Close Menu
Lanka Focus News
    What's Hot

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 2026

    ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නැවත දැනුම්දෙන තුරු නාවික සහ ධීවර කටයුතුවලින් වළකින්න

    October 27, 2026

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»දිවයිනම ආවරනය වන පරිදි මත්ද්‍රව්‍ය නාශක අංශ
    Local News

    දිවයිනම ආවරනය වන පරිදි මත්ද්‍රව්‍ය නාශක අංශ

    By LFNNovember 23, 2022No Comments2 Mins Read150 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලංකාවේ දැනට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින 26000කට අධික පිරිසකගෙන් 80% ක් මත්ද්‍රව්‍ය වැරදි හේතුවෙන් බන්ධනාගාරගත වූවන් බවත් සෙසු 20% බොහෝ විට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමට හේතුකොට ගෙන කිසියම් අපරාදයකට යොමු වුවන් බව ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවැසීය.

    මෙම තත්වය වෙනස් කිරීම සඳහා බන්ධනාගාර අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශය ඒකාබද්ධව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වලක්වාලීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණු බව සඳහන් කරමින් ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

    අයිස් මත්ද්‍රව්‍ය දැන් පාසල් වලට පවා පැතිරිලා යනවා. මේවාට අදාල නීති පද්ධතිය අපි පසුගිය සතියෙ වෙනස් කලා. ඒ අනුව ග්‍රෑම් 05කට වඩා ලඟතබා ගත්තොත් ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලබා දිය හැකියි. අපේ ගැහැණු දරුවන් පවා මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. අයිස් භාවිතා කලාම තමන්ගේ ආයුකාලය අඩුවෙන බව පරීක්ෂණ වලින් තහවුරු වෙලා තියෙනවා. යුද්ධයෙන් වුණු හානියට වඩා වැඩි හානියක් මේ මත්ද්‍රව්‍ය වලින් සිදු වෙනවා. මේ තත්වය වෙනස් කරන්න ජනමාධ්‍යයටත් විශේෂ කාර්යය භාරයක් තිබෙනවා.

    “පොලීසිය අල්ලන හෙරොයින් අයිස් වගේ මත්ද්‍රව්‍ය කිලෝ ගණන් නඩු භාණ්ඩ වශයෙන් තැන්පත් කෙරෙනවා. කාලයකට පසු උසාවියට ඉදිරිපත් කරන කොට ඒවා පැනඩොල් කුඩු හරි පාන්පිටි හරි වෙනවා. ඒ කියන්නේ එම අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය යලි සමාජ ගත වෙනවා කියන එක. මේ සඳහා රජයේ නිලධාරීන් වගේම පොලීසියත් එකතු වෙලා මේ වැරදි කරලා තියෙනවා. සමහර අය සම්බන්ධයෙන් නීතිමය පියවර අරගෙනත් තියෙනවා.

    මේ තත්වය වෙනස් කිරීම සඳහා විශාල වශයෙන් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය වලින් අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය සුලු ග්රූම් ප්‍රමාණයක් තියාගෙන ඉතිරිය උසාවි නියෝගයක් අනුව විනාශ කිරීමට අවශ්‍ය නීතිමය අවකාශය නව නීති මගින් ඇති වෙනවා. මෙම ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ලෙස ජනාධිපති ලේකම්වරයාව පත්කර තිබෙනවා. නව නීතිය අනුව පළාත් නවයම ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නාශක අංශ පිහිටුවන්න පියවර ගන්නවා”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 2026

    ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නැවත දැනුම්දෙන තුරු නාවික සහ ධීවර කටයුතුවලින් වළකින්න

    October 27, 2026

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 202603 Views

    සමාජ මාධ්‍ය තුළ ජනප්‍රියත්වය සහ මුදල් ඉපයීමේ අරමුණින් දරුවන් අනතුරුදායක ක්‍රියාකාරකම් සඳහා යොදාගැනීම වැළැක්වීමට නව…

    ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නැවත දැනුම්දෙන තුරු නාවික සහ ධීවර කටයුතුවලින් වළකින්න

    October 27, 2026

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.