Author: LFN
පළාත් සභා වෙනුවට දිස්ත්රික් සංවර්ධන කමිටු පිහිටුවීමට ජනාධිපතිවරයාගේ සූදානමක් තිබෙන බවට පළවන මාධ්ය වාර්තා අසත්ය බව ජනාධිපති මාධ්ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ජනාධිපති මාධ්ය අංශය වැඩිදුරටත් පවසන්නේ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් ඊයේ (29) පාර්ලිමේන්තුවේ දැක්වූ ප්රතිචාරයක් මාධ්ය කිහිපයකින් මෙලෙස අර්ථය විකෘති වන ආකාරයට වාර්තා කර ඇති බවය. හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්රී මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රකාශයකට ප්රතිචාර දක්වමින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පළාත් සභා තුළ දිස්ත්රික් සංවර්ධන කමිටු (DDC) පිහිටුවීමට සූදානම් බව ඊයේ පැවති පාර්ලිමේන්තු අයවැය විවාදයේදී සඳහන් කළබව ජනාධිපති මාධ්ය අංශය පවසයි. ඒ හැර පළාත් සභා විසුරුවා හැරීමක් පිළිබඳ ජනාධිපතිවරයා කිසිඳු ප්රකාශයක් සිදු කර නොමැති බවද නාධිපති මාධ්ය…
අත්යවශ්ය ඖෂධ වර්ග 14ක් සැපයීම සඳහා චීනය විසින් ලබා දී ඇති ඇ ඩො මිලියන 28ක ප්රදානය යොදාගෙන ඇති බව සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්රකාශ කළේය. ඔහු තවදුරටත් පවසන්නේ කටකතාවල සඳහන් පරිදි අත්යවශ්ය ඖෂධ හිඟයක් නොමැති බවය. අමාත්යවරයා මේ බව ප්රකාශ කළේ, රට තුළ අත්යවශ්ය ඖෂධ හිඟයක් පැවතීම පිළිබඳව පැතිර යන තොරතුරු සම්බන්ධයෙන් මන්ත්රීවරුන් නැගූ ප්රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි. තවද, සෞඛ්ය ක්ෂේත්රයේ අවශ්යතා සපුරාලීම සඳහා ඉන්දියානු ණය මාර්ගයෙන් ඩොලර් මිලියන 200 ක ප්රතිපාදන වෙන් කර ඇති බව අමාත්යවරයා පැහැදිලි කළේය. ඊට අමතරව ඉන්දියානු ණය මාර්ගයෙන් ලැබුණු ඩොලර් බිලියන 1න් ඉතිරි ඩොලර් මිලියන 35ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ද…
කොවිඩ් වසංගතය හේතුවෙන් කාර්යාලවලට පැමිණීමේ දී රාජ්ය සේවයේ මාණ්ඩලික ශ්රේණි නිලධාරීන්ට පහසු ඇඳුමක් ඇඳීමට අවස්ථාව ලබාදෙමින් නිකුත් කර තිබු චක්රලේඛ දෙකක් අවලංගු කර තිබේ. රාජ්ය පරිපාලන අමාත්යාංශ ලේකම්වරයා පැවසුවේ, ඒ අනුව 2019 ජූනි 26 හා 2022 සැප්.27 නිකුත් කළ චක්රලේඛ අවලංගු කළ බවය.
තියුණු ආයුධවලින් සිදු කළ පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. පොලීසිය පැවසුවේ අද (30) පෙරවරුවේ හික්කඩුව – වෑවල ප්රදේශයේ රෙදිපිළි අලෙවිසැළකට කඩාවැදුණු පුද්ගලයින් දෙදෙනෙකු මියගිය පුද්ගලයාට සහ ඔහුගේ බිරිඳට තියුණු ආයුධවලින් පහරදී ඇති බවය. සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබන අතර අදාළ සිද්ධියෙන් මියගොස් ඇත්තේ 29 හැවිරිදි පුද්ගලයෙකි. මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ ප්රහාරය එල්ලකර පළාගොස් තිබේ.
2021 වර්ෂය අවසාන වනවිට චීන ණයහිමියන්ට ශ්රී ලංකාව ඩොලර් බිලියන 7.4ක් ණය බව අද නිකුත් කළ අලුත්ම වර්තාවක සඳහන් වෙයි. China Africa Research Initiative මගින් නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වන්නේ එම මුදල ශ්රී ලංකාවේ භාහිර ණයවලින් සියයට 20ක් පමණ වන බවය.
