Close Menu
Lanka Focus News
    What's Hot

    ඌව‌ට සහ නැගෙනහිරට මි.මී 75 ඉක්මවූ තද වැසි

    September 8, 2026

    20ට ඉල්ලූ ජනමත විචාරණය 22ට අකැප ඇයි? – සජිත්

    September 7, 2026

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»යාලේ අයාලේ ගිය ඉතිරි වාහන දෙකත් අල්ලන්න උපදෙස්
    Hot News

    යාලේ අයාලේ ගිය ඉතිරි වාහන දෙකත් අල්ලන්න උපදෙස්

    By LFNNovember 28, 2022Updated:November 28, 2022No Comments2 Mins Read155 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මීට සති කිහිපයකට පෙර යාල වනෝද්‍යානයට ගොස් වාහන පදවමින් වනසතුන්ට හිරිහැර වන සේ රිය පැදවූ පුද්ගයින් සම්බන්ධව  කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවි නිලධාරින්ගෙන් කරුණු විමසීය.‍

    පසුගිය 25 දින යාල වනෝද්‍යානයේ පහල හේන්තොට සංචාරක නිවස්නය විවෘත කිරීමට සහභාගි වූ අමාත්‍යවරයා එම සිද්ධිය සම්බන්ධව මෙතෙක් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් වනජිවි නිලධාරින්ගෙන්  කරුණු විමසනු ලැබීය.

    එහි දී අදහස් පළ කළ  යාල වනජීවි නිලධාරින් වාහන 35ක් පමණ එම අවස්ථාවට සහභාගි වී ඇති අතර  එහි දී පදවා තිබෙන්නේ වාහන 09ක් බවත් , ඉන් 07ක් දැනටමත් අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන් කළේය.

    මෙම වාහන 07 අධිකරණය බාරයේ පවතින බව ද වනජීවි නිලධාරින් සඳහන් කළේය.

    එමෙන්ම ඉතිරි දෙදෙනා ද වහාම අත් අඩංගුවට නීතිමය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය. වන සතුන්ට හිංසාවන පරිදි කටයුතු කළ එම පුද්ගලයින් සියලු දෙනා සම්බන්ධව වනජීවි පනත යටතේ නීතිමය පියවර ගැනීමට උපරිම ලෙස කටයුතු කරන්නැයි ද අමාත්‍යවරයා දැනුම් දුන්නේය.

    “අපිට කිසි කෙනෙක් බේරන්න අවශ්‍යතාවයක් නෑ. මෙම විමර්ශන එකක්වත් ප්‍රමාද කරන්න එපා. රටේ ජනතාව, පරිසර සංවිධාන, වනසත්ව සුබසාදන සංගම් මෙන්ම ජනමාධ්‍ය ද අවදියෙන් ඉන්නවා. ඒ නිසා අකුරටම ක්‍රියාත්මක කරන්නැ” යි අමාත්‍යවරයා දැනුම් දෙනු ලැබීය.

    යාල වනෝද්‍යානයේ දැනට දෙස් විදෙස් සංචාරකයින් සඳහා විවෘත කර තිබෙන්නේ සමස්ත බිම් ප්‍රමාණයෙන් පහෙන් දෙකක්  වැනි ප්‍රමාණයකි. ඉතිරි කොටස් ද දෙස් විදෙස් සංචාරකයින් සඳහා විවෘත  කිරීමටත්, එක් කලපායක් නියාමණ ව්‍යාපෘතියක් වශයෙන් රාත්‍රි කාලයේ  වනසතුන් දැක බලා ගැනීම සදහා Night Safari විවෘත කිරීමට ඇති හැකියාව සම්බන්ධව සොයා බලා එම කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    ඌව‌ට සහ නැගෙනහිරට මි.මී 75 ඉක්මවූ තද වැසි

    September 8, 202605 Views

    ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි…

    20ට ඉල්ලූ ජනමත විචාරණය 22ට අකැප ඇයි? – සජිත්

    September 7, 2026

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 2026

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.