Author: LFN
ජංගම ශරීර සම්බාහන සේවාව සිදුකරන බවට මුහුණු පොත ඔස්සේ දැන්වීම් පලකර කළුතර වෙරළට ගෙන්වා තරුණයකුට පහරදී යතුරු පැදියක්, ජංගම දුරකථනයක් සහ මුදල් කොල්ලකෑ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි . කළුතර උතුර සහ වස්කඩුව ප්රදේශයේ පදිංචි 27 සහ 28 වියැති පුද්ගලයන් දෙදෙනකු මෙසේ අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය. සැකකරුවන් කාන්තාවන් ලෙස මුහුණු පොතේ පෙනී සිට ජංගම ශරීර සම්භාහන සේවය සපයන බවට පළ කර නාගස්හන්දිය මුහුදු වෙරළට ගෙන්වා පහරදී යතුරුපැදිය , ජංගම දුරකථනය සහ මුදල් කොල්ලකා පලාගොස් ඇතැයි පොලිසිය කීය. සැකකරුවන් වස්කඩුව වාඩියමංකඩ ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන කොල්ලකෑ යතුරුපැදිය සහ ජංගම දුරකථනයද සොයාගත් බව පොලිසිය කීය. සැකකරුවන් කළුතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත්…
ලංකාවේ ටෙන්ඩර් ක්රමය අන්ත දූෂිත බව හිටපු ජනාධිපති පොළොන්නරු දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මෛත්රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවසීය. “ටෙන්ඩර් හරහා ඇමැතිවරුන් හොරකම් කරනවාද දේශපාලනඥයන් හොරකම් කරනවාද රාජ්ය නිලධාරීන් හොරකම් කරනවාද ජාවාරම්කාරයන් බිස්නස් කාරයන් මේ අස්සට රිංගලා හොරකම් කරනවාද කියල අපි දන්නෙ නැහැ” යැයිද ඔහු සඳහන් කළේය. සෞඛ්ය අමාත්යංශයේ හදිසි මිල ගැනීම්ද ඇඟට ගුණ නැතැයි හිටපු ජනාධිපතිවරයා කීවේය. ඔහු මෙසේ පැවසුවේ සෞඛ්ය අමාත්යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයේදීය.
2022 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා ශ්රී ලංකාවේ මුළු වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 11 ඉක්මවා තිබේ. අපනයන සංවර්ධන මණ්ඩලය ඒ බව පෙන්වා දෙන්නේ ශ්රී ලංකා රේගුවේ දත්ත පදනම් කරගෙන බවද සඳහන් කරයි.
විදේශ රැකියා නියෝජිත ආයතන 13 කට හිමිව තිබූ පුද්ගලයන් විදේශගත කිරීමේ බලපත්ර වහාම ක්රියාත්මක පරිදි අත්හිටුවූ බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. විදේශ රැකියා සඳහා තැනැත්තන් බඳවා ගැනීම හා යොමුකිරීම සඳහා කාර්යාංශයේ ලියාපදිංචි බලපත්රයක් හිමි විදේශ රැකියා සඳහා යොමුකළ තැනැත්තන්ගේ ගිවිසුම්ගත සේවා කාල සීමාව තුළදී ඔවුන් පිළිබඳව සොයාබැලීමත්, සේවා ස්ථානයේ යම් ගැටළුකාරී තත්ත්වයක් පැවතියේ නම් ඒ පිළිබඳව සොයා බලා අවශ්ය සහනයන් සැලසීමත් සහ සේවා ගිවිසුමේ කොන්දේසි කඩනොවන පරිදි රැකියා අවස්ථා සලසාදීම එකී තැනැත්තන් විදේශ ගතකිරීමට මැදිහත් වූ රැකියා නියෝජිතායතනයේ වගකීම පැහැරහැරීමක් බව ද එම කාර්යංශය කියයි. සේවා ගිවිසුම් කඩවීම් සම්බන්ධයෙන් රැකියා ලාභීන් වෙතින් කාර්යාංශයට ලැබුණු පැමිණිලි අනුව විසඳුම්…
පොදුජන පෙරමුණ පක්ෂ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී සාගර කාරියවසම් මහතා ව්යවස්ථාදායක සභාවට පත්කර තිබේ.
විශ්වවිද්යාල අධ්යාපනය සඳහා පිවිසෙන ඇතැම් භික්ෂූන් වහන්සේලා අවසානයේ ගිහියන් හැටියට ඉන් පිටවන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. එසේම පැවිද්දෙකු ලෙස විශ්වවිද්යාලයට පිවිසුණහොත් උපාධිය නැවත මාරුකිරීමක් සිදුනොකිරීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා එහිදී අදහස් දැක්වීය.
ගාලු මුවදොර “ගෝඨා ගෝ ගම” අරගලයට පහර දීමේ සිද්ධිය අදාළ නඩුකරයේ සැකකරුවකු වශයෙන් බස්නාහිර පළාත භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කොට ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ රිට් ආඥාවක් නිකුත් කළ ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. අරගලයට සහය දැක්වූ නීතිඥවරයෙකු වන රාමලිංගම් රන්ජන් මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කර ඇත. එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා සහ බස්නාහිර පළාත භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කර තිබේ. පෙත්සම්කරු කියා සිටින්නේ, ඉකුත් මැයි මස 9 වන දා ගාලු මුවදොර ප්රදේශයේ පැවති “ගෝඨා ගෝ ගම” අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් බස්නාහිර පළාත…
චාමර වීරසිංහ පැමිණෙන බව පවසමින් ජනතාව මුලා කර පැවැත්වීමට ගිය සංගීත සංදර්ශනයක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. මෙම සංගීත සංදර්ශනයට තමන්ට අරාධනා කර නොමැති බවත් තමන් පැමිණෙන්නේ නැති බවත් සඳහන් කරමින් ඔහු සිය Facebook ගිණුමේ තබා තිබූ සටහන පහතින්. මෙවැනි සිදුවීම් පිලිබඳව පසුගිය කාලය පුරාම තොරතුරු වාර්තා වුනා
පානදුර ප්රදේශයට අයිස් මත්ද්රව්ය බෙදාහරින මොහොමඩ් කයිරුස් මෙහෙමෙඩ් ඉම්රාන් නමැති සැකකරු පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අයිස් මත්ද්රව්ය ග්රෑම් 10 යි මිලි ග්රෑම් 200 ක්ද සමඟයි. පානදුර කෙසෙල්වත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අයිස් ඇතුලු විෂ මත්ද්රව්ය ලඟ තබාගන්නා පුද්ගලයින්ට මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරමින් නව නීතිය සම්මත කිරීමෙන් පසු අයිස් මත්ද්රව්ය ග්රෑම් 05 කට වඩා වැඩි ප්රමාණයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැණුනු පළමු අවස්ථාව මෙය වනවා.
හිටපු අමාත්ය ජොන්ස්ටන් ජොන්ස්ටන් ප්රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති අල්ලස් නඩුවක් ජනවාරි මස 19 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ. එම නඩුව අද (29) කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියෙහි කැඳවනු ලැබීය. එහිදී නඩුවට අදාළ ඇතැම් ලේඛන තමන්ට ලැබී ඇති බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේය. අදාළ ලේඛන විත්තිය වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස අල්ලස් කොමිසමට දැනුම් දුන් මහාධිකරණ විනිසුරුවරයා නඩුව නැවත ජනවාරි මස 19 වනදා කැඳවීමට නියම කළේය. වෙළෙඳ අමාත්යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ස.තො.ස ආයතනය සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්රියාවල යෙදවීම තුළින් අල්ලස් පනත යටතේ දූෂණය…