශයෙන් එලිදක්වා නොමැති වුවත්, විදෙස් මාධ්‍ය එම යාවත්කාලීන කරන ලද ශ්‍රේණිගත කිරිම් මේ වන විට විදෙස් ප්‍රසිද්ධ මාධ්‍ය කිහිපයකම දක්වා ඇත. ඒ අනුව ලෝක කුසලානයට පෙර සිටම එහි පෙරමුන ගෙන සිටි බ්‍රසීලය තවදුරටත් පෙරමුනේ රැදී සිටින අතර ලෝක ශූර ආර්ජන්ටිනාව ස්ථාන දෙකක් ඉදිරියට පැමිණෙමින් දෙවැනි ස්ථානයට පත්වී ඇත. ඒ මීට පෙර එම ස්ථානයේ රැඳී සිටි බෙල්ජියම සිව්වැනි ස්ථානය දක්වා ඇදදමමිනි. මෙහි පෙරමුනේ පසුවන බ්‍රසීලය තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදී තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූයේ…

Read More

ජෝර්දානය හුවමාරු මධ්‍යස්ථානයක් කර ගනිමින් විවිධ රටවල රැකියා සඳහා  නීතීවිරෝධී ලෙස ශ්‍රී ලාංකිකයන් රැගෙන යාමේ තවත් ජාවාරමක් පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට තොරතුරු ලැබී ඇති අතර මේ සම්බන්ධයෙන් කාර්යාංශයේ ගුවන් තොටුපොල ඒකකයේ නිළධාරීන් දැඩි අවධානය යොමුකිරීමට පියවර ගෙන ඇත. මෙවැනි ජාවාරම් පිළිබඳව නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද තොරතුරු වාර්තා විය. මෙවැනි අවදානම් සහගත අයුරින් විදේශ රැකියා සඳහා යොමු නොවන ලෙස හා මෙවැනි ජාවාරම්කරුවන්ගෙන් ප්‍රවේසම්වන ලෙසත්, රැකියාවක් සඳහා විදේශ ගතවන්නේ නම් අනිවාර්යයෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ ගතවන ලෙසත් කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. මෙවැනි විදේශ රැකියා ජාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු  දන්නේ නම් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 24 පැය තොරතුරු…

Read More

කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ දී ඉකුත් 10දා රාත්‍රී මාරක රිය අනතුරක් සිදු කර ඩුබායි වෙත පළා ගිය කෝටිපති ව්‍යාපාරික එම්.බී.එන්.රිසාක් නැමැති 26 හැවිරිදි තරුණයා යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් සිටියදී ඊයේ (12දා) රාත්‍රී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. මෙම තරුණයා ඊයේ රාත්‍රී 09.50 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. එම අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ රාජකාරී වල නිරත වී සිටි ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මොහු හදුනාගෙන අත් අඩංගුවට ගෙන තිබුණි. ඉන්පසුව මෙම තරුණයා කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත භාර දී තිබුණි. කටුනායක ගුවන්…

Read More

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතාගේ ආරාධයනය මත විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා  හෙට (29දා) සිට දෙසැම්බර් 04 දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරය කරනු ඇතැයි විදේශ අමාත්‍යාංශය පවසයි. විදේශ අමාත්‍යවරයාගේ සංචාරය තුළදී රාජ්‍ය ලේකම් බ්ලින්කන් මහතා, කොන්ග්‍රස් සාමාජිකයින් සහ එක්සත් ජනපද රජයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ මැදිහත්කරුවන් හමුවීමට නියමිතය.

Read More

රට තුළ ගෑස් හිඟයක් ඇතිවීමට කිසිසේත් ඉඩ නොතබන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. සභාපතිවරයා අද ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින් මේ බව පැවසීය. පසුගිය ඔක්තෝබර් සහ සැප්තැම්බර් මාසවල ගෑස් මිලදී ගැනීමේ විශාල අඩුවක් නිරීක්ෂණය වූ බවත් පසුගිය මාසවලට සාපේක්ෂව ඊට වඩා වැඩි සැපයුම් ධාරිතාවකින් එළඹෙන උත්සව සමයේ සිට ඉදිරි නව වසරට ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ලිට්‍රෝ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

