Author: LFN
ශ්රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාල රෝහලේ ඉදිකිරීම් කටයුතු විධිමත්ව ඉදිරියට පවත්වාගෙන යන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ. මතුව ඇති ගැටලු කඩිනමින් නිරාකරණය කර ගනිමින් රෝහලේ කටයුතු ඉදිරියට පත්වාගෙන යා යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත. ශ්රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාල රෝහලේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබා දී තිබේ. රෝහලේ සැලැස්ම, පහසුකම් සහ එහි මතුව ඇති ගැටලු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව ජනාධිපති මාධ්ය අංශය සඳහන් කළේය. පවතින මානව සම්පත් හිඟය සහ මූල්ය දුෂ්කරතා පිළිබඳව නිලධාරීන් මෙහිදි ජනාධිපතිවරයා දැනුවත් කර තිබේ. පවතින සම්පත් ඵලදායීව…
දුම්රිය ප්රමාදවීම් වළක්වාගැනීමට අවශ්ය නිසි විසඳුම් ලබාදීමට දුම්රිය පාලානාධිකාරිය අපොහොසත් වී ඇති බව ශ්රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. එහි ප්රධාන ලේකම් කසුන් චාමර මහතා සඳහන් කළේ, දුම්රිය කාලසටහන් සංශෝධනය කිරීමෙන් පමණක් දුම්රිය ප්රමාදයන් වැළැක්විය නොහැකි බවය. මේ වන විට පවතින දුම්රිය ප්රමාදය හේතුවෙන් ලබන පස් වන දින සිට කැලණි වැලි දුම්රිය මාර්ගයේ දුම්රිය කාල සටහන සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. නියෝජ්ය සාමාන්යාධිකාරී ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, මෙම නව කාලසටහන හදුන්වාදීම මගින් දුම්රිය මගීන්ට සිදුවන අපහසුතාවන් යම්තාක් දුරට වළක්වා ගැනීමට හැකි වනු ඇති බවය. “මීට වසර කිහිපයකට පෙරත් දුම්රිය ප්රමාදවීමක් වාර්තා වුණා. ඒ සම්බන්ධයෙන් පාලන අධිකාරිය කටයුතු…
ආදායම් බදු වාර්තා ගොනු කිරීමට නොවැම්බර් මස 30 වන දා සිට අමතර සතියක කාලයක් ලබාදී තිබේ. අද (01) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්රකාශයක් කරමින් මුදල් රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ මහතා පවසා සිටියේ, එම කාලය තුළ කිසිදු දඩ මුදලක් අය නොකෙරෙන බවය. ප්රශ්නය – Income tax refund submit කරන මෘදුකාංගය අක්රීය වෙලා තියනවා. මේක හිතාමතා කරල ද, අක්රීය වෙලාද කියලා අපි දන්නේ නැහැ. දැන් ඊයේ නොවැම්බර් 30 දිනට තමයි මේ කටයුතු අවසන් කරන්න තිබුනේ. ඉතින් දැන් මේක අක්රීය වෙලා නිසා විශාල පිරිසක් ඉන්නවා මේ refund submit කරන්න බැරුව. මම හිතන්නේ මේ වෙලාවේ හැටියට මේකේ ඇත්ත තත්ත්වය අපි දැනගන්න කැමතියි. මේක හිතා මතා…
සමෘද්ධිය ලබාදිය යුතු විශාල පිරිසක් සිටිය ද නුසුදුසු පිරිසක් සමෘද්ධිය ලබාගැනීම හේතුවෙන් අද වනවිට සහනය ලැබිය යුතු පුද්ගලයින්ට සහන ලබාදීම ගැටලුවක් බව ජනාධිපතිවරයා පවසයි. “නුසුදුසු අය ඉවත් කළොත් සුදුසු අයට දෙන්න පුළුවන්…” යනුවෙන් අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා කියා සිටියේය. “සමහර අය අවුරුදු 20ක් විතර ඔය ලැයිස්තුවේ ඉන්නවා. ඒක කරන්න බැරිවෙනවා මෙහෙම. පළමුවෙන්ම සුදුසු අය කවුද ? අලුතින් කොහොමද ඇතුළු කරන්නේ, කියලා අපිට කරන්න සිදුවෙනවා. සමහරු බලයි ඒක දේශපාලන ක්රියාවක් විදියට. ඇත්තෙන්ම සමෘද්ධිය ලබාගත යුතු අයට ඉස්සෙල්ලා සමෘද්ධිය ලබාදෙන්න ඕනේ. සමෘද්ධියට සුදුසුකම් නැති අයව එතැනින් ඉවත් කරන්න ඕනේ. අපිට මුදල් නෑ හැමකෙනාටම ගෙවන්න. ඒ තත්ත්වය මම කියන්න ඕනේ.…
ඇෆ්ගනිස්තානයේ ආගමික පාසලක් ඉලක්ක කර සිදුකළ බෝම්බ ප්රහාරයකින් සිසුන් ඇතුළු 17 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්ය පවසයි. උතුරු ඇෆ්ගනිස්තානයේ අයිබක් නගරයේ පිහිටි ආගමික පාසලක සිදුකර ඇති එම ප්රහාරයෙන් තවත් 26 දෙනෙක් තුවාල ලබා තිබුණි. මියගොස් ඇති පිරිසෙන් බහුතරය වයස අවුරුදු 9ත් 15ත් අතර ළමුන් ය. මෙම ප්රහාරය සම්බන්ධයෙන් කිසිවෙක් වගකීම ගෙන නොමැති අතර තුවාල ලබා ඇති බහුතරයද පාසලේ සිසුන් වෙයි.
