Author: LFN

මීට සති කිහිපයකට පෙර යාල වනෝද්‍යානයට ගොස් වාහන පදවමින් වනසතුන්ට හිරිහැර වන සේ රිය පැදවූ පුද්ගයින් සම්බන්ධව  කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවි නිලධාරින්ගෙන් කරුණු විමසීය.‍ පසුගිය 25 දින යාල වනෝද්‍යානයේ පහල හේන්තොට සංචාරක නිවස්නය විවෘත කිරීමට සහභාගි වූ අමාත්‍යවරයා එම සිද්ධිය සම්බන්ධව මෙතෙක් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් වනජිවි නිලධාරින්ගෙන්  කරුණු විමසනු ලැබීය. එහි දී අදහස් පළ කළ  යාල වනජීවි නිලධාරින් වාහන 35ක් පමණ එම අවස්ථාවට සහභාගි වී ඇති අතර  එහි දී පදවා තිබෙන්නේ වාහන 09ක් බවත් , ඉන් 07ක් දැනටමත් අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන් කළේය. මෙම වාහන 07 අධිකරණය බාරයේ පවතින බව ද…

Read More

මෙවර ලෝක කුසලානයේ මූලික වටයෙන්ම ඉවත්වූ කණ්ඩායම් ගොන්නට අළුතෙන්ම ඒකතුවීමට කැනඩාවට සිදුවිය. ඒ් ඊයේ (27දා) ක්‍රොයේෂියාව සමගින් පැවති තරගය ගෝල 4-1 ක් ලෙසින් පරාජයට පත්වීමට සිදුවීම නිසාය. එෆ් කාණ්ඩයේ තරගයක් ලෙසින් මෙය අල් රයන් හි කලීෆා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. තරගාවලියේ සහභාගිවූ පළමු තරගයෙන්ද කැනඩාවට බෙල්ජියම හමුවේ ගෝල 1-0 ක පරාජයක් හිමිවිය. ඔවුන්ට මොරොක්කෝව සමගින් තරගාවලියේ තවත් එක් තරගයක් ඉතිරිව ඇතත් එහි ප්‍රතිඵලය දෙවැනි වටයට යාමට සුදුසුකමක් නොවේ. මීට පෙර තරගාවලියේ මූලික වටයෙන් ඉවත්වූ පළමු කණ්ඩායම වූයේ සත්කාරක කටාරයයි. කෙසේ වෙතත් මෙම තරගාවලියේ මූලික වටයෙන් ඉවත්වන කණ්ඩායම් සඳහාද ඇ.ඩො. මිලියන ගණනක ත්‍යාග මුදලක් හිමිවන බව නිවේදනය කෙරිණි. ඒ් අනුව මූලික වටයට සහභාගි…

Read More

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ බහුතරයක් තමන්ගේ මතයට ගැනීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාවක් ලැබුණේ නම් සමගි ජන බලවේගයේ පිරිසක් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මතයට එකඟ වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමෙන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවැසීය. ‘දේශපාලනයෙ සදාකාලික මිතුරෝද සතුරෝද නැත’ යැයි ඔහු සඳහන් කළේය. එසේම හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනපති ධුරය කිරිම සඳහා මහින්ද රාජපක්ෂ මහතා පූර්ණ සහාය ලබාදුන් බවත් අරගලය පැමිණි අවස්ථාවේදී එයට මුහුණ දෙන ලෙස සඳහන් කළ බවත් රෝහිත අබේගුණවර්ධන මහතා පැවැසීය. ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එම හමුදාපතිවරුන්ම, පොලිස්පතිවරුන්ම භාවිත කරමින් අරගලයට පිළිතුරු දුන් බවද රෝහිත අබේගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවැසීය.

Read More

අරගල ක්‍රියාත්මක කර ආණ්ඩුව වෙනස් කිරිමට ඉඩ නොදෙන බවත් එසේ කිරීමට කටයුතු කළ හොත් හමුදාව යොදවන බවත් හදිසි නීතිය පනවන බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. අද (23දා) පාර්ලිමේන්තුවෙදී අදහස් දක්වමින් පැවැසීය. “ඕන තරම් පෙළපාලි යන්න, මම හිට්ලර් වගේ කියලා කෑ ගහන්න. හැබැයි එකක් කියන්නම බලපත්‍රය අරගෙන යන්න. පාරේ එක පැත්තකින් යන්න අනිත් වාහනවලට යන්න ඉඩ දෙන්න. ඒත් හිතනවානම් තව අරගලයක් කරන්න. පාරේ යනවනම් පර්මිට් නැතිව ඒක නවත්වනවා. ඒක පොලීසියට කියලා තියෙන්නේ. අරගලයක් තව ඇතිකරනවලු ආණ්ඩුව වෙනස් කරන්න. මම ඒකට ඉඩ දෙන්නේ නෑ. හමුදාව යොදවනවා. හදිසි නීතිය දානවා. එහෙම කරන්න ඉඩ දෙන්නේ නෑ. ඩීන් ඩියම්ලට රටක් නෑ මේ රටේ. කුමාර්…

