Author: LFN
රුසියාවෙන් අඩු මිලට බොරතෙල් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇතිබව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි. ඉන්දීය ප්‍රවෘත්ති නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ සෘජුවම රුසියාවෙන් හෝ ඉන්දියාව හරහා රුසියානු බොරතෙල් ලබාගැනීමට අවධානය යොමුව ඇති බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා, “අප යුක්‍රේන යුද්ධයෙන් දැවැන්ත බලපෑමකට ලක්ව ඇති බව නොරහසක්. එහෙත් ඉදිරියේදී හෝ අපට රුසියාවෙන් බොරතෙල් ලබාගත හැකි නම් අප ඒ සඳහා කටයුතු කරනවා. දැනට පවතින තෙල් මිල අපට දැරිය නොහැකියි. වරක් අපේ ජනාධිපතිවරයා පැවැසු පරිදි දැවැන්ත රටවල් අතර සිදුවන ඝට්ටනවලදී අප වැනි කුඩා…
එල්.ටී.ටී.ඊ යුද තත්ත්වය හේතුවෙන් උතුරු නැගෙනහිර පළාත්වල අවතැන්ව සිටි පවුල් 273,498 න් පවුල් 271,171ක් මේ වනවිට නැවත පදිංචි කර අවසන් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ නැවත පදිංචි කිරීමේ අංශය පවසයි. එම අංශයේ වාර්තා අනුව තවදුරටත් උතුරු හා නැගෙනහිර පළාත්වල පදිංචි කිරීමට ඇත්තේ පවුල් 2,327ක් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. දැනට පදිංචි කිරීමට ඇති පවුල් 2,327න් පවුල් 152ක් අවතැන්වූවන් ජීවත්වන සුබසාධන මධ්‍යස්ථානවල ජීවත්වන අතර ඉතිරි පවුල් 2,175 අවතැන්වූවන් ජීවත්වන සුබසාධන මධ්‍යස්ථානවලට ඇතුළත් නොවී නෑදෑ හිතවතුන් සමඟ ජීවත් වන බව නිවාස අමාත්‍යංශයේ නැවත පදිංචි කිරීමේ අංශය පවසයි.
මෙම වසරේ ජනවාරි මස සිට ඔක්තෝබර් මස දක්වා කාලය තුළ මුදල් මුද්‍රණය කිරීමේ ප්‍රමාණය සීග්‍රයෙන් පහත වැටී ඇතිබව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේය. මුදල් අච්චු ගැසීම ලෙස හඳුන්වන්නේ සමාජයේ ප්‍රසාරණය වන මුදල් ප්‍රමාණය බව ඔහු පෙන්වා දුන්නේය. 2021 වසරේ රුපියල් බිලියන 341 ක වටිනාකමින් යුත් මුදල් ප්‍රමාණයක් සමාජයේ ප්‍රසාරණය වී ඇති අතර එය මෙම වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ රුපියල් බිලියන 47 ක් දක්වා අඩු වී ඇති බව නන්දලාල් මහතා පෙන්වා දුන්නේය. එසේම ණය ලබාගෙන තිබෙන පුද්ගලයන්ට සහනයක් සපයන ලෙස බැංකු වලට දැනුම් දී ඇති බව මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනි ටී. එම්. ජේ. වයි. පී ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ…
ඉක්මන් ජනාධිපතිවරණයකට යෑමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉඩ ප්‍රස්ථාව සැලසීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කරන බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) පැවසීය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ අනුප්‍රාප්තිකයා ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ජාතික ආරක්ෂාවට බලපාන කාරණා සම්බන්ධයෙන් හෝ වෙනත් දේශපාලන කරුණු සම්බන්ධයෙන් නව ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට අවශ්‍ය නම් නව ජනවරමක් ලබා ගත යුතු බවද ඔහු සඳහන් කළේය. ජයසුමන මහතා මෙසේ පැවසුවේ ආරක්ෂක මහජන ආරක්ෂක සහ තාක්ෂණ යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරකසභා අවස්ථා විවාදයේදීය.
