Author: LFN
මිනිස් වෙළෙඳාමට සෘජුව සම්බන්ධ වී ඇති බවට චෝදනා පිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින ආශා දිසානායක සිදුකළ මිනිස් වෙළෙඳාම් පිළිබඳ තවත් තොරතුරු රැසක් ඊයේ (26) මාධ්‍ය හමුවේ අනාවරණ විය. රන්තැටිගේ නිශාන්ත ප්‍රියදර්ශන නොහොත් “ඩුබායි සුද්දා” මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේ ආශා දිසානායක නමැති කාන්තාව මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් සෘජුවම සම්බන්ධ කාන්තාවක් බවය. මෙරටින් රැගෙන ගිය කාන්තාවන්ව ආශා දිසානායක විසින් මුදලට විකුණා ඇති බවද ඔහු චෝදනා කළේය. ආශා දිසානායක විසින් රුපියල් ලක්ෂ 17කට අලෙවි කළ කාන්තාවක් සම්බන්දයෙන් තොරතුරු තමන් සතු බවත් ඊට අදාළ කාන්තාව විසින් සාක්ෂි ලබා දීමට සූදානම් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. මේ අතර වැඩ තහනමට ලක්වී සිටින ඕමානයේ ශ්‍රී ලංකා…
ශ්‍රී ලංකා ආර්ථිකයට දැඩි අලාභයක් කරමින් නීතිවිරෝධී ලෙස ඉන්දියාවට අබලි තඹ, ඇලුමීනියම් සහ යකඩ අපනයනය කළ ජාවාරමක් මැඩපවත්වා සැකකරුවන් නීතියේ රැහැනට කොටුකර දීමට ශ්‍රී ලංකා රේගුව සමත්වී තිබේ. රේගු මධ්‍යම බුද්ධි ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව පළමුවෙන් පසුගිය අප්‍රේල් මාසයේදී ජාඇළ ප්‍රදේශයේදී පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගෙන තිබුණි. එහිදී එම පුද්ගලයාගේ නිවෙස පරීක්ෂා කිරීමේදී දිවයිනේ ප්‍රධාන පෙළේ ටයර් අපනයන සමාගමක් නමින් සැකසු රේගු සටහන්කර කිහිපයක් හමුවී ඇති අතර ඒ පිළිබඳව පරීක්ෂා කිරීමේදී හෙළිවී ඇත්තේ එම සැකකරු සහ තවත් අයෙක් එකී ටයර් සමාගමේ නම අවභාවිත කර ඉන්දියාවට අබලි තඹ, ඇලුමීනියම් සහ යකඩ ආනයනය කර ඇති බවය. එසේ නීතිවිරෝධී ලෙස ඉන්දියාවට අපනයනය කළ කන්ටේනර්…
උතුරු පළාතේ සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේ මිදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
ආනයනය කරන ලද කිරිපිටි තොගයක් පරිභෝජනයට නුසුදුසු වීම හේතුවෙන් සත්ත්ව ආහාර බවට පත්කිරීමට සිදුව ඇති බව වාර්තා වේ. පසුගිය ජූලි මාසයේදී ආනයනය කළ බහාලුම් 4 ක පවතින කිරිපිටි කිලෝග්‍රෑම් ලක්ෂයක තොගයක් මෙලෙස සත්ත්ව ආහාර බවට පත් කිරීමේ සූදානමක් පවතින බව කිරිපිටි ආනයනකරුවන් පවසයි. රේගු නිලධාරින් පිරිසක් විසින් එම කන්ටේනර් නිකුත් කිරීම සඳහා කොමිස් මුදලක් ඉල්ලීම හේතුවෙන් එය ලබා නොදීමේ තත්ත්වය තුළ එම නිලධාරීන් කන්ටේනර් මුදාහැරීමට කටයුතු නොකරන බවට චෝදනා එල්ලවෙයි. එල්ල වන මෙම චෝදනා සම්බන්ධයෙන් “අද දෙරණ” රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතාගෙන් විමසීමක් කළේය. එහිදී ඔහු අදාළ චෝදනා ප්‍රතික්ෂේප කළ අතර එම කිරිපිටි බහාලුම් මුදාහැරීම පිළිබඳ ගැටලුවක් පවතින්නේ නම්…
මහව ඉරිබිස්ස වැව් තාවුල්ලේ ගසක එල්ලි ගෙල වැළලාගෙන පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ මහව ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි පුද්ගලයෙකි. පොලීසිය සඳහන් කළේ මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ පසුගිය 24 වනදා පොල්පිතිගම ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කළ සැකකරු බවය. මෙම පුද්ගලයා ඝාතනයට ලක් වූ කාන්තාවගේ සැමියා බවටද අනාවරණය වී තිබේ. මහව පොලීසිය වැඩදුර පරීක්ෂණ සිදුකරයි.
