Author: LFN
ජාත්යන්තර මූල්ය අරමුදලේ සහාය ලබාගැනීම වෛද්යවරයෙකුට හමුවට යෑම හා සමාන බව හිටපු මහ බැංකු අධිපති ඉන්ද්රජිත් කුමාරස්වාමි මහතා පවසයි. ඔහු පවසන්නේ එමගින් ලබා දෙන විසඳුම් ඇතැම් විට අප්රසන්න විය හැකි බවය. කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් ශ්රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්රිජිත් කුමාරස්වාමි මහතා මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මහ බැංකු අධිපතිවරයා පැවසුවේ, රාජ්ය මූල්ය එකඟතාවය පවත්වා ගැනීම අත්යාවශ්ය කරුණක් වන අතර ඒ සඳහා ව්යවස්ථාමය ප්රතිපාදන ආදී නීතිමය සාධක මඟින් මූල්ය කළමනාකරණයට සහාය විය යුතු බව ද ඔහු පවසයි. ශ්රී ලංකා මහ බැංකුව සංවර්ධන බැංකුවක් ලෙස නොසැලකිය යුතු අතර එහි ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට වගබලා ගත…
නිවසේ මෙහෙකාර සේවයට යැයි පවසා රැකියා නියෝජිත ආයතන මඟින් රැගෙන එන කාන්තාවන් නිවසට රැගෙනවිත් ලිංගික අතවර කර ඔවුන් සතු දේපළ කොල්ලකෑ විශ්රාමික යුධ හමුදා නිලධාරියෙකු බණ්ඩාරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බණ්ඩාරගම, වීදාගම ප්රදේශයේ නිවසක මෙහෙකාර සේවයට පැමිණි කාන්තාවක් එම නිවසෙන් පළා විත් කරන ලද පැමිණිල්ලක් අනුවයි. හුරුලු, නිකවැව කුඹුක්වැව පදිංචි 55 හැවිරිදි තමන්ව රැකියා නියෝජිත ආයතනයක් මාර්ගයෙන් බණ්ඩාරගම ප්රදේශයේ නිවසක මෙහෙකාර සේවයට කැඳවාගෙනවිත් එහි හාම්පුතා විසින් රාත්රී දෙකක් එම නිවසේ රඳවාගෙන තමන්ව බලහත්කාරයෙන් දූෂණය කළ බවට අදාළ කාන්තාව පොලීසියට පැමිණිලි කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධ සැකකරු ගාල්ල බටදූව ප්රදේහයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලීසිය පැවසුවේ.
කොවිඩ් 19’ වයිරසය අඩපණ කිරීමට පැනැවූ සීමා සහ සෞඛ්ය නීතිරීතිවලට විරෝධය පළ කරමින්, චීන ජනාධිපති ෂී ජින්පින් සහ රජයට එරෙහිව පැවැත්වෙන විරෝධතා දිනෙන් දින උත්සන්න වෙයි. චීනය පුරා පැවැත්වෙන මෙම විරෝධතා මර්දනය කිරීමට චීන රජය පොලිසිය යොදවා ඇතැයි ද පැවැසෙයි. ඇමෙරිකාව පවසා ඇත්තේ සාමකාමී අයුරින් පවත්වන ඕනෑම විරෝධතාවකට තමන්ගේ සහාය හිමිවන බවය. විරෝධතාකරුවන් මර්දනයට චීන රජය දැඩි ක්රියා මාර්ග අනුගමනය කිරීම ඇමෙරිකාවේ විරෝධයට හේතුවක් වී ඇතැයි එරට මාධ්ය වාර්තා පෙන්වා දී ඇත. ෂැංග්හායි නුවර විරෝධතා වාර්තා කිරීමට ගොස් සිටි බිබීසී පුවත් සේවයේ මාධ්යවේදිනියක චීන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුණි. බීබීසී පුවත් සේවය පමණක් නොව, බ්රිතාන්ය රජය ද මේ සම්බන්ධයෙන් චීනයට…
ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව ඖෂධ ගෙන්වීම සඳහා ලබාදුන් මුදල් රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාව නිසියාකාරව පාවිච්චි කර නැති බව කෝප් කමිටුවේදී පැහැදිලිවම තොරතුරු හෙළි වූ බව සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්රික් මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (29) පැවසීය. රටට ගේන ඖෂධ ආරම්භයේ නියාමනය කළාට සාම්පල පරීක්ෂාවක් නිසියාකාරව සිදු නොවන බවට චෝදනා කළ මන්ත්රීවරයා මේ හේතුවෙන් එක් ඖෂධයක් අනුමත කරගෙන වෙනත් ආකාරයක ප්රමිතියක් නැති ඖෂධ ගෙන්වීමේ ඉඩකඩක් පවතින බවද ප්රකාශ කළේය. ඖෂධ ප්රසම්පාදනය වංචනිකයන් පිරිසකට නතුවී ඇත්දැයි සැකයක් මතුවන බවද ඔහු කීවේය. රණවක මහතා මෙසේ පැවසූවේ සෞඛ්ය අමාත්යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
