Author: LFN

වික්ටෝරියා ජලාශයට පැන තරුණියක් සියදිවි හානිකරගෙන තිබේ. මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ තෙල්දෙණිය රංගල ප්‍රදේශයේ පදිංචි 22හැවිරිදි වියේ පසුවූ තරුණියකි. ප්‍රේම සම්බන්ධතාවයක් මුල් කරගෙන තරුණිය සියදිවි හානිකරගන්නට ඇති බවට පොලීසිය සැකපළ කරයි. අතුරුදන් වූ තරුණියගේ සිරුර සොයා මේ වනවිට නාවික හමුදාව විසින් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

Read More

පාලකයන් මහා සංඝරත්නය සිවුරු හැඳගත් බට්ටන් ලෙස ආමන්ත්‍රණය කිරීම නුසුදුසු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවැසීය. මහා සංඝරත්නයට අපහාස කරන අයට පරාභව සූත්‍රය කියවා ගන්න ආරාධනා කරනවා යැයිද ඔහු සඳහන් කළේය. ඔහු මෙසේ පැවසුවේ ජනමාධ්‍ය විදේශ කටයුතු සහ ප්‍රවාහන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

Read More

විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ගේ සහ ලාංකික සම්භවයක් සහිත විදේශ පුරවැසියන්ගේ උදව් රටට ලබා ගැනීම සඳහා සුවිශේෂී කාර්යාලයක් ලංකාවේ පිහිටුවන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. ජනාධිපති කාර්යාලය සමඟ එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවද බාලසූරිය මහතා සඳහන් කළේය. ලක්ෂ 50ක් පමණ ලාංකිකයන් විදෙස් රට වල ජීවත් වෙන අතර ලංකාව ඔවුන්ගෙන් හරි ප්‍රයෝජනයක් ගන්නවදැයි සිතා බැලිය යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

Read More

ටයිම්ස් සඟරාව මගින් 2022 වසරේ හොඳම ඡායාරූප 100 අතරට ඉකුත් ජූලි 15 වැනිදා අරගලකරුවන් ඇතුළු වී විනාශ කරන ලද එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල නිවසේ පිහිටි කාර්යාලයේ ඡායාරූපයද එක් කොට තිබේ. ටයිම්ස් සඟරාවේ ඡායාරූප කතෘවරුන් 8 දෙනෙකු විසින් මෙම ඡායාරූප 100 තෝරාගනු ලැබ ඇත.මෙම ඡායාරූප 100 තෝරාගැනීමේ අරමුණ මෙම වසර වෙනස් සිදුවීම් වලින් පිරි වසරක් බව පෙන්වීම යැයි ටයිම්ස් සඟරාව ප්‍රකාශ කළේය.

Read More

වැලිගම පොලිස් වසමේ වැලිගම වෙරළ තීරයේදී සංවිධානය කර තිබූ ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සහ මත්පෙති ළඟ තබාගෙන සිටි සැකකරුවන් 08දෙනෙක් අත්අඩංගුවට ගෙන ති‌බේ. වැලිගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (27) අලුයම එම වැටලීම සිදුකර ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20ත් 30ත් අතර වයස්වල පසුවන වැලිගම, රනාල, තිස්සමහාරාමය, කනංකෙ, තෙලිජ්ජවිල, වංචාවල සහ බෙලිඅත්ත ප්‍රදේශවල පදිංචිකරුවන්ය. සැකකරුවන් ඊයේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරව ඇප මත මුදාහැර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

ගෝල්ෆේස් අරගලය සඳහා නිශ්චිත සැලැස්මක් නොමැති වීම හේතුවෙන් අක්‍රීය වී අංශභාග තත්ත්වයක් ඇති වූ බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි ලාල් කාන්ත මහතා පවසයි. ඔහු පවසන්නේ නිවැරදි නායකත්වයක් මෙන්ම නිවැරදි උපක්‍රම හෝ සැලසුම් නොතිබීම තුළින් එම අරගලය පසුගාමී වු බවය. නුවරඑළිය ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් කේ.ඩි ලාල් කාන්ත මහතා එම අදහස් පළ කළේය. “ගෝල් ෆේස් අරගලය හැමතැනම තිබ්බා එතැන තමා සංකේතය. ඒ අරගලය ට නිවැරදි නායකත්වයක් මඟ පෙන්වීමක් නොතිබුණා වගේම නිවැරදි උපක්‍රම, උපායමාර්ග තිබුණෙත් නෑ. ගෝඨාභය ගියාට පස්සේ ඊළඟ වැඩේ තිබුණා අරගලය ඉදිරියට ගෙනියන්න. ඊළඟ වැඩේ තිබුණේ පාර්ලිමේන්තුව. ඒක ක්‍රියාත්මක වුණේ නෑ. අංශභාග අරගලේ. ජනාධිපතිගේ බලය ඉවර කළා.…