ඇඟලුම්, ඇඳුම් ආයිත්තම්, ටයිල් සහ පිඟන් භාණ්ඩ, විලවුන්, වායු සමීකරණ, අධිශීතකරණ සහ රෙදි සෝදන යන්ත්‍ර ඇතුළු භාණ්ඩ කිහිපයකට පනවා තිබෙනවා ආනයනය තහනම තිබූ සීමාවන් ලිහිල් කිරීමට රජය තීරණය කර තිබේ. එම තහනම ලිහිල් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මැලේසියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස අන්වාර් ඊබ්‍රහීම් සවස දිවුරුම් දුන්නේය. 75 හැවිරිදි අන්වාර් ඊබ්‍රහීම්, මැලේසියාවේ 10 වැනි ජනාධිපතිවරයා ද වෙයි. පසුගියදා පැවැති මැලේසියානු මහ මැතිවරණයෙන් වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගත්තේ අන්වාර් ඊබ්‍රහීම් නියෝජනය කළ ‘පක්ටාන් හරප්පාන්’ සන්ධානයයි. ‘පක්ටාන් හරප්පාන්’ සන්ධානය දිනූ ආසන ගණන 82 කි. එසේ වුවත්, එය රජයක් පිහිටුවීමට ප්‍රමාණවත් නොවිණි. ඒ අනුව, මැලේසියා දේශපාලනයේ අර්බුදයක් නිර්මාණය විය. ඊයේ (24) සවස අන්වාර් ඊබ්‍රහීම්, අග්‍රාමාත්‍ය ධුරයට පත් කෙරුණේ මැලේසියාවේ සුල්තාන් අබ්දුල් රජුගේ මැදිහත් වීමෙනි. අන්වාර් ඊබ්‍රහීම්, මැලේසියාවේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීම එරට වේලාවෙන් සවස 5 ට සිදුවිය. 90 දශකය අවසානයේ, මහතීර් මොහොමඩ් මැලේසියාවේ අග්‍රාමාත්‍ය ධුරය හොබවද්දී, නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේ…
රිමාන්ඩ් භාරයේ සිටින වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි අරගලකරුවන් අතර සිටි ත්‍රස්තවාදීන් යැයි විමර්ශන වලින් පෙනී ගොස් තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි පිළිබඳව විපක්ෂ නායකවරයා අදහස් දැක්වූ බවත් සාමාන්‍ය අරගලකරුවන් අතර ත්‍රස්තවාදීන් ද සිටි බව විපක්ෂනායකවරයා එහිදී සඳහන් කළ බවත් ටිරාන් අලස් මහතා කීය. විමර්ශන අනුව පෙනී යන්නේ වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි මේ අය ත්‍රස්තවාදීන් පිරිසට අයත් අතර ඔවුන් සාමාන්‍ය අරගලකරුවන් නොවේ යැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය. සාමාන්‍ය අරගලකරුවන් තමා සමඟ දැනටත් කතා කරන බවද අන්තිමට ඒ අය ගෝල්පේස් එකෙන් එළියට විසිවෙලා මේ අය ගෝල්ෆේස් එක අතට ගත්තා යැයි…
තමන් ආණ්ඩුවට සහාය පළකළ ද කිසිදා පක්ෂය අත්හැර නොයන බව ආණ්ඩුවට සහාය පළකරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් පවසයි. ඊයේ (24) කොළඹදී කැඳවා තිබූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම නියෝජිතයින් මේ බව සඳහන් කළා. ආණ්ඩුවට සහාය පළකරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජන කරන මන්ත්‍රිවරුන් 08 දෙනෙකු කොළඹදී එම විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වීය. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා – “මේ පිරිස නැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් තියෙනවද? පක්ෂයට රිංගපු අවස්ථාවාදීන් පක්ෂය පාවා දුන්නා. පක්ෂ මාරු කළ අය අද අපිට චෝදනා කරනවා. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම ගැන. මුල්ම අදහස නිදහස් පක්ෂයෙන්. ඇමතිකම් ගත්ත නිසා සාමාජිකත්වය තහනම් කළාලු. තවම දැනුම්දීලා නැහැ ඒ…
සුරාබදු දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ දැනුවත්වීම මත ව්‍යාජ QR කේත සහිත මත්පැන් බෝතල් සුරාසැල් වෙත නිකුත් කිරීමෙන් දැවැන්ත බදු ආදායමක් රටට අහිමිකර ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (24) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. “බෝතල් සහ ස්ටිකර් වෙනම ගෙනත් දෙනවා. නිෂ්පාදකයා ස්ටිකර් අලවන්න ඕනේ. ඒ බදු එකතුවෙන්නේ නැහැ. QR කේතය කියවන්න බැරිවෙන්න අලවලා. හොර ස්ටිකර් ලක්ෂ ගාණක්. සුරාබදු නිලධාරින් පිරිසකගේ දැනුවත්වීම මත හොර ස්ටිකර් අලවපු මත්පැන් බෝතල් සුරාසැල්වල. විශාල වැරැද්දක්. ජනතාවට බදු දානවා..තෝරු මෝරු අත්හැරලා. අහිංසක පොඩි මිනිස්සුන්ට පීඩනය මුදාහරිනවා.”
මල්වතු අස්ගිරි මහාවිහාර පාර්ශ්වයන්හි මහානායක ස්වාමීන් වහන්සේලා පිළිබඳව සිදුකරන පදනම් විරහිත, ද්වේශ සහගත සහ පටු දේශපාලන අරමුණු පෙරදැරි කරගත් ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව මල්වතු මහා විහාර පාර්ශ්වයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. මල්වතු මහා විහාරීය, විංශද්වාර්ගික කාරක සංඝසභික රාජකීය පණ්ඩිත, දර්ශනපති,මහවෙල රතනපාල ස්වාමීන් වහන්සේ විසින් ඒ බව සඳහන් කරයි. එහි දැක්වෙන්නේ ශාසනික ප්‍රතිපදාවන් පිළිබඳ කිසිඳු අවබෝධයක් නොමැති බුද්ධ චීවරයේ ගෞරවය කෙලෙසන අඥාන, අවිචාරවත් පුද්ගලයින් සම්බන්ධයෙන් ජනමාධ්‍ය හා මහජනතාව බුද්ධිමත්ව කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවයක් බවය. එම සම්පූර්ණ නිවේදනය පහතින්,