අනෙකුත් රාජ්ය සේවකයින් මෙන් ගුරුවරුන් ද මාරු කිරීම සම්බන්ධයෙන් අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මහතා පැහැදිලි කිරීමක් සිදුකළේය. එහිදී අමාත්යවරයා පෙන්වා දුන්නේ පොදුවේ රාජ්ය සේවකයන් මාරු කරන ක්රමවේදයට අනුව ගුරුවරුන් මාරු කළහොත් දරුවන්ට විෂය ආවරණය කිරීමේ ගැටලු මතුවන බවය. ඒ හේතුවෙන් සිසු අවශ්යතා කේන්ද්ර කරගනිමින් ගුරුවරුන් උචිත පරිදි ස්ථානගත කරන බව අධ්යාපන අමාත්ය, ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මහතා පවසයි. අමාත්යවරයා සඳහන් කළේ, ස්ථානගත කිරීම්, ගුරු සංගම් හා මාරු මණ්ඩල ගැටුම් ආදි පරිපාලනමය ගැටලු බොහෝමයක් ම උද්ගත වී තිබෙන්නේ පරිපාලනය සඳහා තාක්ෂණය නිසි ලෙස භාවිත නොකිරීම නිසා බවය. සියලු ආධ්යාපනික පරිවර්තනවල පදනම රඳා පවතින්නේ තාක්ෂණික පරිපාලන ක්රමවේදය මත නිසා වහාම විප්ලවීය තාක්ෂණික…
මෙරට විදුලිබල ක්ෂේත්රය තුළ සිදුකළ යුතු ප්රතිසංස්කරණ ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාවට අදාළ ජාතික ප්රතිපත්ති අනු කමිටුවේ යෝජනා එළඹෙන දෙසැම්බර් 08 වැනිදා ජාතික සභාවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා පවසයි. කෙටි, මධ්ය, හා දිගු කාලීන ජාතික ප්රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුව එහි සභාපති නාමල් රාජපක්ෂ මහතගේ ප්රධානත්වයෙන් රැස්ව තිබේ. මෙම වාර්තාව සඳහා කැබිනට් අනුමතිය හිමිව ඇති අතර එය ජාතික ප්රතිපත්ති අනුකමිටු යෝජනා ලබා ගැනීම සඳහා විදුලිබල සහ බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා විසින් ඊයේ (29) නාමල් රාජපක්ෂ මහතා වෙත භාර දුන්නේය. දෛනිකව ඉහළ යන විදුලිබල…
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16දෙනාගේ වටයේ ස්ථාන තහවුරු කර ගැනීමට නෙදර්ලන්තය, සෙනගාලය, එංගලන්තය සහ අමෙරිකාව සමත්වුණි. B කාණ්ඩය යටතේ වේල්සය සහ එංගලන්තය අතර පැවැති තරගය ගෝල 3 ට 0ක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ අනුව එංගලන්ත කණ්ඩායම 16දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත්තේය. මේ අතර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් පැවැත්වුණේ ඉරානය සහ අමෙරිකාව අතරය. එම තරගයේ ගෝල 1 ට 0ක් ලෙස තරගය ජය ගැනීමට අමෙරිකාව සමත්වුණේ සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගනිමිනි. තරගයේ වාර්තාවූ එකම ගෝලය අමෙරිකාවේ ක්රිස්තින් පුලිසික්ස් වාර්තා කළේය. මේ අතර A කාණ්ඩයේ අනෙක් තරගය ඊයේ පැවැත්වුණේ නෙදර්ලන්තය සහ සත්කාරක කටාර් දේශය අතරය. එම…
පවතින ආර්ථික අර්බුදය හමුවේ දේශීය කාර්මාන්ත දිරිගැන්වීමට ආණ්ඩුව කටයුතු නොකරන බව විමල් වීරවංශ මන්ත්රීවරයා පවසයි. ඔහු පවසන්නේ, ආණ්ඩුවේ ක්රියාකලාපය හේතුවෙන් ඇතැම් කර්මාන්ත ශාලා ද වැසියාමේ අවදානමක් මතුව ඇති බවය. ගාල්ල ප්රදේශයේ පැවැති උත්තර ලංකා සභාගයේ රැස්වීමකට එක්වෙමින් විමල් වීරවංශ මන්ත්රිවරයා මේ බව කියාසිටියේය. “මේ වෙලාවේ මේ ආර්ථික අර්බුදය ඇතුළේ මේ රටේ දේශීය කර්මාන්තකරුවා හතර ගාතෙන් වටට්න විදිහ තීරණ ක්රියාත්මක කරන්නේ. මේ වැටිච්ච වෙලාවෙවත් බලන්නේ නැහැ දේශීය කර්මාන්තකරුවාව ආරක්ෂා කරන්නේ කොහොමද කියලා. දේශීය කර්මාන්තකරුවා අද බෙල්ල මුලින් හිරකරගෙන ඉන්නේ. වැටිච්ච වෙලාවේ, නැගිට්ටුවන්න ඕනෙ වෙලාවේ. ඒ නිසා ඔබතුමාලාට පේනවා වැරදි ආර්ථික මොඩලය කරගහගෙන ඒ මේ ප්රතිවිපාකයට තමයි අද අපි මේ මුහුණදීලා ඉන්නේ.…
මත්ද්රව්ය පානය කරන රියදුරන් පරීක්ෂා කිරීම ලබන වසරේ මුල සිට ආරම්භ කරන බව ලසන්ත අලගියවන්න රාජ්ය අමාත්යවරයා පවසයි. ඒ සඳහා අවශ්ය උපකරණ 5,000ක් මේ වන විට පොලීසිය වෙත ලබාදී ඇති බව ඔහු සඳහන් කළේය. කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් ලසන්ත අලගියවන්න රාජ්ය අමාත්යවරයා මේ බව කියාසිටියේය. “බස්නාහිර පළාත තුළ ලබන වසරේ මුල් භාගයේ දී වාහනවල ගමන් ගන්නා රියදුරන් කොකේන්, හෙරොයින් වැනි අනෙක් මත්ද්රව්ය භාවිත කරමින් ඉන්නවා නම්, ඒවත් පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කරනවා. ඒක කළ යුතුයි. අද විශේෂයෙන්ම අපි පිළිගත යුතුයි මත්ද්රව්ය පිළිබඳ දැවැන්ත අභියෝගයකට අපි මුහුණදීලා තියෙනවා. ඒක රියදුරන්ටත් බලපානවා. විශේෂයෙන්ම මම ඒ අංශ කියන්නේ නෑ. ඒ අංශවල අය අද…