Read More

ලොරිරථ රියදුරෙකුගෙන් රුපියල් දොළොස්දහසක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවක් මත සිදුකළ පරීක්ෂණ වලින් අනතුරුව කන්දකැටිය පොලිස් ස්ථානය සේවයකළ පොලිස් සැරයන්වරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකුගේ සේවය ඉකුත් (27) වෙනිදා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත. මෙලෙස සේවය අත්හිටුවා ඇත්තේ පොලිස් සැරයන් 40409 අබේවික්‍රම,පොලිස් කොස්තාපල්වරුන් වන 74 405 විජේසූරිය,74460 දිසානායක,86954 එදිරිසිංහ යන නිලධාරීන්ගේය. 2022/11/20 වෙනි දින කන්දකැටිය පොලිස් බල ප්‍රදේශයට අයත් හැවන්දාව ප්‍රදේශයේ රථවාහන රාජකාරි වල නිරතව සිටි මෙම පොලිස් නිලධාරීන් CPLI 4836 දරණ ලොරිරථය පරීක්ෂාකොට එහි පැවති අඩුපාඩු වලට නීතිමය පියවර නොගෙන සිටීමට රුපියල් දොළොස්දහසක අල්ලසක් ලබාගත් බවට කන්දකැටිය පොලිස් ස්ථානාධිපතිවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අනුව සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ බදුල්ල සහකාර…

Read More

අබලන් තත්වයට පත්ව ඇති දුම්රිය මාර්ගය පිළිසකර කරන තෙක් මහව සිට යාපනය දක්වා දුම්රිය ධාවනය  ජනවාරි මස 15දා සිට මාස 5ක කාලයක් නවත්වන බව  ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (28දා) පාර්ලිමේන්තුවේ දී පැවසීය. වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී සෙල්වම්  අඩෙක්කලනාදන් මහතාගේ  ප්‍රශ්නයකට පිළිතුරු ලෙස අමාත්‍යවරයා එසේ සඳහන් කළේය. මහව සිට යාපනය  දක්වා  දුම්රිය ජනවාරි 15 වැනිදා සිට  මාස පහකට නතර කරන්න වෙනවා. යාපනය දක්වා දුම්රිය දිගටම වැඩ කළා. පිළිසකර කර නැති නිසා මහව ඉඳලා යන්නම බැරි තැනට ඇවිල්ල තියෙනවා.  මාස 5ක් ඇතුළත එය නිම කරනවා යැයි අමාත්‍යවරයා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200 මුදල් හුවමාරු පහසුකම ලබාදීමෙන් පසුව එවැනිම ආකාරයේ උදව් ඉල්ලා බොහෝ රටවල් තමන් සමඟ සන්නිවේදනය කළ බව බංග්ලාදේශ අගමැතිනී ෂීක් හසීන් මහත්මිය පැවැසුවාය. ඊයේ පැවැති සමුළුවකදී අදහස් දක්වමින් ඇය මේ බව හෙළි කළාය. “අපි අපේ සංචිතයෙන් ශ්‍රී ලංකාවට උදව් කර තිබෙනවා. ඊට පස්සේ මට රටවල් ගණනාවකින්ම එවැනි ඉල්ලීම් ලැබිලා තියෙනවා.” ඇය පැවසුවාය. 2021 මැයි මාසයේදී, බංග්ලාදේශය ශ්‍රී ලංකාවේ ආර්ථිකය නංවාලීම සඳහා ශ්‍රී ලංකාව සඳහා ඩොලර් මිලියන 200 ක මුදල් හුවමාරුවක් ලබා දුන්නේය. එය බංග්ලාදේශ බැංකුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අත්සන් කරන ලද මුදල් හුවමාරු ගිවිසුම යටතේ අගෝස්තු 3 වන දින බංග්ලාදේශයෙන් ඕනෑම රටකට ලබා…

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම අද (28දා) විවාහ ගිවිසගෙන ඇත. ඒහිදී  ආරම්භක පිතිකරු වූ පැතුම් නිශ්ශංක මෙන්ම ඉදිරිපෙළ පිතිකරු චරිත් අසලංක මෙලෙස විවාහ ගිවිසගෙන ඇත. එමෙන්ම වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිතද අද විවාහ දිවියට පිවිසුනේය. ඔහුගේ මංගල උත්සවයට ක්‍රිකට් තරු රාශියක් සහභාගි වී සිටි ඡායාරූප අන්තර්ජාලයේ දැක්වේ.

Read More

ජනවාරි 23 උසස්පෙළ විභාගය පවත්වන බවත් දෙසැම්බර් 18 දා ශිෂ්‍යත්ව විභාගය පවත්වන බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවැසීය.කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. “ජනවාරි මාසේ 23 වන විට උසස්පෙළ විභාගයට මූණ දෙන්න තියෙනවා. දෙසැම්බර් මාසේ 18 වැනිදා පහේ ශිෂ්‍යත්වය  පවත්වනවා. සාමාන්‍ය පෙළ විභාගය අප්‍රේල් මාසයේ මැද හෝ මැයි මුල පවත්වන්න සිදුවෙනවා. මොකද උසස්පෙළ විභාගය මාස 1 හමාරක් විතර කල් දාන්න සිදුවුණ නිසා. 2023 වසරතුළ සියලු විභාග පවත්වලා නියමිත කාලයේදී විභාග පවත්වන්නත් විෂය නිර්දේශ ආවරණය කරන්නත් බලාපොරොත්තු වෙනවා.”

Read More