Close Menu
Lanka Focus News
    What's Hot

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදුලි ගාස්තුව ඉහළට
    Featured

    විදුලි ගාස්තුව ඉහළට

    By LFNDecember 1, 2022No Comments1 Min Read216 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලබන වසරේ ජනවාරි සහ ජුනි මාසවලදී පියවර දෙකකින් යළි විදුලි ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    විදුලිබල මණ්ඩල නියෝජිතයින් ආර්ථික ස්ථායීකරණය සඳහා වූ ජාතික සභා අනු කමිටුවට පවසා ඇත්තේ, දැනට මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමට නම් විදුලි බිල 70%කින් පමණ වැඩිවිය යුතු බවය.

    විදුලිබල ක්ෂේත්‍රයේ පවතින ගැටලු විසඳීමට අදාළ යෝජනා ලබාගැනීමට විදුලි බල ක්ෂේත්‍රයට අදාළ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල නියෝජිතයන් ඊයේ ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වූ ජාතික සභා අනු කමිටුවට කැඳවා තිබුණි.

    එහිදී විදුලිබල මණ්ඩල නියෝජිතයින් ජාතික සභා අනු කමිටුවට මේ බව පෙන්වා දී ඇත.

    පසුගිය කාලය තුළ විදුලි ගාස්තු වැඩි කළද එය විදුලි බල මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමට ප්‍රමාණවත් නොවන බැවින් 2023 වසරේ ජනවාරි සහ ජුනි මාසවලදී පියවර දෙකකින් විදුලි ගාස්තු වැඩි කිරීමට මේ වනවිට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා පවසා තිබේ.

    ඔහු වැඩිදුරටත් ජාතික සභා අනු කමිටුවට දැනුම් දී ඇත්තේ කැබිනට් අනුමැතිය හිමිවූ විදුලි ගාස්තු වැඩිවීම සම්බන්ධයෙන් වූ යෝජනා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය සඳහා යොමු කිරීමට නියමිත බවය.

    මේ අතර නිවේදනයක් නිකුත් කරමින් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසන්නේ විදුලි බිල යළි වැඩිකිරීමක් පිළිබඳ මහජන උපයෝගිතා කොමිසම මෙතෙක් සලකා බලා නොමැති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 202604 Views

    මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවන රන්දෝලි පෙරහර අද (25) වීථි සංචාරය කිරීමට…

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.