වර්තමාන ආණ්ඩුවට මැතිවරණවලට මුහුණ දීමට නොහැති තත්වයක් ඇති වී තිබෙන නිසා මන්ත්රීවරයෙක් ඉදිරිපත් කළ පෞද්ගලික පනතක් යොදාගනිමින් පළාත් පාලන මැතිවරණය කල්දැමීමේ උත්සහයක් ඇති බවත් නිසිපරිදි නිසිකාලයට ඡන්ද පැවැත්වීමට රජයට නියෝග කරන ලෙස ආයාචනයක් ශ්රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් හිටපු අමාත්ය පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (29) පැවසීය. ප්රේමනාත් සී. දොලවත්ත මන්ත්රීතුමා තරුණ නියෝජනය වැඩි කිරීමේ අරමුණ ඇතිව පෞද්ගලික මන්ත්රී පනතක් ඉදිරිපත් කළ බවත් ඉමිතියාස් බාකීර් මාකර් මන්ත්රීතුමා ඊට මාස හතරකට පෙර එවැනිම පෞද්ගලික මන්ත්රී යෝජනාවක් ඉදිරිපත් කර තිබුණ ද පාර්ල්මේන්තු සම්ප්රදායට පිටින් ගොස් පසුව ගෙනා පනත විවාදයට ගැනීමට සූදානම් වන බවත් මහාචාර්යවරයා කීය. පාර්ලිමේන්තුවේ සාමාන්ය සම්ප්රදාය…
ශ්රී ලංකා යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්රධානී ලෙස මේජර් ජෙනරාල් චන්න වීරසූරිය මහතා පත් කර තිබේ.
කංසා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ අපනයන කර්මාන්තයක් ලෙස දියුණු කිරීමට අදාළ සියලුම නීතිමය කටයුතු සකස්කර අවසන් බව දේශීය වෛද්ය රාජ්ය අමාත්ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පවසයි. ඊයේ පාර්ලිමේන්තුවේදී 2023 අයවැය විවාදයට එක්වෙමින් රාජ්ය අමාත්යවරයා මේ බව පැවසීය. අයවැය විවාදයෙන් පසුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද රාජ්ය අමාත්යවරයා මෙහිදී වැඩිදුරටත් ප්රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දේශීය වෛද්ය රාජ්ය අමාත්ය නීතිඥ සිසිර ජයකොඩි මහතා, “ඖෂධීය කංසා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ අපනයන කර්මාන්තයක් ලෙස දියුණු කිරීම සඳහා අපි කටයුතු කරගෙන යනවා. මේ වනවිටත් ඒ සඳහා අවශ්ය සියලුම නීතිමය කටයුතු සකස්කරලා තියෙන්නේ. අයවැය විවාද කාලයෙන් පසුව අපි එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට කටයුතු කරනවා.…
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා විසින් 2022. 11. 30 දින පස්වරුවේ කැඳවා ඇති විධායක සභා රැස්වීම සම්බන්ධයෙන් අමාත්ය මහින්ද අමරවීර මහතා පිළිතුරු ලිපියක් යොමුකර තිබේ. එහි දැක්වෙන්නේ, අදාළ රැස්වීම පැවැත්වුවහොත් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවය. තවමත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ලෙස කටයුතු කරන්නේ කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්ය මහින්ද අමරවීර මහතා බවද අදාළ ලිපියෙන් ඔහු පෙන්වා දී තිබේ.
මත්ද්රව්ය අඩංගු ලොසිංජර 40,000ක් සහ ලොලිපොප් තොගයක් සොයාගෙන තිබේ. ඒවා කුඩා දරුවන් ඉලක්ක කරගෙන අලෙවි කිරීමට සූදානම් කර තිබෙන්නට ඇති බව පොලීසිය සැකකරයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු පානදුර ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බවද පොලීසිය පවසයි. පානදුර පෞද්ගලික පාසලක් ඉදිරිපිට ඇති වෙළෙඳසැළක ඒවා අලෙවියට තබා තිබූ අතර නගරාසන්න පාසල්වල සිසුන්ගේ මව්පියන්ගෙන් ලද පැමිණිල්ලකට අනුව පානදුර උතුර පොලීසිය වැටලීම සිදුකර තිබුණි.
උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සබරගමුව පළාතේත්, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. දිවයිනේ සෙසු ප්රදේශවල ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල උදෑසන කාලයේ මිදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.