Read More

ලබන වසරේදී තමන් මැණික් අපනයෙන් ඩොලර් මිලියන 500ක ආදායමක් රටට ලබාදෙන බවත් එසේ නොවුණ හොත් තමන් ඇමතිධුරයෙන් ඉල්ලා අස්වෙන බවත් රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් මහතා අද පාර්ලිමේන්තුවට  පැවැසීය. “ඩොලර් බිලියනයක ගල් (මැණික්) රටින් පිටට ගිහිල්ලා තියෙනවා. නමුත් අපිට ලැබිලා තියෙන්නේ ඩොලර් මිලියන 170යි. නමුත් මේ ඩොලර් ටික ලංකාවට එන්නේ නෑ. මේ ගැන අපි සාකච්ඡාවක් පවත්වනවා. දින 180ක් තුළ මේ රටට ඩොලර් එන්න ඕන. අපි මැණික් ක්ෂේතය වැටෙන්න දෙන්නේ නෑ. මම මගේ උත්සාහයෙන් මම ලබන වසරේදී ඩොලර් මිලියන 500ක් රටට හොයලා දෙනවා කියලා අනිවර්යයෙන් කියනවා. නැත්නම මම ඇමතිකමින් අයින් වෙනවා. මිලියන 500ක් හොයන්න බැරිවුණොත්”

Read More

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා පසුව රක්ෂිත බන්ධනාගාර ගත කළ ගල්වැව සිරිධම්ම හිමි නීතිපති උපදෙස් ප්‍රකාරව ඇප මත  මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මහෙස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය අද (23දා) නියෝග කළාය. එ අනුව සැකකාර සිරිධම්ම හිමි රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. මෙම සිද්ධියේ තවත් සැකකරුවකු ලෙස අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ද නම් කර සිටින අතර ඔහු මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගතව සිටී.

Read More

ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන බවට හා ඒ සඳහා සාකච්ඡා කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා කර ඇති හෙයින්  අයවැය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා අද (23දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය

Read More

ධීවර ප්‍රජාව වෙනුවෙන් භූමිතෙල් බෙදාහැරීම විධිමත්ව සහ අඛණ්ඩව සිදු කිරීමට රජය පියවර ගෙන තිබේ. ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) කීර්ති තෙන්නකෝන් මහතා විසින් අද (22දා) පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ ලිපියක් දිස්ත්‍රික් ලේකම්රුන්, පළාත් ධීවර අමාත්‍යාංශ ලේකම්වරු සහ පළාත් සමූපකාර අමාත්‍යාංශය ලේකම්වරු වෙත යොමු කර ඇත. ඒ අනුව ධීවරයින්ගේ භුමිතෙල් අවශ්‍යතාව සැපිරීම සඳහා දිනකට ඉන්ධන බවුසර් 50 බැගින් නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ. ධීවරයින්ගේ අවශ්‍යතාව සඳහා භුමිතෙල් බවුසර් 357ක් පසුගිය සතියේ නිකුත් කිරීමට ඛනිජ තෙල් සංස්ථාව අනුමැතිය ලබා දී තිබිණි. නමුත් ඉන්ධන පිරවුම්හල් මගින් ලබාගෙන ඇත්තේ බවුසර 206ක් (58%) පමණි. මේ සඳහා රජය ඩොලර් ලක්ෂ 33ක අතිරේක පිරිවැයක් දරණු ලැබ…

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා සිය වත්කම් හා වගකීම් ප්‍රකාශය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබෙ. වර්ෂ 2022ට අදාළව මෙම වත්කම් හා වගකීම ප්‍රකාශය ඊයේ පාර්ලිමේන්තුවට භාර දී තිබේ.

Read More

ලංකාවේ දැනට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින 26000කට අධික පිරිසකගෙන් 80% ක් මත්ද්‍රව්‍ය වැරදි හේතුවෙන් බන්ධනාගාරගත වූවන් බවත් සෙසු 20% බොහෝ විට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමට හේතුකොට ගෙන කිසියම් අපරාදයකට යොමු වුවන් බව ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවැසීය. මෙම තත්වය වෙනස් කිරීම සඳහා බන්ධනාගාර අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශය ඒකාබද්ධව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වලක්වාලීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණු බව සඳහන් කරමින් ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා මේ බව පැවසීය. අයිස් මත්ද්‍රව්‍ය දැන් පාසල් වලට පවා පැතිරිලා යනවා. මේවාට අදාල නීති පද්ධතිය අපි පසුගිය සතියෙ වෙනස් කලා. ඒ අනුව…

Read More