ලීසිං වාරිකය ගෙවීම ප්රමාදවීම හේතුවෙන් යතුරුපැදියක් රැගෙන යාමට පැමිණි සීසර්වරුන් විසින් තල්ලුකිරීමෙන් ඇදවැටුණු ප්රාදේශීය සභා මන්ත්රීවරියක් කළ පැමිණිල්ලක් අනුව වාද්දුව පොලීසිය පරීක්ෂණ ආරම්භකර තිබේ. කළුතර ප්රාදේශීය සභාවේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීනී ලසන්ති හේමමාලා මහත්මිය විසින් කළ පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භකර ඇතැයි පොලිසිය කීය. පැමිණිලිකාර මන්ත්රීවරිය ෆිනෑන්ස් සමාගමක් හරහා යතුරුපැදියක් ලබාගෙන ඇති අතර කොරෝනා කාලසීමාවේ වාරික කිහිපයක් ගෙවීම මගහැරී තිබී ඇත. එම වාරික වෙනුවෙන් වැඩි පොලී මුදලක් එකතුකොට එම මුදල ගෙවන ලෙස ඇයට දැනුම් දී ඇතැයි සඳහන් වේ. දඩ මුදල් එකතුකිරීම හේතුවෙන් හිඟ වාරික ගෙවීම පැමිණිලිකාර මන්ත්රීවරිය පැහැර හැර ඇති බැවින් ඊයේ (30) පස්වරුවේ සීසර්වරුන් හත් දෙනෙකු පැමිණ යතුරුපැදිය…
ලබන වසරේ විදුලි අර්බුදයට මුහුණදීම සඳහා මේ මොහොතේ සිට සැලසුම් සකස් කිරීමට බලධාරීන් පියවර නොගන්නේනම් එළැඹෙන වසරේ මාර්තු මාසයේ විශාල විදුලි අර්බුදයකට මුහුණදීමට සිදුවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්රි උදය ගම්මන්පිල මහතා පවසයි. අද (01) කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්රිවරයා මේ බව සඳහන් කළේය. “ජනවාරි මස 21 මාධ්ය හමුවක් තියලා රටට ම කිව්වා දැන් අපි අඩු පැය ගණනක් විදුලිය කැපුවොත් මාර්තු මාසයේ අග බරපතළ විදුලි අර්බුදයකට මුහුණදෙනවා කියලා. අවාසනාවට මාර්තු අග වනවිට මගේ අනාවැකිය සැබෑ කරමින් දවසකට පැය 14ක විදුලි කප්පාදුවක් පටන් ගත්තා. ඒක දරා ගන්න බැරුව ජනතාව පාරට බැස්සා. අවසානයේ දී ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවට මේ අර්බුදය…
එක්දින සේවාව යටතේ මේ දිනවල දෛනිකව විදෙස් ගමන් බලපත්ර 2,500ත් 3,000ත් අතර ප්රමාණයක් නිකුත්කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. නමුත් මීට පෙර සාමාන්යයෙන් එක්දින සේවාව යටතේ නිකුත් කර ඇත්තේ විදෙස් ගමන් බලපත්ර 1,500 පමණ ගණනකි. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (30) පැවති මාධ්ය හමුවකදී ඒ බව හෙළිකෙරිණි. එක්දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්රයක් නිකුත් කිරීමට රුපියල් 20,000ක් අයකෙරේ. එසේම යමෙක් ලබාගත් විදෙස් ගමන් බලපත්රයක් වසරක් ඇතුළත අස්ථාන ගත වුවහොත් රුපියල් 20,000ක දඩයක් අයකෙරේ.
ලංකා සතොස අත්යවශ්ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් තවදුරටත් පහත දමා තිබේ. දිවයින පුරා ඇති සියලුම සතොස අලෙවිසැල් ජාලය හරහා මෙම සහනය මහජනතාවට ලබාගත හැකිය. එම මිල අඩුකිරීම දෙසැම්බර් 01 වනදා සිට ක්රියාත්මක කෙරේ. ඒ අනුව රතු කැකුළු කිලෝ 01ක් රුපියල් 199කට, කීරි සම්බා කිලෝ 01ක් රුපියල් 225කට, බී ලූනු කිලෝ 01ක් රුපියල් 225කට, හාල්මැස්සන් කිලෝ 01ක් රුපියල් 1150කට මිලදී ගත හැකිය.
ලබන වසරේ ජනවාරි සහ ජුනි මාසවලදී පියවර දෙකකින් යළි විදුලි ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. විදුලිබල මණ්ඩල නියෝජිතයින් ආර්ථික ස්ථායීකරණය සඳහා වූ ජාතික සභා අනු කමිටුවට පවසා ඇත්තේ, දැනට මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමට නම් විදුලි බිල 70%කින් පමණ වැඩිවිය යුතු බවය. විදුලිබල ක්ෂේත්රයේ පවතින ගැටලු විසඳීමට අදාළ යෝජනා ලබාගැනීමට විදුලි බල ක්ෂේත්රයට අදාළ රාජ්ය සහ පෞද්ගලික ආයතනවල නියෝජිතයන් ඊයේ ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වූ ජාතික සභා අනු කමිටුවට කැඳවා තිබුණි. එහිදී විදුලිබල මණ්ඩල නියෝජිතයින් ජාතික සභා අනු කමිටුවට මේ බව පෙන්වා දී ඇත. පසුගිය කාලය තුළ විදුලි ගාස්තු වැඩි කළද එය විදුලි…