Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026

    27 උදේ වෙනකල් බලා ඉන්න ආණ්ඩුවේ IMF සිහිනය

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීමට රජයේ අවධානය
    Hot News

    විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීමට රජයේ අවධානය

    By LFNDecember 21, 2022No Comments2 Mins Read249 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ ව්‍යාපෘති වෙනුවෙන් මෙරටට විදෙස් ආයෝජන ගෙන්වා ගැනීම සඳහා රජයේ අවධානය යොමුව තිබේ.

    පුනර්ජනනීය බලශක්ති සියයට 70ක ඉලක්කය ළඟා කර ගැනීම, 2050 වනවිට කාබන් මධ්‍යස්ථභාවය ලබා ගැනීම සහ කාබන් විමෝචන බලපත්‍ර වෙනුවෙන් වූ ජාත්‍යන්තර වෙළඳපොළ සොයා යෑම යන ඉලක්ක සපුරා ගැනීම සඳහා විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීම රජයේ සැලසුම වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

    මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන සහ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක එරික් සෝල්හයිම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබේ.

    සහනදායී දේශගුණික මූල්‍යකරණය, කාබන් බැර කිරීම, කාබන් වෙළෙඳපො, පුනර්ජනනීය බලශක්තිය සහ හයිඩ්‍රජන් වැනි අනාගත බලශක්ති ප්‍රභව පිළිබඳව සෝල්හෙයිම් මහතා සිය ජාත්‍යන්තර දැනුම එම සාකච්ඡාවට එක්ව සිටි නිලධාරින් සමග හුවමාරු කර ගත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

    ඉන්දීයාව හා චීනය වැනි රටවල් එහි ප්‍රබල වාසි රැසක් හිමි කර ගෙන ඇති අතර ශ්‍රී ලංකාවට ද එම වාසි අත්කර ගත හැකි බව සෝල්හයිම් මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

    එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරටට බලපා ඇති සියලු ප්‍රශ්න විසඳනු ඇති බවට තමන් විශ්වාස කරන බව ද ඔහු එහිදි කියා සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

    පුනර්ජනනිය බලශක්ති අංශය වේගයෙන් වර්ධනය වන අංශයක් වන බැවින් යුරෝපා, අමෙරිකා, කැනඩාව ඇතුළු රටවල එවැනි ආයෝජකයින් විශාල වශයෙන් සිටින බව එම සාකච්ඡාවට එක්වෙමින් රුවන් විජේවර්ධන මහතා ප්‍රකාශ කර ඇත.

    පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ සමුළුවක් ඉදිරියේදී පැවැත්වීමට නියමිත අතර එමගින් ආයෝජකයින් අප රටට ආකර්ශනය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බව ඔහු එහිදී වැඩිදුරටත් පවසා තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026

    සීදූවේ පාළු නිවසක ගමන් බෑගයක තිබූ කාන්තා නිරුවත් මළසිරුරක් සොයාගනී

    May 21, 2026

    ඉබෝලා වසංගතය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 202604 Views

    සංචාරකයින් 2,380 ද‍ෙනෙකු රැගත් Mein Schief 6 නම් වූ සුඛෝපභෝගී මඟී නෞකාවක් කොළඹ වරායේ, වරාය…

    27 උදේ වෙනකල් බලා ඉන්න ආණ්ඩුවේ IMF සිහිනය

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026

    මහා මාර්ග අමාත්‍යාංශ ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.