Read More

රහසිගත ක්‍රමවේද ඔස්සේ ප්‍රමිතියෙන් තොර බාල පළිබෝධනාශක ගොවීන් අතට පත්වීම හේතුවෙන් ඉදිරි මහ කන්නය ආසාර්ථක වීමේ අවදානමක් පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන කේ.බි ගුණරත්න මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ බාල වර්ගයේ පළිබෝධනාශක හේතුවෙන් කන්තලේ වගා අක්කර 54ක පමණ භුමි ප්‍රදේශයක් මේ වන විටත් විනාශ වී ඇති බවය. මෙම පළිබෝධනාශකයන් හි බලපෑමෙන් ඉදිරි මහ කන්නයේ අස්වැන්න සියයට 10කින් පමණ අඩුවීමේ අවදානමක් පවතින බව අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන කේ.බි ගුණරත්න මහතා සඳහන් කළේය.

Read More

අමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ මොන්ට්ගොමරි නගරයේ විදුලි රැහැන් සහිත කණු මතට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටී සිදුවු අනතුරකින් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි වී තිබේ. අනතුරින් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුවු වී නොමැති බව විදෙස් වාර්තා සඳහන් කළේය. කෙසේවෙතත් විදුලි රැහැන් සහිත කණු මතට ගුවන් යානයක් කඩා වැටීම හේතුවෙන් ප්‍රාන්තය පුරා නිවාස හා ව්‍යාපාරික ස්ථාන 90,000කට අධික සංඛ්‍යාවකට විදුලිය විසන්ධි වී තිබේ. අයහපත් කාලගුණික තත්ත්වයෙන් සිදුවු බලපෑම මත සැහැල්ලු ගුවන් යානය මෙලෙස කඩාවැටී ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

ජංගම දුරකථන හා ඩේටා ගාස්තු සඳහා යම් සහනයක් ලබාදීම කෙරෙහි රජයේ අවදානය යොමු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසයි. අද (28) පාර්ලිමේන්තුවේ දී අයවැය තෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ දුරකථන හා ඩේටා ගාස්තු ඉහළ යෑම ජනතාවට විශාල බලපෑමක් එල්ල කර ඇති බවය. “අද බොහෝදෙනෙක් රූපවාහිනිය නරඹන්නේ, ගීත අහන්නේ, සමාජ මාධ්‍ය පරිහරණය කරන්නෙත් අධ්‍යාපනය ලබන්නෙත් බොහෝවිට ජංගම දුරකථනවලින් හා ඩේටාවලිනි. ඒක මෑත කාලයේ දී බොහෝම පැහැදිලියි. ජංගම දුරකථන ගාස්තු සහ ඩේටා ගාස්තු මේ වනවිට විශාල වශයෙන් ඉහළ ගොස් තියෙනවා. ඒ නිසා ජංගම දුරකථන ඔස්සේ සමාජ මාධ්‍ය භාවිත කරන්නන් විශාල අපහසුතාවයකට පත්වෙලා තියෙනවා. ඒ නිසා ජංගම…

Read More

අමාත්‍ය වරයෙකු වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් අයතා ලෙස අත්පත් කරගත්තේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ මූලික විරෝධතාවලට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා ජනවාරි මස 16 වනදාට පෙර ගොනුකරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ. මෙම නඩුව අද (28) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා මීට පෙර දින මූලික විරෝධතාවක් මතු කරමින් අල්ලස් පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රජයේ සේවකයින් වශයෙන් අර්ථකථනය කර නොමැති හෙයින් එම පනත යටතේ තම සේවාදායකයාට නඩු පැවරීමට හැකියාවක් නොමැති බවට…

Read More