වෙළෙඳපොළට කෑලි මිරිස් සහ මිරිස් කුඩු බෙදාහරින ලොරියක් අහඹු ලෙස පරීක්ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබුණි. අම්බලන්ගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදු කළ එම පරීක්ෂාවේදී හෙළිවී ඇත්තේ අදාළ මිරිස් කුඩු සහ කෑලිවල සියයට 50ක් එක්කර ඇත්තේ ලුණු, පාන්පිටි සහ වර්ණක බවය. එහි සාම්පල් රස පරීක්ෂක වෙත යවා ලැබුණු වාර්තාවෙන් මේ බව හෙළිවී ඇත. අම්බලන්ගොඩ මහජන සෞඛ්‍යය පරීක්ෂක හංසික නදීෂ් මහතා පැවසූවේ ජනතාව පරිභෝජනයට ගන්නා ආහාර වර්ගවලට මෙවැනි දේ එකතු කිරීමෙන් ජනතාව රෝගවලට ගොදුරුවීම වැඩිවන බවය. සිද්ධිය සම්බන්ධයෙන් බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරනයේ නඩු පැවරීමෙන් පසු බලපිටිය මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ මෙලෙස මිනිස් පරිභෝජනයට නුසුදුසු මිරිස් කුඩු කිලෝ 368ක් විනාශ කරන ලෙසය.…
ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත්කිරීම ලබන දෙසැම්බර් මස 8 වැනිදායින් පසුව සිදුකෙරෙන බව කතානායක කාර්යාලය පවසයි. 21 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත්කිරීම සිදුකළ යුතුය. කෙසේවෙතත් 21 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වී මාසයකට අධික කාලයක් ගත වුව ද මෙතෙක් ස්වාධීන කොමිෂන් සභාව සඳහා සාමාජිකයින් පත්කිරීම සිදුව නැත. මේ සම්බන්ධයෙන් “අද දෙරණ” කළ විමසීමකදී කතානායක කාර්යාලය සඳහන් කළේ කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත්කිරීමට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පත්කළ යුතු බවය. එම සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන සාමාජිකයින් දෙදෙනෙකු පත් කිරීමේ අයදුම්පත්‍ර කැඳවීම මෙම දිනවල සිදුකරන අතර එම කටයුතු ලබන දෙසැම්බර් මස 8 වනදායින් අවසන් වීමට…
පෙට්ට්‍රෝලියම් එකේ ඩිරෙක්ට බෝඩ් එකේ පෝමන්වරුත් ඉන්න බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. අයි.ඕ.සී සමාගම ලාබ ලබන්නත් සිපෙට්කෝ එක පාඩු ලබන්න හේතුව මෙවැනි තීරණ බවද හේරත් මහතා කීය. එදා ලාභ ලැබූ තෙල් සංස්ථාව අද පාඩු ලබන්නේ දේශපාලන තීන්දු නිසා බවද ජාතික සම්පතක් වන තෙල් සංස්ථාව අර්බුදය ඉදිරියට දමා විකුණන්න හදන්න එපායැ ද කී හේරත් මහතා එය ජාතික ආරක්ෂාවට මෙන්ම ජාතික ආර්ථිකයටත් ප්‍රශ්නයක් වෙන බව පැවසීය.
දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී චීනයේ දායකත්වය මතභේදාත්මක තත්ත්වයක පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චීනය මේ වනවිට ලෝකය හමුවේ නැගී සිටින්නේ ලොව දෙවන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන රට ලෙසය. කෙසේවෙතත් පසුගියදා පැවැති එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුවේදී (COP27) දේශගුණ විපර්යාස හමුවේ අවදානමට පත්වී ඇති රටවල් සඳහා වන්දි ගෙවීම වෙනුවෙන් අරමුදලක් ස්ථාපිත කිරීමට රටවල් 200ක පමණ නියෝජිතයින්ගේ කැමැත්ත අනුව එකඟතාවකට පැමිණ තිබේ. එහිදී වැඩි අවදානයක් යොමු කර තිබුණේ මුහුදු ජල මට්ටම ඉහළයෑම හා සුළි කුණාටු වැනි ස්වභාවික ආපදා සඳහා මුහුණදී සිටින රටවල් සම්බන්ධයෙනි. දේශගුණ විපර්යාස සැලකීමේදී චීනය සැලකෙන්නේ මේ වනවිට ලොව සිටින විශාලතම වාර්ෂික හරිතාගාර වායු විමෝචකයා ලෙස බවද විදෙස්…
වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින බලපත්‍ර නොමැති අලි ඇතුන් 05 දෙනෙකු මුල් අයිතිකරුවන් වෙත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගයක් ක්‍රියාත්මකවීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබේ. එම නියෝගය දින 14ක කාලයක් තෙක් බලපැවැත්වෙයි. අලි ඇතුන් මුල් අයිතිකරුවන්ට ලබාදීමට එරෙහිව ගොනු කළ රිට් පෙත්සම් 04ක් කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.